beauty latest articles

දණහිස් කළුවීම නැති කර ගැනීම සඳහා ස්වභාවික සත්කාර 5ක්

ගොඩක් වෙලාවට අපි හැම වෙලේම බලන්නේ මූණ ලස්සනට තියාගන්න. ඒ වුණාට ශරීරයේ අනිත් තැන්වලට දෙන අවධානය අවමයි. අපි හැමවෙලේම හිතන්නේ මූණ ලස්සනට තියාගත්තොත් ඇති කියලා. ඒත් ඒක වැරදියි මූණ වගේම අපි මුළු ශරීරයම ලස්සනට තියාගන්න ඕන​. ගොඩාක් කාන්තාවන් මේ දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ.ඉතින් ඒවගේම ගොඩාක් දෙනෙක් මූණ දෙන ප්‍රශ්නයක් තමයි දණහිස් වල ඇති අඳුරු පැහැය​. අවපැහැ ගැන්වූ දණහිස් නිසා බොහෝ කාන්තාව විවිධ අපහසුතාවලට මුහුණ දෙනවා. ඉතින් අන්න ඒ නිසා අද අපි කියන්න යන්නේ අවපැහැ ගැන්වුණු දණහිස් සඳහා නිවසේදීම කල හැකි සත්කාර කිහිපයක් පිළිබදවයි.

1.ආමන්ඩ් තෙල් සත්කාරය.

දනහිස් කළු වීම සමනය කරගැනීමට ආමන්ඩ් තෙල් භාවිතා කළ හැකිය. එනම් ආමන්ඩ් තෙල් ස්වල්පයක් ගෙන දණහිස් මත ආලේප කර විනාඩි 5ක් පමණ මෘදුව සම්බාහනය කර විනාඩි දහයක් පමණ තබා සෝදා හරින්න.මෙය දිනපතා සිදු කිරීම මගින් අවපැහැ වූ දණහිස් පැහැපත් කර ගත හැකිය.

2.අර්තාපල් සත්කාරය​

අර්තාපල් ස්වාභාවිකවම ඔබේ සම පැහැපත් කිරීමට  හැකි කැටෙකෝලේස් එන්සයිම වලින් පොහොසත් ය. දිනපතා අර්තාපල් භාවිතය ඔබේ සම මෘදු කරන අතර අඳුරු ප්‍රදේශ ඉවත් කිරීමට උපකාරී වෙනවා.ඉතින් මේ සඳහා ඔබ අර්තාපල් ගෙඩියක් ගෙන එය ග්‍රේට් කරගෙන​ යුෂ මිරිකා ඔබේ සමට ආලේප කරන්න. එය මිනිත්තු 15 ක් ඔබේ සම මත තබන්න, ඉන්පසු එය වතුරෙන් සෝදා හරින්න. ඉන්පසු මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. අර්තාපල් පෙති වලට කපා ඔබේ වැලමිට සහ දණහිස විනාඩි 10-15 අතර කාලයක් එයින් අතුල්ලා සොදා හරින්න.

3.කෝමාරිකා සත්කාරය

කෝමාරිකා භාවිතා කිරීම මඟින් ද සමෙහි අඳුරු පැහැය සමනය කරගත හැකිය. එනම් කෝමාරිකා මදය සූරා දණහිස මත ආලේපකර විනාඩි විස්සක් පමණ තබා ඇල් වතුරෙන් සෝදා හරින්න. එනම් කොමරිකා ජෙල් මගින් සමෙහි වියළීම සමනය කර තෙතමනය රැක දී අඳුරු පැහැය සමනය කරයි.

4.කඩල පිටි සහ මුදවපු කිරි සත්කාරය.

කඩල පිටි කියන්නේ ස්වාභාවිකව සම පිරිසිදු කරන්න පුළුවන් පිරිසිදුකාරකයක්. මුදවපු කිරි වලින් සම පෝෂණය කරමින් සම වියලීමට ඇති ඉඩ වළක්වනවා. මුදවපු කිරි සහ කඩල පිටි අවශ්‍ය ප්‍රමාණයට ගෙන තලපයක් මෙන් පිළියෙළ කර ගෙන දණහිස් වල ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.

5.සීනි සහ ඔලිව් ඔයිල් සත්කාරය.

මේ සත්කාරය සඳහා සීනි සහ ඔලිව් තෙල් සමාන ප්‍රමාණයක් අරගෙන හොඳින් මිශ්‍රකරගන්න.එය දණහිස සහ වැලමිටට ආලේප කර විනාඩි 5 ක් පමණ රවුම් චලිතයකින් සම්බාහනය කරන්න.සතිපතා මෙය නැවත නැවත සිදුකරන්න.ඔබේ මුහුණ පිරිසිදු කිරීමටද මෙම ස්ක්‍රබ් භාවිතා කළ හැකියාව තිබෙනවා.