latest articles relationship

කවදාවත් වචනෙන් කියන්නේ නැතිවුණාට පෙම්වතිය ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් 25ක්

දෙන්නෙක් ආදරය කරන්න පටන් ගත්තාට පස්සේ ගොඩක් වෙලාවට කොල්ලා නම් කියන්න තියෙන දෙයක්  කෙලින් කියලා දානවා. ඒත් ගැහැනු ළමයි සමහර දේවල් කියන්නෙ නැතිව හිතේ තියාගෙන ඉන්නවා. ඔබත් පෙම්වතෙක් නම්, පෙම්වතෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ දේවල් ගොඩක් වැදගත් වෙයි. ඉතින් අද අපි මේ ලිපියෙන් කියන්න යන්නේ පෙම්වතියක් කවදාවත් වචනයෙන් කියන්නේ නැති නමුත් පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන දේවල් 25ක් ගැනයි.

1. හැකි සෑම විටම ඔබ ඇයව තුරුළු කරගන්න.

2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4. ඇයට සීතල දැනුනු විටදී ඇයව උණුසුම් කරන්න.

5. ඇයව සිප ගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

6. ඇයව වැළඳගන්න.

7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. 

8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

9. ඇයත් එක්ක ඇවිදින්න යන්න.

10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න. 

12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.

13. ඇය ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන සිටින්න.

14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න. ඇයත් සමඟ තර්ක කරන්න.

15. ඇගේ යහළුවන් කිව්වොතින් ඔවුන් ඔයාට වඩා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ෂේප කරන්න.

16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න. 

17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිප ගන්න.

18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වන ඇයුරු පෙන්වන්න.

21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. 

22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න.

23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයව තුරුළු කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න.

25. ඇයට කවදාවත්ම බොරුවක් කියන්න එපා.