Celebrity Gossip

දෙමළ කෙල්ලෙක් විදියට ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටේ නම ඔසවා තබන්න හැකිවුන එක ගැන සතුටුයි-නිරංජනී ෂන්මුගරාජා

අපේ රටේ බිහි වූ ඉතා ලස්සන සිනමා නිර්මාණයක් තමයි සුනාමි කියල කියන්නේ. සුනාමි සිනමා නිර්මාණය තුලින් හැමෝම වගේ හඳුනාගත් චරිතයක් තමයි නිරංජනී ෂන්මුගරාජා කියන්නේ. පසුගියදා ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සුනාමි චිත‍්‍රපටිය වෙනුවෙන්ද එමෙන්ම එහි රංගනයෙහි නිරත වුණු දර්ශනීගේ චරිතය රගපාන ලද නිරංජනී ශම්මුගරාජා හොඳම නිළිය ලෙස bayelsa සම්මාන උළෙලෙහි හොඳම නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවුණා.ඉතින් ඒ පිළිබදව වගේම ඇයගේ තොරතුරු ගැන ඇය පසුග්‍ය දිනයක කියා තිබුනා. එහිදී ඇය දැක්වූ අදහස් මෙසේය​.

ඇත්තටම කිව්වොත් සුනාමි හින්දා දෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයක් හිමිවීම සතුටක්. ලාංකීය සිනමාව කියලයි මම අපේ සිනමාවට කියන්නෙ. දමිළ කෙල්ලෙක් විදියට රට ඔසවා තබන්න හැකිවීම සතුටක්. මේක මම ලබපු ජයක් විතරක් නෙවේ. ශ‍්‍රී ලංකාවම ලබපු ජයක්.පෞද්ගලිකව මගෙ වගකීමක් තියෙනව හැමෝටම දැනෙන දෙයක් කරන්න. අර කලින් කියපු අය නැත්නම් ක්ෂේත‍්‍රයට එන්නත් බෑ.

මම වගකීම දැනගෙන කටයුතු නොකර නම් මෙතනට එන්නත් බෑ. ඒකට දක්ෂතාව බලපෑවා. මම දෙමළ නිළියක් වුණත් මාව පිළිගන්නෙ ඒ නිසා. පේ‍්‍රක්ෂකයන් අපිව පිළිගන්න ඕනා ආදරය වගේම මම රඟපාපු චිත‍්‍රපටියක් බලන එක තමයි හරිම පේ‍්‍රක්ෂක ආදරය කියන්නෙ. ඒ චිත‍්‍රපටිය වෙනුවෙන් මහන්සි වෙච්ච අයට සාධාරණයක් වෙනව. මම නිතරම ඒ ඉල්ලීම පේ‍්‍රක්ෂකයන්ගෙන් කරනව.

මම පෞද්ගලිකව සුනාමි අත්විඳල නෑ. මම ටීවී පුවත්පත් දැකල වේදනාව වින්ද. සුනාමිවල රඟපෑම නිසාම මට ඒක ලොකුවට දැනුන. තමන්ගෙ පවුල අන්තිම හුස්ම යනකන් අත නොහැර යෑම කියන දේ දැනුන. අපි කොච්චර දක්ෂ වුණත් හරි අධ්‍යක්ෂවරයෙක් නැත්නම් ඉස්සරහට එන්න බෑ. මං කතා කරද්දි සෝමරත්න දිසානායක අධ්‍යක්ෂකතුමා වගේම මාව හසුරවපු හැම අධ්‍යක්ෂවරයටම ස්තුතිය පළ කරනව.සුනාමි චිත‍්‍රපටියේ මගෙ චරිතය සාර්ථක වෙන්න සෝමරත්න දිසානායක මහත්මයට වගේම ඒ මගපෙන්වීම ගැන රේණුකා බාලසූරිය මහත්මියටත් මම ස්තුතිවන්ත වෙනව.කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුනේ.