latest articles life

සැමියා/පෙම්වතා ඔයාට ඇත්තටම ආදරය කරනවා නම් අනිවාර්යෙන්ම​ ඔහු ඔබ වෙනුවෙන් කරන දේවල් 5ක්

ආදරයයි ආකර්ෂනයයි කියන්නේ අපි හැම වෙලේම වගේ පටලවා ගන්න මාතෘකා දෙකක්. ගොඩක් වේලාවට වෙන්නේ කෙනෙක් ගැන ඇතිවෙන ආකර්ශනයක් ආදරය කියලා වරදවා වටහා ගන්නා එක. කෙනෙක් එක්ක ජීවිතය ගෙවන්න ගියාම තමයි තේරෙන්නේ ඒ ඇත්තටම ආදරය නෙවෙයි කියලා. ගැහැණු පිරිමි කියලා භේදයක් නැතුව ඕනෑම කෙනෙක්ට ඉහතින් සඳහන් කළ කාරණාව හොඳටම අදාලයි. හැබැයි තමන්ට අනිත් කෙනා ගැන තියෙන්නේ ආදරයක්ද එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ආකර්ශනය්ක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාව තමන්ට දැනෙන හැටියෙන් සහ තමන් ඒ කෙනා වෙනුවෙන් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ මොනවද කියන එකෙන්. ඉතින් අපි ඔබට ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ තමන් ආදරය කරන කාන්තාව වෙනුවෙන් පිරිමින් ඇත්තටම කරන්න කැමති දේවල් කිහිපයක් පිළිබඳවයි.

1.ඔහු ඇය කියන ඕනෑම දේකට කන් දෙනවා 

මේ කියන්නේ ඇහුම්කන් දෙනවා වගේ පෙන්වීම ගැන නම් නෙවෙයි. තමන් ආදරය කරන කෙනෙක් කියන හැම දෙයක්ම අපිට වැදගත් වෙනවා. අන්න ඒ නිසා පිරිමියෙක් ඇත්තටම කාන්තාවකට ආදරය කරනවා නම් ඇය පවසන දේවල් ඇයට පැවසීමට ඇති දේවල් මෙන්ම ඇයගේ අවවාද හා උපදෙස් ලබාගැනීම කෙරෙහි සැලකිල්ලක් දක්වනවා.

2.තර්ක කිරීම හා වාද කිරීම 

 ආදරය කරන කෙනෙක් එක්ක තර්ක කරගන්නයි වාද කරගන්නයි යනවාද. උත්තරය ඔව් නම් අපි ආදරය කරන අය එක්ක තමයි වැඩිපුරම තර්ක කරන්නේ. හැබැයි මේ තර්ක වෛරයෙන් පිරුණු තරහ පිරුණු ඒවා නම් නෙවෙයි. බොහොම සුන්දරයි. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි හැමතිස්සෙම රණ්ඩුවට යන එක බැනගන්න හදන එක ආදරය පෙන්වන ක්‍රමයක් නෙවෙයි කියන එකත්. සමහරු එහෙමත් හිතාගෙන ඉන්නවනේ.

3.ඔහුගේ අදහස් වෙනස් කරගන්න පෙළඹෙනවා 

 පිරිමියෙක් කියන්නේ කොයිතරම් මුරණ්ඩු අහංකාර කෙනෙක් වුණත් තමන් ආදරය කරන කාන්තාව ඉස්සරහදී මුරණ්ඩුකම සහ අහංකාරකම පැත්තකින් තියනවා. මේ දේවල් තමන්ගේ සිතින්මයි ඇතිවෙන්නේ. මොකද තමන් ආදරය කරන කාන්තාව වෙනුවෙන් තමන්ට කැපකිරීමක් කරන්න ඔවුන්ට අවශ්‍ය නිසයි.

4.ආදරය කරන කාන්තාව වෙනුවෙන් සටන් කරනවා 

තමන් ආදරය නොකරන සැලකිලිමත් නොවන කෙනෙක් තමන් ලඟ තියාගන්න සටන් කරන්න පිරිමියෙක් කීයටවත් පෙළඹෙන්නේ නැහැ.එසේ නමුත් තමන් ආදරය කරන කෙනෙකු වෙනුවෙන් නම් පිරිමියෙක් ජීවිතය පූජා කරන්න වුණත් සුදානම්. මොකද තමන්ගේ ආදරය කෙසේ හෝ තමා සතු කරගැනීමටයි.

5.ආදරය කරන කාන්තාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා 

 ආදරය කරන කාන්තාව එක්ක තමන්ගේ සිහින බෙදාගන්න, ජීවිතය සැලසුම් කරන්න , විනෝද වෙන්න පිරිමියෙක් කැමතියි. ඇයගේ සතුට ඇයගේ සිනහව ඔහුට ඉතාම වැදගත්. ඒ වගේම මොන බාධක ආවත් ආදරය කරන කාන්තාව තමන් ලඟින්ම තියාගන්න පිරිමින්ට අවශ්‍යයි.