Celebrity Gossip

මම මීට කළින් කවදාවත් දිය රෙද්දක් ඇදලා නැහැ – ශ්‍රීමාලි ෆොන්සේකා

ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ ඉන්න රූ රැජිනක්. 2012 විවාහක රූ රැජින කිරුළේ හිමිකාරිය වන්නේ ඇයයි. ඒ සමගින්ම ඇය ගැන සොයන්න හැමෝම උනන්දු වුනා. යට බොහෝ දෙනාගේ ආදරයද ලැබුනා කිවුවොත් නිවැරදියි. ඒ වගේ රූ රැජින ජයග්‍රහණ රැසක් ඇය අප රට වෙනුවෙන් ලබාගෙන තිබෙනවා. සුනද්‍ර්ත්වයෙන් ලොවක් වසගයට සුරුපිනිය දැන් ජනප්‍රිය නිළියක්ද වනවා. විවිධ චරිත හරහා සිය රංගන කුසලතාවන් එළිදැක්වූ ඇය මේ වන විට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලබන අති දක්ෂ රංගන ශිල්පිනියක්ද වනවා.මේ දිනවල රඟපාන සකර්ම ටෙලිනාට්‍යයේ චරිත ගැන වගේම ඇයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැන ඇය පසුදිය දිනයක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් අදහස් ප්‍රකාශ කරලා තිබුනේ මේ ආකාරයෙන්.

ඇත්තටම සුමාලි චරිතය මට නම් ටිකක් අමුතුයි. මොකද මම ජීවත් වුණේ නාගරික පරිසරයේ… ඊට පස්සේ ඇමරිකාවේ. මෙතෙක් රඟපෑවේ නාගරික යුවතියකගේ චරිත. ප්‍රථම වතාවට තමයි දුක්විඳින ගමේ ගැහැනියක් ලෙස රඟපාන්නේ. ඇත්තටම සුමාලිගේ චරිතය මට​ ලොකු අභියෝගයක්. මුලින්ම මම බැහැ කියලා කිව්වේ. නමුත් අධ්‍යක්ෂතුමා කිව්වා මට ඒ චරිතය කරන්න පුළුවන් කියලා. මුලින්ම රඟපාන්න තිබුණේ දිය රෙද්දක් ඇඳලා නාලා එන දර්ශනයක්. මම දන්න විදිහට ඇවිදගෙන ආවා. එත‍කොට අධ්‍යක්ෂ කියනවා කැට්වෝක් දාල යන්න එපා කියලා. මොකද මට පුරුදු පැෂන් ෂෝවල ඇවිදලානේ.

මම මීට කළින් කවදාවත් දිය රෙද්දක් ඇදලා නැහැ. මම වැව් වල දොළවල් වල නාලා නැහැ.ඇත්තටම කට්ටිය මැද්දේ දියරෙද්ද ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුණේ.මහව, යාපහුව, දළදාගම වගේ ප්‍රදේශවල තමයි රූපගත කිරීම් කළේ. නාට්‍යයේ මගේ ගෙදර විදිහට අරගත්තේ දුප්පත් පැලක්. ඇත්තටම ඒ ගෙදරත් පවුලක් ජීවත් වෙනවා. මට හිතාගන්න බැරි වුණා අවම පහසුකම් යටතේ මෙහෙම ජීවත්වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ මිනිස්සු සතුටින් ඉන්නේ.

අපි විසින් ජීවිතේ සංකීර්ණ කරගෙන. ඒ මිනිස්සු ඇළෙන් නාලා දොළෙන් වතුර බීලා තියෙන දෙයක් කාලා බීලා ස්වාභාවික පරිසරයක් එක්ක ජීවත් වෙනවා. අපි හොයන්නෙම අඩුපාඩු විතරයිනේ.ඒ ගම් ඇතුළට යන්න යන්න දුෂ්කර වුණාට ලස්සනට ජීවත් වෙනවා. ලස්සන ගෑනු ළමයි ඉන්නවා. ඒ අය දොළට ඇවිත් නාලා ඇඳුම් ටික සෝදාගෙන යනකොට හිතෙනවා අපි මොනවද කරන්නේ කියලා. මමත් මේ දවස්වල සකර්ම නිසා ඒ ජීවිතේ අත්විඳිනවා. ඇළේ දොළේ නාලා ගමේ කෑම කාලා සතුටින් ඉන්නවා.ඒ  වගේම ඇය මේ දිනවල රඟපාන මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යය ගැනත් අදහස් දක්වා තිබුනේ මේ ආකාරයෙන් , මම රඟපාන්න ආවෙත් ඇවිදින්න තියෙන ආසාව නිසා. මහව යනවා. රාගල යනවා.. ඒ යන එන ගමන් ජීවිතේ අත්විඳිනවා.

මම හිටියේ ඇමරිකාවේ කෙටි නිවාඩුවකට ලංකාවට ආවේ..කොරෝනා ප්‍රශ්නය නිසා මෙහෙ හිරවුණා. ඒ දවස්වල තමයි මේ නාට්‍ය දෙක භාරගත්තේ…මොකද දුවගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් මට ඒ කැප කිරීම කරන්න වෙනවා. නමුත් මම වැඩ කරන නාට්‍ය දෙක නිසා සිතට ලැබෙන සතුටට දාලා යන්න හරිම ලෝභයි. ඒ තරමට සුන්දර දර්ශන තල දෙකක වැඩ කෙරන්නේ . නිසි කලට නිසි දේ ලැබුණා කියලා මම විශ්වාස කරනවා. දැන් මම වැඩ කරන්න අරගෙන අවුරුදු දහයක් වෙනවා. බොහොම හිමින් ගමනක් ඇවිත් බොහෝ දේ අත්පත් කරගත්තා.කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.