Celebrity Gossip

මගේ ඇඟේ ගහලා තියෙන හැම ටැටූ එකකටම තේරුමක් තියෙනවා- කාවින්ද්‍යා අධිකාරි

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ප්‍රවීනයන් දෙදෙනෙකු වන අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දුව තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ.රංගනයට වගේම ගායනයටත් ඇය ඉතාම දක්ෂයි.එමෙන්ම දක්ෂ නිවේදිකාවක්. ජීවිතයේ ලැබීම් නොලැබීම් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන ඇය සුන්දර කලා ශිල්පිනියක්.තමන්ගේ හිතේ තියෙන දේ කෙලින්ම සමාජ මාධ්‍යයට වුවත් එක් කරන කෙනෙක් ලෙස කාවින්ද්‍යාව අපිට හඳුන්වන්න පුලුවන්. විටෙක ඇය සමාජ මාධ්‍යයේ හැඟීම්බර වන අවස්ථාද දක්නට ලැබෙනවා. ඉතින් ඇය පසුගිය දිනයක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සම් බන් ධ වෙමින් ඇයගේ විස්තර පිළිබදව මේ ආකාරයට අදහස් ප්‍රකාශ කර තිබුනා.

කරගෙන ආපු සුපුරුදු වැඩ කටයුතු කරගෙන යනවා. නිවේදන කටයුතු සහ අම්මගේ කලායතනයේ වැඩවලට තමයි වැඩිපුර කාලය වෙන් කරලා තියෙන්නේ. මගේ මම්මා (මවගේ මව) නැතිවීමත් එක්ක කරගෙන ආපු වැඩ කටයුතු හිතට ලොකු බරක් වගේ දැනුණා. මොකද මම්මා කියන්නේ මගේ හැම වැඩකටම ලොකු ශක්තියක් දුන්න කෙනෙක්. එයා අපි අතරින් වෙන්වීම ඇතුළෙ තියෙන්නේ කියාගන්න බැරි ලොකු බරක්.

කලා කටයුතු කරද්දි මම ටිකක් කම්මැලි කෙනෙක්. ගොඩක් අය කියනවා මට ලැබෙන දේවල්වල අගයක් නෑ කියලා. හැබැයි එහෙම දෙයක් නෑ. මම ලැබිච්ච දේවල් උපරිම සාර්ථකව කළා.වෙළෙඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබුණා. හැබැයි බජට් ප්‍රශ්න නිසා ඒවා බාරගත්තේ නෑ. මෑතකදී රංගනයට වෙනත් ආරාධනා ලැබුණේ නම් නෑ. මම ටැටූ ගහන නිසා ඒකත් රංගනයට ප්‍රශ්නයක් වෙලා ඇති සමහර විට.

ඒ වගේම ඇයගේ ටැටූ පිළිබදව ඇය මෙහිදී කියා තිබුනේ මේ ආකාරයෙන් , මගේ ඇඟේ මේ වෙනකොට ටැටූ 12ක් තියෙනවා. මම මුලින්ම ටැටූ එකක් ගැහුවේ 2013දී. මම ලස්සනට වඩා තේරුම එක්ක තමයි ටැටූ ගහන්නෙ. මගේ ඇඟේ ගහලා තියෙන හැම ටැටූ එකකටම තේරුමක් තියෙනවා. ඒක කලාවක්. මම හරි ආසයි ටැටූවලට. සමහරු කියනවා දැන් මගේ ඇඟේ ටැටූ ගහන්න තැනක් නැතුව ඇති කියලා. සාමාන්‍යයෙන් තව කෙනෙක්ට හානියක් නැත්නම් මම ආස දේ කරන කෙනෙක්. මගේ කොණ්ඩේ වුණත් දිගට තිබ්බා. මට හිතුණා කොණ්ඩේ කපලා බලන්න ඕනේ කියලා. ඒකත් කරලා බැලුවා. මම හැම වෙලාවෙම අද දවසේ ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. අද දවස පුළුවන් උපරිම වින්ඳම දුක් වෙන්න දෙයක් නෑ.

ඒ වගේම ඇයගේ ආදරණීය පියා අතුල අධිකාරී ගැනත් ඇය මෙහිදී අදහස් කියා තිබුනේ මේ ආකාරයෙන් , අපේ ජීවිතේ හැම දෙයකදිම ළඟින් ඉන්න කෙනා තමයි අපිට වැඩිපුර දැනෙන්නේ. තාත්තා අපි එක්ක ඉන්න කාලේ වුණත් සංගීතය එක්ක කාර්යබහුල වෙලා හිටියත් මාව ඉස්කෝලේ ගෙනියන වැඩ ක්ලාස් එක්ක යන දේවල්වලට කාලය වෙන් කළා. හැබැයි මගේ ජීවිතේ විශේෂ දේවල්වලදි මාත් එක්ක වැඩිපුර හිටියේ අම්මා. ඒ නිසා අම්මව මට දැනුණා වැඩියි. අම්මටත් වඩා මගේ ජීවිතේ උඩින්ම හිටියේ මම්මා (ආච්චි). අම්මයි තාත්තයි දෙන්නම කාර්යබහුල වෙලා ඉද්දි මාව බලාගත්තේ මම්මා. ඒ නිසා මගේ ජීවිතේ අංක එක මම්මා. දෙක අම්මා. තුන තමයි තාත්තා.

චිරන්ත එන්න කලින් ගෙදර තාත්තා වුණේ මම. චූටි කාලේ ඉඳන් වගකීම් දරන්න මම පුරුදු වුණා. මල්ලිව බලාගන්න තැන ඉඳන් ඒ වගකීම් මට තිබ්බා. චිරන්ත අපේ පවුලට එකතු වුණාට පස්සේ මට තිබ්බ බර අඩු වුණා වගේ දැනෙනවා. මම සාමාන්‍යයෙන් මිනිසුන්ව පිටතින් මනිනවා හරියට. හැබැයි අපිට මිනිස්සු ගැන දැනගන්න ලැබෙන්නේ ආශ්‍රය කළාට පස්සේ. චිරන්ත පවුලට එකතු වුණාට පස්සේ එයා අපේ මම්මව බැලුවා. අපේ අම්මට පුදුම සහයෝගයක් දෙනවා. මගේ මල්ලි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න නිසා එයාට උදව් කරනවා.

දැන් චිරන්තත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නේ. මට වුණත් ලොකු රැකවරණයක් ලැබෙනවා ඔහුගෙන්. අපේ තාත්තා ගෙදරින් ගියාට පස්සේ ගෙදර හිටියේ මමයි, අම්මයි, මම්මයි, මල්ලියි. චිරන්ත අපේ පවුල ඇතුළේ ඉන්න එක හිතට ලොකු නිදහසක්. එයාගේ වයසත් එක්ක බලද්දි ඒ වගේ වගකීමෙන් වැඩ කරන කොල්ලෙක් මම වෙන දැකලා නෑ. එයා අපි හැමෝටම ලොකු ශක්තියක්.කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුනේ.