beauty latest articles

ටූත්පේස්ට් භාවිතා කර කලහැකි රූපලාවන්‍ය සත්කාර 4ක්

දන්තාලේප පාවිච්චි කරලා අපේ ලස්සන තවත් වැඩි කරගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? ඉතිං අද අපි මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ Toothpaste පාවිච්චි කරලා ලස්සන වෙන්න පුළුවන් ක්‍රම හතරක් ගැනයි. 

1.නියපොතු සදහා

මේකෙදි ඔයාට පුලුවන් Toothpaste පාවිච්චි කරලා ඔයාගේ නියපොතුවල අවපැහැය ඉවත් කරලා ඉතාමත් පිරිසිදු සහ දීප්තිමත් කරගන්න. ඒකට ඔයා මුලින්ම කරන්න ඕන Toothpaste ටිකක් අරගෙන Cotton pad එකකින් ඔයාගේ නියපොතු උඩ  ආලේප කරන්න. ඒ විදියට ආලේප කරලා නියපොතු මත මේ toothpaste ටික හෙමීට පිරිමදින්න. මේ විදියට මිනිත්තු කීපයක් කරාට පස්සේ කූල් වතුරෙන් නියපොතු පිරිසිදු කරගන්න.  ඉතින් මේ විදියට toothpaste පාවිච්චි කරලා මෙනිකියු එකකින් ලැබෙන ප්‍රතිඵලය ගෙදරදීම ලබා ගන්න පුළුවන්. 

2. කුරුලෑ සහ ලප කැලැල් සදහා

ඔයාගේ කුරුලෑ සහ ලප කැලැල් තියෙන තැන්වල Cotton bud එකක් අරගෙන ඒකට toothpaste ටිකක් අරන් ඒ තැන්වල ආලේප කරන්න. ඒ විදියට විනාඩි තුනක් හතරක් වගේ තියලා කූල් වතුරෙන් සෝදා ඉවත් කරගන්න. මෙය දිනපතාම කුරුලෑ ලප කැලැල් මත ආලේප කරන්න පුළුවන්.  හැබැයි ඔයාට තියෙන්නේ සංවේදී සමක් නම් මේක කරන්න යන්න එපා. ඉතාමත් හොදින් කුරුලෑ සහ ලප කැලැල් ඉවත් කරගන්න මේ ක්‍රමය මගින් පුළුවන්.

3.බ්ලැක් හෙඩ්ස් සඳහා

ගොඩක් දෙනෙක්ගේ  බ්ලැක් හෙඩ්ස් තියෙන්නෙ නහය උඩයි. ඉතින් ඔයාට පුලුවන් Toothbrush  එකකට Toothpaste පොඩි ප්‍රමාණයක් අරගෙන ඔයාගේ නහය උඩ ආලේප කරල හෙමිහිට කවාකාරව බ්ලැක් හෙඩ්ස් තියෙන්නෙ තැන්වල බ්‍රෂ් කරන්න.  මේක ගොඩක් තද කරලා කරන්න යන්න එපා. මේක ඉතාම සාර්ථක ක්‍රමයක්. විනාඩියක් විතර බ්‍රෂ් කළාට පස්සෙ කූල් වතුර පාවිච්චි කරලා සෝදා ඉවත් කර ගන්න. 

4.  තොල් සඳහා

Toothpaste පොඩි ප්‍රමාණයක් අරගෙන ඔයාගෙ lips වල ආලේප කර Toothbrush එකක් ආධාරයෙන් හෙමිහිට ස්ක්‍රබ් කරගන්න.  අත තද කරලා හයියෙන් මේක කරන්න යන්න එපා. ඉතාමත් පරිස්සමින් හෙමිහිට තමයි මේක කරන්න ඕන. මොකද ඕනාවට වඩා තදකරල කළොත් සමට හානි වෙන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාගෙ lips තියෙනවටත් වඩා කළු වෙන්න පුළුවන්. මේකෙන් ඔයාගෙත් තොල් වල මැරුණු සම ඉවත් වෙලා lips වලට හොඳ පිරිපුන් සින්දු බවක් ලබාදෙනවා.