Celebrity Gossip

උමාරා එක්ක ගීතයක් කරන්න කාලයක් තිස්සේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා- රුවන් හෙට්ටිආරච්චි

ගායන ශිල්පියෙකු ලෙස ඉතා කෙටි කලක් තුල ලොකු ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් දක්ෂ ගායන ශිල්පියෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියන්නේ , ඔහුගේ පළමු ගිත්යෙන්ම විශාල ප්‍රේක්ෂක ආදරයක් ඔහුට දිනාගැනීමට හැකි වුනා. ඒ ගීතය වන්නේ නොදැක ඉන්න බැ ගීතයයි.ඉතින් ඔහු මේ වන විට විවහා දිවියට එළඹ සිටිනවා. ඔහු විවහා වන්නේ අපේ රටේ සිටින සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් වන ෂෙරිල් ඩෙකර් සමඟයි. ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් ලෙසින් ඇයව හදුන්වා දෙන්න පුළුවන්. රංගනයට වගේම නර්තනයට සහ ගායනයටද ඇය දක්ෂතාවයක් දක්වනවා.පසුගිය සතියේ එළිදැක්වූ නව ගීත නාමාවලියට ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සහ ගායන ශිල්පිනී උමාරා සිංහවංශගේ ගීතයක්ද ඇතුළත් වී තිබුණි. ” සිනහව මුවගින් ” නමින් නම් කර තිබූ උමාරාගේ සහ රුවන්ගේ ප‍්‍රථම යුග ගායනය සම්බන්ධයෙන් ජනප‍්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි මෙලෙසින් අදහස් දක්වා තිබුනා.

මම කැමතිම ගායිකාවන් අතරින් උමාරියා, උමාරා කියන්නේ සුවිශේෂී චරිත දෙකක්.උමාරියා එක්ක නිර්මාණ කිහිපයක් කළාට උමාරා එක්ක ගීතයක් කරන්න අවස්ථාවක් ලැබිලා නෑ. උමාරා එක්කත් ගීතයක් කරන්න කාලයක් තිස්සේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා. උමාරාටත් මාත් එක්ක ගීතයක් කරන්න වුවමනාව තිබුණා. ඒ බලාපොරොත්තුව ”සිනහව මුවගින් ” කියන මගේ අලූත් ගීතය නිසා සම්පූර්ණ කර ගන්න පුළුවන් වුණා.

කොවිඞ් වසංගතය නිසා වසර එකහමාරක් වගේ අලූත් නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් ඒ කාලය නිකරුණේ නාස්ති කරන්නෙ නැතිව අලූත් ගීතය සාර්ථක කර ගන්න ඒ කාලය උපරිමයෙන් යොදා ගත්තා.උමාරා එක්ක කරන පළවෙනි යුග ගායනය නිසා මේ ගීතය මට සුවිශේෂී නිර්මාණයක්. මගේ අනෙක් ගීත වලට වඩා මේ ගීතයේ වචන පවා වෙනස්.කාලයක් අරගෙන කරපු සාර්ථකම නිර්මාණයක් ලෙස තමයි මම මේ ගීතය හඳුන්වන්නේ.

මං ක්ෂේත‍්‍රයට ආවේ දෙදහස් දහය වර්ෂයේ. එකිනෙකට වෙනස් අලූත් නිර්මාණ මගේ රසිකයන්ට ලබා දෙන්න තමයි එදා ඉ`දන් අද වෙනකම්ම මම උත්සාහ කළේ. මේ වසර එකොළහ ඇතුළත මම සංගීතය ගැන, ගායනය ගැන, වාදනය ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තා. ගායකයෙක් ගේ සාර්ථකත්වයට ගීතයේ පද,සංගීතය,රූප රචනය ආදී හැම දේම බලපානවා. වසර ගණනක් තිස්සේ සංගීතය සහ ගායනය පිළිබඳව ඉගෙනගත් දෑ නව පරපුරත් සමඟ බෙදා ගන්නටද රුවන් අමතක කර නැත.මේ දිනවලද ඔහු මාර්ගගත ක‍්‍රමය ඔස්සේ ගායනය, වාදනය ,සංගීතය සම්බන්ධයෙන් ඉගැන්වීම් කටයුතු වල නිරත වේ. තවත් ගීත නිර්මාණ කිහිපයකම කටයුතු අවසන් කර තිබුණත් රූප රචනා ප‍්‍රමාද වීම නිසා ඒවා එළි දැක්වීමට කාලයක් ගත වන බවත්,හැකි විගසින් එම නිර්මාණද රසිකයන්ට තිළිණ කිරීමට කටයුතු කරනවා කියලයි රුවන් අවසාන වශයෙන් කියා තිබුනේ.