Celebrity Gossip

අවුරුදු 70ක් තිස්සේ හරක් එකතු වෙලා රට කාලා තියෙන්නේ.මාත් ට්‍රයි කරන්නේ කෝමහරි මේ රටින් යන්න – ශිහාන් මිහිරංග​

ශිහාන් මිහිරංග නම කියූ සැනින් ඔබට ඔහු හඳුන්වා දීමට අටුවා ටිකා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද​ රූපවාහිනි රියැලිටි සංගීත වැඩසටහන් වලින් ලොවක් හඳුනාගත් ඔහු, අදට ද පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය කලා කරුවෙක්.ඒ කාලයේ රටේම ජනප්‍රිය වැඩ සටහනක් උනා සුපර්ස්ටාර් පළවෙනිම වැඩසටහනින් තමයි අද රටේම ආදරේ දිනාගත් ශිහාන් මිහිරංග ගායකයෙක් ලෙස ලංකාව දැනගත්තේ.ඒ කාලේ ශිහාන් කිව්වාම ගැනු ලමයින්නම් වශීවෙලා වගේ හිටියේ.එක අදටත් එහෙමයි හැබැයි දැන්නම් ශිහාන් විවහා වෙලා බබාලා දෙන්නෙකුත් ඉන්න. ෂෙහාන් විවාහ වෙන්නෙත් කාලයක් තිස්සේ ඔහු ආදරය කරපු ආදරණීය පෙම්වතිය සමඟයි.

බොහෝ ගැහැණු ලමුන් ඔහුට විවාහ යෝජනා කලත් ශිහාන් මිහිරංග තමන්ගේ ආදරය අමතක කරන්නේ නැහ. එය නිසාම තමයි අදටත් ඔහු වටා සොඳුරු ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වෙලා සිටින්නේ.වා.රියැලිටි වේදිකාවක් තුළින්  සංගීත ක්ෂේත්‍රයට පැමිණිලා අද වෙනකොට තරු බිහි කරන රියැලිටි වේදිකාවක විනිසුරුවරයෙක් දක්වා පැමිණි අපූරු චරිතයක් තමයි ෂෙහාන් මිහිරංග. ඔහු මේ වන විට ගායන ශිල්පියෙක් විදිහට අපූරු ගමනක්  ඇවිත් තිබෙනවා. ඉතින් පසුගිය දවසක ඔහු  හිරු ස්ටාර් වේදිකාව තුළ ගායනයක් ඉදිරිපත් කරපු තරඟකාරියකට  එකට අපූරු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා.ප්‍රසිද්ධ නාලිකාවක ප්‍රසිද්ධ වැඩසටහනකදී මේ ආකාරයෙන් ප්‍රකාශයක් කිරීම නිසාඅ එය සමාජ මාධ්‍ය තුල පවා ඉතා වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් එහිදී ශිහාන් කියා තිබුනේ මේ ආකාරයේ කතාවක්.

අම්මයි දුවයි තාත්තත් එක්ක ලංකාවේ හිටියා නම් හොඳයි.ඒත් ඉතින් කටක් ඇරලා තාත්තට කියන්නේ කොහොමද ඩුබායි අත ඇරලා ලංකාවට එන්න කියලා.රටක් නෑනේ.අවුරුදු 70ක් තිස්සේ හරක් ඉදලා රට කාල තියෙන්නේ.මගේ තාත්තත් 96 ඉදං ලංකාවෙ නෑ.මොකද මේ රට ඇතුලේ ඉඳගෙන පුතාට දුවට කන්න දෙන්න බැරි හින්දා.ඒ දවස්වල නම් තාත්ත රට හිටියාම හිතුනා ඒක හරි ලොකු දෙයක් කියලා.ඉස්කෝලෙ ගිහින් කියන්න පුළුවන් කියලා.රටේ ඉන්න හැම තාත්තට ම බෑනෙ සතියකට සැරයක් රට ඉදන් ඇවිත් පුතා දුව බලල එන්න.එහෙම පුළුවන් පවුල් ටිකට විතරක් පුතා දුව රට යවලා ගිහිල්ල බලල එන්න පුළුවන් ටක් ගාලා ප්ලේන් එකක් අරගෙන.ඒක නිසා පුතා ඔයා තාත්තගෙන් එක දෙයක් ඉල්ලන්න.

පුළුවන්නම් ඔයාලවත් එහෙට ගන්න කියන්න.මේ ළමයින්ට උත්තරයක් නෑ.අපිට අපේ අම්මා තාත්තා ඉගැන්නුවෙත් මේක දියුණු වෙමින් පවතින රටක් කියලා.මේක මේ රටේ වරදක් නෙවේයි.පිල් තුන හතරක් එකතු වෙලා රට කෑවා.ඒක තමයි ඇත්ත.මමත් ට්‍රයි කරන්නෙ කොහොම හරි මේ රටෙන් පිටවෙන්න.සංවේදී වු ඔහු මේ ආකාරයෙන් තමයි වේදිකාව තුළ තමන්ගේ කටහඬ අවදි කළේ. ඔහු අවසාන වශයෙනුත් සඳහන් කළේ බලය ලැබුණු බොහෝ පාලකයන් ඒ බලය අනිසි ලෙස පාවිච්චි කරමින් වසර 70 ක පමණ කාලයක් තිස්සේ මේ රට විනාශ කල එක පමණක් සිදු කර ඇතැයි කියලයි