health latest articles

අත් වලින් ඔබේ සිරුරේ සැගවුණු ලෙඩ ගැන​ හඳුනාගත හැකි කරුණු 5ක්

අපේ සමෙන්, නියපොතු වලින් වගේම ඇස් වලිනුත් අපේ අභ්‍යන්තර අවයව වල තියෙන ප්‍රශ්න ගොඩක් එළියට එනවා. ඒ වගේම අත් වලිනුත් ඔබේ ශරීරයේ අභ්‍යන්තර අවයව වල තියෙන විවිධ තත්වයන් එළියට පෙන්නුම් කරනවා. ඉතින් මේ ලිපිය මඟින් අද අපි ඔයාලට කියන්න යන්නේ ඔබේ අත් වලින් සෞඛ්‍ය ගැන කියන්න පුළුවන් දේවල් 5ක් ගැනයි.

1.අත්ලේ රත් පැහැවීම

වෛද්‍යවරු කියනවා අත්ලේ රත් පැහැවීම කියන්නේ අක්මාවේ ප්‍රශ්නයක් කියලා. විශේෂයෙන් ඔබ වයස අවුරුදු 50 ට වැඩි නම් සාමාන්‍යයෙන් රතු පැහැය පිහිටා ඇත්තේ අත්ලෙහි පිටත දාරයේ. මෙය හෝමෝන සමතුලිතතාවයේ වෙනසක් නිසා ඇති වන රුධිර වාහිනී අබලන් වීම නිසා සිදුවෙන දෙයක්. ආතරයිටිස්ද අත් වල රතු පැහැයට හේතු වෙනවා. ඔබේ  අතේ රතු පැල්ලම් තිබේ නම් එහි සැබෑ හේතුව දැන ගැනීමට ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. 

2.අත්ලට අධිකව දහඩිය දැමීම

මේ සඳහා හේතු කිහිපයක් තියෙනවා. අධිකව දහඩිය දැමීම, ආතතිය හා අධික්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථි ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. අදික ලෙස දහඩිය දැමීම hyperhidrosis නම් ඔබට ශක්තිමත් ප්‍රතිනාශක භාවිතා කළ හැකි. Hyperhidrosis වලට එරෙහිව සටන් කිරීම සඳහා වෛද්‍ය උපදෙස්ද ලබා ගත හැකියි.  මත්පැන් බීම අවම කිරීම මගින් හා ආතතිය පාලනය කිරීම මගින් මෙය තව දුරටත් අවම කරගත හැකියි.

3.අත්ලේ හිරිවැටීම

හිරිවැටීම යනු ස්නායුව වැඩ කිරීම ආරම්භ වන විට ඇතිවන හැඟීමයි. සමහර විට මෙම රෝග ලක්ෂණය ගැබ්ගෙල, osteochondrosis, carpal tunnel syndrome සහ පාදයෙන් ශිරා thrombosis, රක්තහීනතාවය හෝ දියවැඩියාව වැනි බරපතළ ගැටලුවක ලක්ෂණයක් විය හැකියි. පැහැදිලි හේතුවක් නොමැතිව ඔබට බොහෝවිට අත්ලේ සංවේදීතාවය නැතිවී ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

4.අත්වල වියලි බව

අත්වල වියළි බවට පොදු හේතුවන්නේ විජලනය සහ ආර්තවහරණය සමඟ ඇතිවන ඊස්ට්‍රජන් හෝමෝනයේ හිඟ වීමයි. විජලනය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කර  moisturizer hand cream වර්ගයක් භාවිතා කරන්න. මාළු, ධාන්‍ය සහ ඇට වර්ග ඔබේ ආහාර වේලට නිරන්තරයෙන් ඇතුලත් කරගන්න. හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

5.අත් වෙව්ලීම

අත් වෙව්ලීම Parkinson රෝගය වැනි බරපතළ සෞඛ්‍ය ගැටලුවක් විය හැකියි. ඔබට තත්ත්වය බරපතළ බව හැඟී ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. මේ අතර කෝපි සහ මත්පැන් පානය අවම කරන්න. ඒ වගේම කාංසාව හා මානසික ආතතිය නිසාද අත් වෙව්ලීම ඇති කරනවා. ඒ නිසා ඔබ එවැනි ගැටලුවකින් පෙළෙනවා නම් එයින් මිදීමට වහාම පියවර ගන්න.