Celebrity Gossip

මගේ හස්බන්ඩ් බංගලාදේශ​ජාතිකයෙක්. එයා හරිම සපෝටිව් කෙනෙක්-හසිනි ගුණසේකර

තම ආදරණීය මවගේ අඩිපාරේ යමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත වෙමින් විදේශ රටකදී ලැබූ කළමනාකාරීත්වය උපාධිය නිසාවෙන් ව්‍යාපාරික මට්ටම දක්වා ඔසවා තබමින් අද වනවිට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු දන්නා හඳුනන රූපලාවන්‍ය ශිල්පිනියක, රූපලාවන්‍ය උපදේශකවරියක මෙන්ම සාර්ථක ව්‍යවසායිකවක වන ඇය නමින් හසිනි ගුණසේකරයි. ඉතින් ඇය පුවත්පතක් හා එක්වෙමින් යෙදුණු පිළිසඳරක තතු ඔබ වෙත ගෙන එන්නටයි අද අපේ සුදානම.

මුලින්ම හසිනි කිව්වේ මේ දවස්වල ඇගේ ජීවිතේ ගලාගෙන යන විදිය ගැනයි. ” කොවිඩ් එක්ක සාමාන්‍ය ජීවිත ගතකරන්න අපි කවුරුත් පුරුදුවෙමින් ඉන්න නිසා මමත් මගේ ව්‍යාපාරික කටයුතු සෙමින් සෙමින් පටන් ගනිමින් ඉන්නවා. ලොකු කාලයක් විවේකයෙන් ඉඳලා වැඩ පටන් ගත්ත නිසාද කොහෙද මේ දවස්වල පොඩි රශ් එකක් තියෙනවා. අපි වෙනදා කරපු බොහෝ දේවල් අපිට ඒ විදියටම කරන්න බැරි බව අපි තේරුම්ගත්තා. කරන්න හිතාගෙන හිටපු සමහර සැලසුම් දිනයක් නොදමා කල්දමලා තියෙනවා. ඇත්තෙන්ම කිව්වොත් කොවිඩ් අපේ ජීවිතේ වෙනස් කරලා. මම ඉන්න රූපලාවන්ය ක්ෂේත්රය බොහෝ පිඩාවට පත්වුණා. නමුත් ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.”

කොවිඩ් එක්ක සැලෝන්වල බියුටි වැඩවල ආරක්ෂාකාරී බව ගැනත් ඇය කතා කළා. ” ඇත්තෙන්ම අපේ සැලෝන්වලට එන පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන වෙනවාටත් වඩා අපි හිතනවා. අද ගොඩක් අයට ලස්සනව, පිරිසිදුව ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. රූපය තමයි එකිනෙකාගේ අනන්‍යතාවය. ඒ නිසා කොන්ඩේ කැපීම, සම රැකගන්න එක, නිය ලස්සන කරගන්න එක මොන හේතු තිබුණත් අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා ලස්සන වෙන්න කැමති අයට බය නැතුව ලස්සන වෙන්න අපෙන් පුළුවන්.” කියලයි ඇය කියන්නේ.

පසුගිය කාලය පුරාම පාසල් වසා තිබුණා වගේම දෙමව්පියනුත් වෙනදාට වඩා වැඩි කාලයක් දරුන්වන් සමඟ රැඳුනා. ඉතින් ඒ කාලය පවුලත් එක්ක හසිනි ගතකළ විදිය ගැනත් ඇය කිව්වා. ” මගේ දුවලා දෙන්නා රියා සහ ඩියා. දැන් එයාලා ඉන්නේ ටීනේජ් කියන අවධියේ තාරුණ්‍යයට එළඹෙන වයසක. එයාලට යාලුවන්ගේ ඇසුර හරි වැදගත්, ඒක නැතිවීම එයාලට තදින්ම දැනුනා. කොවිඩ් තියෙද්දී මම එයාලට එයාලගේ යාළුවන් මුණ ගස්සන්නට පුළුවන් හැම අවස්ථාවකම උත්සහ ගත්තා. අපි ලඟින් ආශ්‍රය කරන ෆැමිලීස් වල බබාලව එකට මුණගස්සලා කතා කරන්න, සෙල්ලන් කරන්න අවස්ථාව ලබාදුන්නා. දරුවන්ගේ මානසිකත්වය හොඳින් තබාගන්න ඕන නිසා විශේෂයෙන්ම තරුණ වයසට එළඹෙමින් ඉන්න දරුවන්ට ඒ ඇසුර වැදගත් කියලා මම විශ්වාස කරපු නිසා. දරුවෝ ගෙදර ඉන්නකොට මම ව්‍යාපාරිකව කොච්චර බිසී වුණත් හැම වෙලාවකම ඔලුවේ වැඩ කරන්නේ එයාලා ගැන.”

හසිනි කොච්චර කාර්යබහුල වුණත් බිරිඳක්, මවක් විදියට ගෙදර කටයුතු කරගෙන යද්දී පවුලේ අනෙක් අයගෙන් ලැබෙන සහයෝගන ගැන කිව්වේ මේ විදියටයි. ” මගේ හස්බන්ඩ් ෂුවෝ බලංගලාදේශ ජාතිකයෙක්. එයා හරිම සපෝටිව් කෙනෙක්. එයා මට දෙන ලොකුම සහයෝගය තමයි මම හදලා දෙන ඕනෑම දෙයක් කිසිත් නොකියා කන එක. ඒ අතින් මම හරිම වාසනාවන්ත බිරිඳක්. ඒ නිසා මගේ වැඩ කරගන්න වැඩට යන්න නිදහස උපරිමයෙන් තියෙනවා. හොඳ තේරුම් ගැනීමකින් ලයිෆ් එක ගෙවන නිසා ප්‍රශ්නයක් නැහැ. මගේ දුවලා දෙන්නත් පුරුදු වෙලා ඉන්නේ මගේ බිසී ලයිෆ් එකට. මම ගෙදර නැති වෙලාවට මගේ ලොකු දුව උයනවා. දුවලා දෙන්නා හරිම එකතුයි. එයාලා දෙන්නා එයාලා දෙන්නව බලාගන්නවා විතරක් නෙවෙයි දැන් ඩෑඩාවත් බලාගන්නවා.” කියලයි අවසාන වශයෙන් ඇය කියා තිබුණේ.