Celebrity Gossip

මම ආදරේට එයාට කියන්නේ ලක්ස් කියලා -පැතුම් රුක්‍ෂාන් තම බිරිඳ ගැන කියූ කතාව​

පැතුම් රුක්‍ෂාන් කියලා කියන්නේ කලා ක්‍ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අපට ඔහුව මේ දිනවල දිවිතුරා නාට්‍යය තුළින් වගේම හිරු නාලිකාවේ ‘ජල්ලි ජකිරි’ වැඩ වැඩසටහනේ නිවේදකයෙකු ලෙසත් දැකගන්න ලැබෙනවා. මීට අමතරව PR සැලොන් නමින් තමාගේම ව්‍යාපාරයකුත් කරගෙන යන ඔහු පහුගිය දා විවාහ ගිවිස ගත්තා. ඉතින් ඔහු අලුත් ජීවිතේ ගැන පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා මේ විදියට කතාබහ කර තිබුණා.

කලා කටයුතු අස්සේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න පටන් ගත්තු එක ගැන ඔහු කියා තිබුණේ මෙහෙමයි. “මම විවාහ ගිවිස ගත්තා. ඒක සිද්ධ වුණේ කොවිඩ් තත්වය තිබියදීමයි. දැන් වයසත් හරි නිසා තවත් මොකටද කල් දාන්නෙ කියලා හිතුවා.”

පැතුම්ට ඒ ආදරය හමු වුණු ආකාරය ගැන මෙහෙම කියලා තිබුණා. “අපි දෙන්නාගේ ආදර සම්බන්ධතාවය පටන්ගත්ත ගත්තෙ 2012දී විතර. එතකොට මම රංගනයට ඇවිත් හිටියෙ නැහැ. හැබැයි නිරූපණ ශිල්පියෙක් ලෙස කටයුතු කරමින් හිටියේ. ඒ කාලෙදි තමයි ඇයව මට මුලින්ම හමු වුණේ. ඒ හමුව ආදරයක් බවට හැරී අන්තිමට විවාහය දක්වා දුරදිග ගියා.”ඇයගේ විස්තර පිළිබඳව ඔහු තවදුරටත් කියලා තිබුණා. “ඇගේ නම් ලක්‍ෂාණි. ඒත් මම ආදරේට එයාට කියන්නේ ලක්ස් කියලා. ඇය ගණකාධිකාරීවරියක්. හැබැයි මෙහෙ නෙවෙයි හිටියේ. කැනඩාවල හිටියේ. හොඳට ඉගෙනගෙන එහේ හැකියාව කරමින් හිටපු එයා මම වෙනුවෙන්ම ලංකාවට ආවා.”  

පැතුම්ගේ කැනඩාවට යාමේ අදහස ගැෙනත් ඔහු කියලා තිබුණා. “තවම කැනඩාවට යන එක ගැන හිතලා නෑ. කොහොමටත් ලක්ස්ට එහි පුරවැසිභාවය තියෙනවා. නමුත් මගේ රංගන කටයුතු සහ ව්‍යාපාර කටයුතු තියෙන්නේ ලංකාවේ නිසා මගේ නම් තවම එහෙම අදහසක් නැහැ.”ලක්ස්ගෙන් ලැබෙන ආදරය ගැන පැතුම් විග්‍රහ කරලා තිබුණේ මෙහෙමයි. “ඇත්තටම මම හරි ලකී. එයා ටිකක් වෙනස් චරිතයක්. කිසිම දෙයක් ගැන වැරදියට තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි. හොඳ සුබවාදී  ආකල්ප තියෙන ගෑනු ළමයෙක්. ඒ වගේම දේ එක්ක ආදරේ වැඩි වෙනවා. ඇය කෙරේ එන්න එන්න ආදරේ වැඩි උනේ ඒ දේවල් එක්කයි.”

පැතුම් දිගටම රඟපානවාට ලක්ස්ගේ ඇති කැමැත්ත පිළිබඳවත් කියලා තිබුණා. “මම කිව්වානේ එයා හරිම සුබවාදීව හිතෙන කෙනෙක්. මම රඟපාන දේ හරිම ආශාවෙන් නරඹන කෙනෙක්. සමහර වෙලාවට මම රඟපාන්න අදිමදි කරද්දි එයා මාව දිරිගන්වනවා ඔයා ගිහින් හොඳට ඒ වැඩේ කරල එන්න කියලා.”  පැතුම්ට අද මේ ගෙවන අලුත් ජීවිතේ ගැන දැනෙන දේ පිළිබඳව කියලා තිබුනේ මෙහෙමයි. “හරිම වෙනස්. හරිම සුන්දරයි. මම තනියම ජීවත් වෙච්ච කෙනෙක්. දැන් තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න වෙලා. ඒක තනිකඩ ජීවිතේට වඩා හරි වෙනස්. ඉක්මනට ගෙදර යන්න, එයා එක්ක වැඩිපුර කාලය ගත කරන්න දැන් මම හුරුවෙලා.” කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුනේ.