Celebrity Gossip

මට විවේකයක් ලැබුණොත් ට්‍රැවල් කරන එකම තමයි කරන්නේ-රුවන්ගි රත්නායක

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රුවන්ගි රත්නායක කියන්නේ. ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇයට තරුණ තරුණියන් බොහෝ සේ ආදරය කරනවා.පුංචි තිරය වගේම සිනමාවත් එකලෙසින්ම ජය ගැනීමට සමත්වූ දක්ෂ නිලියක් ලෙස ඇය හැදින්වුවට වරදක් නැත. විවාහ වුන රුවන්ගි දැන් ඉතාමත් සතුටින් නිදසේ ජිවිතේ ගතකරනවා කියන දේ කවුරුත් දන්නවා. ඉතින් ඇය එක්තරා පුවත්පතක සාකච්ච්ජාවකට එක්වෙමින් ඇයගේ අලුත්ම තොරතුරු පිළිබදව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කරලා තිබුනා.

මේ දවස්වල අලුත් තොරතුරු තමයි එක්තරා නාලිකාවක ටෙලිනාට්‍යයක වැඩ කටයුතු පටන් ගත්තා. ඊට අමතරව නම් ගෙදරට වෙලා විවේකීව ඉන්නවා.මම ට්‍රැවල් කියන දේට ගොඩාක් ආසයි වගේම ආදරය කරනවා.කුඩා කාලයේ ඉඳන්ම ඇවිදින එක කළා. නමුත් ඒ කාලයේ අපිට යම්කිසි සීමාවක් තියෙනවා. නමුත් දැන්නම් එහෙම නෑ. මම විවේකයක් ලැබුණොත් ට්‍රැවල් එකක් කරනවා.මම ලංකාවෙ ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා. ඒ වගේම විදෙස් සංචාරත් කිහිපයක්ම කරලා තියෙනවා. ඒ අතරින් මම වඩාත්ම කැමති ඩුබායි වල කරපු සංචාරයට.

මම ඩුබායි ගමන ගියේම ෂොපින් කරන්නයි. ඒ විතරක් නෙවෙයි ලස්සන ලස්සන තැන් කිහිප තැනකටමත් යන්න පුළුවන් වුණා. මම පිටරට සංචාරයක් කළොත් ඒ සංචාරයේදී ෂොපින් කියන දේ මට ඕනි විදිහට කරන්න පුළුවන් වුණොත් තමයි ඒ ගමන සම්පූර්ණ වෙන්නෙ. ඒ නිසා තමයි මම ඩුබායි ගමන ආසා කරන්නේ.ම වැඩිපුර කැමති මුහුද ආශ්‍රිත තැන්වලට යන්න. ඒ කියන්නේ පහතරට ප්‍රදේශවල වගේ. එක දිගට වැඩකරලා විවේකයක් අවශ්‍ය වුණොත් මම මාතර, ගාල්ල, හික්කඩුව, උණවටුන වගේ පැතිවලට තමයි යන්නේ.මම හිතන්නේ ට්‍රැවල් කියන්නේ අපි කැමති අය සමඟ ඇවිදින්න යන එකම කියලයි.

ඒ දේ මටනම් අත්‍යවශ්‍ය දෙයක් කියලා තමයි හිතෙන්නේ. ඒ මම ට්‍රැවල් වලට ආදරය කරන නිසායි. ගොඩක් වෙලාවල්වලට අපි වැඩි හරියක් ඉන්නේ කොළඹ ගෙවල් ඇතුළටම වෙලායි. ඒ නිසා දුර පැත්තකට ගිහිල්ලා ඇවිදලා නිදහසේ ඉඳලා එන එක මට නම් අත්‍යවශ්‍යයි කියලා හිතෙනවා.මට ලොකු ආසාවක් තියෙනවා ග්‍රීසියට යන්න. ඒකට හේතුව තමයි මම අහලා තියෙනවා ග්‍රීසිය ගොඩක් ලස්සන රටක් කියලා. ඉතින් මම මගේ මහත්තයත් එක්ක ග්‍රීසියට යන්න ආසාවෙන් තමයි ඉන්නේ.කියලයි ඇය කියා තිබුනේ.