latest articles life relationship

කවදාවත් නැති කරගන්න හොඳ නැති ආදරණීය පෙම්වතියක් ළඟ තියෙන ගතිගුණ 5ක්

ඔබ නොසිතූ මොහොතක ඔබට කැමති ගැහැණු ළමයෙකු ඔබට හමුවෙන්න පුළුවන්. ඒ වගේම ඒ ගැහැණු ළමයාට ඔයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් පුළුවන්. ඒ තරමටම එයා ගොඩක් විශේෂයි. ඉතින් ඒ මුණගැහෙන ගෑනු ළමයට මේ කියන විශේෂ ලක්‍ෂණ පහ තියෙනවා නම් කවදාවත් එයාව නැති කරගන්න හිතන්නවත් එපා.

1.ඇය හොඳ අවබෝධයක් ඇති සංවේදී චරිතයක් නම්

කාන්තාවක් හොඳ අවබෝධයක් ඇති සංවේදී චරිතයක් වීම ඉතා වැදගත් වේ. තම පෙම්වතා, සැමියා, දරුවා හෝ තම පවුලේ අය පිළිබඳ ඕනෑම ගැටලුවකදී මනා අවබෝධයක් ඇතිව එම තත්ත්වයට සුදුසු විසඳුමක් ලබාදිය හැකි නම් එවැනි කාන්තාවක් සමඟ ජීවත්වීම ඉතාම සුන්දරයි.

2.සැමවිටම ඇය සුබවාදී නම්

ශුභවාදී වීමට කැමති ඕනෑම අයෙක් සමඟ ජීවත් විමට කවුරුත් කැමතියි. ඉතින් ඔයාගේ ගැහැණු ළමයත්  හැම වෙලාවෙම ධනාත්මකව හිතන සර්ව සම්පූර්ණ ගැහැනියක් නම් ඒ වගේ කෙනෙක්ව කිසිම විදිහකින් නැති කරගන්න එපා. මක්නිසාද යත් ඇයට ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දී ජීවිතය ඉදිරියට ගෙන යා හැකියි. ඔබේ බිඳවැටීම් වලදී ඔබ ශක්තියක් සහ දිරිගැන්වීමක් ලබා දෙමින් දිගටම කටයුතු කරන්නේ නම් ජීවිතයේ කුමක් සිදු වුවද ඔබට ඇය සමඟ සතුටින් ජීවත් විය හැකිය.

3.ඇය ස්ථාවර කෙනෙක් නම්

ඔබේ සම්බන්ධය ආරම්භයේ සිටම ඇයගේ සිතුවිලි වෙනස් නොවන්නේ නම් එය ඔබේ පවුල් ජීවිතයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. ඇය ඔබේ පවුලට, දෙමාපියන්ට, නෑදෑ හිතමිතුරන්ට ඔබ දක්වන ආදරයම ඔබ කෙරෙහිත් දක්වන්නේ නම් ඔබ ලොව වාසනාවන්තම සැමියා වනු ඇත.

4.ඇය භෞතික වශයෙන් ආකර්‍ෂණීයයි නම්

ඕනෑම කෙනෙකු තවත් කෙනෙකුට ආකර්‍ෂණය වන පළමු දෙය ඔවුන්ගේ භෞතික ආකර්‍ෂණීය පෙනුමටයි. මෙය රූපය ගැන පමණක් නොවේ. ඇය කතා කරන ආකාරය, ඇගේ අභිනයන් සහ ඇගේ හැසිරීම මෙයට ඇතුළත් වේ. ඉතින් ඔබ බලාපොරොත්තු වන යුවතියට මේ වගේ කායික ආකර්‍ෂණයක් තිබේ නම් ඒක ඔබට ගොඩක් සතුටු වෙන්න පුළුවන් දෙයක්.

5.ඇය මිත්‍රශීලී සහ සමාජශීලී නම්

ඔබ ඇසුරු කරන ගැහැණු ළමයා ඉතා මිත්‍රශීලී සහ සමාජශීලී නම්, ඇය ඔබව තේරුම් ගැනීමට වඩා පහසුයි. එවිට ඔබ මිතුරන් සමඟ විනෝද චාරිකාවක් යාමට උත්සාහ කළත්, සාදයක් පැවැත්වීමට හෝ යහළුවන් ඇසුරු කිරීමට උත්සාහ කළත් ඔබට ඇයගෙන් කිසිදු විරෝධයක් එල්ල වන්නේ නැහැ.