latest articles life relationship

හිතේ ඉන්න කෙල්ලගේ ආදරය දිනාගන්න මේ දේවල් 5 අනිවාර්යෙන් කරන්න

ආදරේ කරන්න වයස් භේදයක් නෑනේ. ඒත් ඉතින් ආදරය කරන්න හිතක් හොයා ගන්නත් ඕන. ඒක සමහරවිට ටිකක් අමාරු වෙන්න පුළුවන්.  අද මේ ලිපියෙන් අරගෙන ආවේ ඔබේ හිතේ ඉන්න කුමාරිකාවගේ හිත ගැටෙන්න පුලුවන් වෙන්න ඉන්න විදිය කොහොමද කියලා tips පහක් ගැන කියන්නයි. ඔයාලගේ ආදරේ දිනා ගන්න පොඩි හරි විදියකට මේ තොරතුරු ටික ඔයාට වැදගත් වේවි කියලා හිතෙනවා.

1.එංගලන්තයේ කරන ලද සමීක්ෂණයකට අනුව 60%කටත් වඩා කාන්තාවන් පවසා තිබෙන්නේ ඇඳුම් පැළඳුම්වල  අපිලිවෙල නිසා තමන් ඔවුන්ට කැමති නැති බවය. තවත් සුවිශේෂී දෙයක් වන්නේ කාන්තාවන් නිල් හෝ රෝස පැහැති shirt ඇඳන් සිටින අය කෙරෙහි අඩු ආකර්ෂණයක් ඇති බවයි. එම සමීක්ෂණයට අනුව 36%ක් දෙනා දම්පාටට, 13%ක් දෙනා සුදු පැහැති shirt ඇඳන් ඉන්න අයට කැමති බවයි හෙළි වී තිබෙන්නේ.

2.අශීලාචාර අප්‍රසන්න කොණ්ඩා මෝස්තර සහිත පිරිමින්ට 17%ක් දෙනා අකමැති බව පවසා තිබෙනවා. දිග කොණ්ඩයක් වුවද කොට කොණ්ඩයක් වුවද හොඳින් එය පිළිවෙළට ඇත්නම්, gel ආදිය යොදා සකසා ඇත්නම් වැඩි කාන්තා ආකර්ශනයක් ලබා ගත හැකි බව ද ඒ වාර්තාවෙන් පැවසෙනවා.

3.කෙලින් සෘජුව සිට ගැනීමෙන් තමන් උස බව විතරක් නෙවෙයි පේන්නේ. සමීක්ෂණ වලට අනුව තමා සිටින නිවැරදි ඉරියව් නිසා තමාට තමා පිළිබඳව ඇති ආත්ම විශ්වාසයද පිට අයට විශේෂයෙන්ම කාන්තාවන්ට පෙනෙන බව සොයාගෙන තිබෙනවා.

4.කාන්තාවන් පිරිමි පාර්ශවයේ වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ  කලිසම වෙත බව පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා. එමෙන්ම එයින් වැඩි පිරිසක් ඩෙනිම් අදින අය වෙත විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔවුන් පවසනවා.

5.සෙරෙප්පු ආදියට වඩා කාන්තාවන් කැමති සපත්තු පළඳින පිරිමි අයට කියලා ඉහත සමීක්ෂණයෙදීම සොයාගෙන තියෙනවා. ඉතින් ඔයත් කෙල්ලගෙන් කැමැත්ත අහන්න යනවනම් ලස්සනට ප්‍රියමනාප විදියට ඇඳගෙන ගියොත් ඒක ඔයාට අමතර වාසියක් වේවි

.