Celebrity Gossip

මගේ සහකාරිය ඇඹිලිපිටිය පැත්තේ කෙනෙක් වෙනවා නම් මම ගොඩක් කැමතියි.. එයා ගොඩක් මහත් වෙන්න බෑ -රුවන් පෙරේරා

සිය කැපවීම, නිසි මඟ පෙන්වීම සහ අත්දැකීම් නිසාම පරිපුර්ණ  වූ පුද්ගලයෙකු ලෙස ඔහුව හඳුන්වන්නට පුළුවන්.  එසේම ඔහු රංගන ක්ෂේත්‍රය තුළ පුළුල් අත්දැකීම් තුලින් දක්ෂතා පෙන්වන චරිතාංග නළුවෙක් ලෙසත් හඳුන්වන්නටත් පුළුවන්. ඒ වගේම මේ දිනවල නාඩගම්කරයෝ ටෙලි සිත්තම හරහා ප්‍රේක්ෂකයන් අතරට එන දුෂ්ටයා ඔහුයි. ඔහු නමින් රුවන් පෙරේරා. ඉතින් මේ සොඳුරු කලාකරුවා ‘රැල්ල’ ඩිජිටල් සඟරාව හා එක්වෙමින් කළ කතාබහක් පිලිබඳ තතු ඔබ වෙත ගෙන එන්නටයි අපේ සුදානම.

මුලින්ම ඔහු මේ දිනවල වැඩකටයුතු ගැන කියා තිබුණේ මේ ආකාරයටයි. ” මේ දවස්වල නම් ඉතින් අලුත් පිටපතක් බලනවා ජයසේකර අපොන්සු මහත්තයාගේ. ඊට අමතරව ඉතින් සුපුරුදු විදියට දුංකොළ මහත්තයා, නාඩගම්කරයෝ, ටීචර් අම්මා රූගත කිරීම් සිද්ධ වෙනවා.”

ඊළඟට ඔහු කියා තිබුණේ පුංචි කාලේ ඉඳන්ම දැකපු නළු සිහිනය ගැනයි. “ ඔව් මට මතක ඇති කාලේ ඉඳන්ම මම උත්සහ කලේ රඟපාන්න. මගේ මුල්ම වේදිකා නාට්‍ය කලේ 5 වසරේදී. ඊට පස්සේ ඉස්කෝලේ වගේම සමිති සමාගම් වල ගොඩක් වේදිකා නාට්‍යය කළා. මොකද මන්ම නිෂ්පාදනය කරලා රඟපාන්න තිබුණු ආසාව නිසා. හැබැයි ජාතික මට්ටමේ ගොඩක් වේදිකා නාට්‍යය සමඟ මට සම්බන්ධ වෙන්න ලැබුණේ නෑ. ඊට පස්සේ 2006 තමයි සුරේෂ් අබේසේකරගේ අතුරා වේශය කියන ටෙලිනාට්‍ය සමඟ තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. එතැන් සිට මේ දක්වාම මගේ පුංචි කාලේ හීනයත් එක්ක වැඩකරනවා.”

ඒ වගේම මේ දිනවල රුවන් ප්‍රේක්ෂක අවධානය දිනාගත් චරිතයක් තමයි කැකුළා කියන්නේ. ඉතින් ඒ ගැනත් ඔහු කතා කළා. ” නාඩගම්කරයෝ ටෙලිනාට්‍ය තුළට කැකුළා එන්නේ සියවන කොටසේ ඉඳලා. ඇත්තටම ඒ ගමට කැකුළා එන්නේ කුකුළා මුදලාලිට උදව් කරන්න. මුදලාලි ජන්දේ ඉල්ලන්නේ නැත්නම් ඇයි කැකුළා තාමත් කුකුළා මුදලාලි එක්ක ඉන්නේ. ඔය වගේ ලොකු කුතුහලයක් ඔතන තියෙනවා. කොහොම වුණත් කැකුළා කියන චරිතය ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරයෙන් වැළඳ ගත්තා. ලැබෙන ප්‍රතිචාර කොහොමද කියනවා නම් සමහර ප්‍රදේශ වලට එන්න එපා කියලා මරණ තර්ජන පවා එනවා චරිතය වෙනුවෙන්. ප්‍රේක්ෂකයන් එහෙම ආදරය කරන්නේ තරහකින් කේන්තියකින් නෙමෙයි කියලා දන්නවා. ඒ ආදරේට ගොඩක් ආදරෙයි. ” කියලයි ඔහු කියන්නේ.

රුවන්ගේ සිහින කුමරිය ගැනත් ඔහු මෙන්න මේ විදියට කියා තිබුණා. ” මම සරල කෙනෙක්. ඒ සරලකමට ගැළපෙන මගේ පවුලේ සියලුම දෙනා එක්ක එකමුතුවෙන්, නිහතමානීව කටයුතු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒත් එක්කම එයා ගොඩක් මහත් වෙන්න බෑ. රැකියාවක් විදියට ටීචර් කෙනෙක්ට කැමතියි. විශේෂයෙන්ම කියන්න ඕන මගේ සහකාරිය ඇඹිලිපිටිය පැත්තේ කෙනෙක් වෙනවා නම් මම ගොඩක් කැමතියි.”

ඔහු අවසාන වශයෙන් මේ දක්වා කලා කටයුතුත් එක්ක සිදුවුණු අමතක නොවන සිදුවීම් ගැන මතක ආවර්ජනය කර තිබුණේ මේ ආකාරයටයි. ” මට මතකයි මම ෂූටින් යද්දී හතර පස් වතාවක්ම මං ගිය වාහනේ පෙරළෙන්න ගිය අවස්ථාවන් තියෙනවා. ඒ නිසා මට දැන් වාහනවල යද්දී ඉස්සරහ ෂිට් එකේ යන්න උවමනාවක් තියෙනවා. මොකද ඩ්‍රයිවර් එක්ක කතා කර කර යන්න. මට කොහොමත් වාහනවල යද්දී නින්ද යන්නේ නෑ. බැරි වෙලා හරි මහන්සියට නින්ද ගියොත් පොඩි ගැප් එකකින් හරි යද්දී ඔතන වාහනය පෙරළෙනවා කියලා මට ඇහැරෙනවා.”