latest articles life

ඔබේ ජීවිතය වෙනස් කිරීමට උදව් වෙන සරල පුරුදු 6ක්

ඔබ දන්නවාද ඔබගේ එදිනෙදා ජීවන රටාව තුළින්ම ඔබේ ජීවිතය ධනාත්මකව වෙනස් කළ හැකි බව? ජීවිතයට වෙනසක් අපේක්ෂාවෙන් ඉන්න කාටත් එය තමන්ගේ සුපුරුදු ජීවන රටාවෙන්ම ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ ඇතැම් පුරුදු ප්‍රයෝජනවත් ඒවා බවට පත්කර ගැනීම පමණයි. ඔබේ  ජීවිතය වෙනස් කිරීමට සමත්වන ප්‍රයෝජනවත් සරල පුරුදු කිහිපයක් ගැනයි  මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ. 

1.ලෙමන් මුසුකළ වතුර වීදුරුවක් පානය කරමින් දවස පටන් ගන්න. මෙය සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලට හිතකරයි. ලෙමන් වල විටමින් C අඩංගු බැවින් එය සිරුරේ ප්‍රතිශක්තියට ගුණදායකයි. මෙමගින් සම නිරෝගී වීමටත් හිතකර ප්‍රතිලාභ ලබාදෙයි. 

2.අයිස් කැට වලින් මුහුණට සත්කාරයක් ලබාදෙන්න. උදෑසන පිරිසිදු කරගත් මුහුණ මත අයිස් කැට දෙකක් පමණ ආලේප කරන්න. එය සමේ රැලි වැටීම් දුරු කිරීමට උපකාරී වෙනවා. සමට නැවුම් ප්‍රාණවත් බවක් ලැබෙන අතර නිරෝගීව වර්ධනය වීමට හිතකර වෙනවා. 

3.ගමන් බිමන් යනවිට සැහැල්ලු ස්නැක් වර්ගයක් ඔබ ලඟ තබා ගන්න. මේ සඳහා  බිස්කට්, චොක්ලට් වැනි ආහාර වෙනුවට  පලතුරු, යෝගට් වැනි අතුරු ආහාරයක් ලබා ගැනීම ඉතා සුදුසුයි. 

4.උණුසුම් සහ ශීත ජලය මාරුවෙන් මාරුවට ස්නානය කරන්න. මෙය contrast bath ලෙස හඳුන්වන අතර මෙමගින් ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීම, රුධිර නාල සවිමත් වීම, varicose නහර ඇතිවීම වැළැක්වීම වැනි සිරුරට හිතකර ප්‍රතිලාභ ලබා දෙනවා. 

5.වතුර බෝතලයක් තබාගන්න. සිරුර විජලනයෙන් වළක්වා ගැනීමට හොඳට වතුර පානය කළ යුතු වෙනවා.  තේ, කෝපි, කාබනේට් බීම වර්ග පානය කිරීමට වඩා ජලය පානය කිරීම සෞඛ්‍යාරක්ෂිතයි.  ඔබ යන එන විට පානීය ජලයේ බෝතලයක් රැගෙන යාම වගේම වැඩ කරන මේසය මත වතුර බෝතලයක් තබාගැනීම පුරුද්දක් කරගන්න.

6.දිනපතා පොත්පත් කියවීමට කාලයක් වෙන් කරවා ගන්න. පොත්පත් කියවීම ඔබගේ මතක ශක්තිය, තර්කානුකූල හා පරිකල්පන හැකියාව වැඩිදියුණු කරවනවා. දිනපතා පොත් කියවීම alcimus සහ  dementia වැනි මොළයේ ආබාධ ඇතිවීම මන්දගාමී කරවනවා.