Celebrity Gossip

ඉටි රූපේ වගේ ගෑණියෙක් ගෙදර හිටියත් පිට යන පිරිමියා පිට යනවාමයි-පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන නම ඇහුවම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ තරම්ම ඇය ජනප්‍රිය චරිතයක්. නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිසෙන ඇය මේ වනවිට මියුසික් වීඩියෝ රැසක් හරහා මෙන්ම කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ජාලා තුලත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිතයක් බවට ඇය පත්වෙලා ඉන්නවා. ඉන්දීය සිනමාපටයකට පවා රංගන දායකත්වය ලබා දෙන්නට හැකියාව ලැබුණු වාසනාවන්තියක් තමයි පියුමි කියන්නේ. ඉතිං අද අපි මේ කියන්න යන්නේ ඇය පිළිබදව අළුත්ම තොරතුරු කිහිපයකුයි.ඉතින් මේ දිනවල ඇයගේ ජීවිතය ගෙවෙන ආකාරය ගැන ඇය මුලින්ම කියා සිටියේ මේ වගේ කතාවක්.

ගොඩාක් සතුටින් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. වර්තමාන වසංගත තත්වයට මුහුණ දෙන ගමන් තමයි ඉතින් හැමෝම වගේ මමත් ඉන්නේ.ඉතිං පියුමි ආදරේ ගැන වගේම ඔබගේ මුල්ම ආදරය සහ ගේ ආකර්ෂණය මුලින්ම ලබාගත් පිරිමියා ගැන අපි ටිකක් කතා කරමුද?ආදරය කියන දේ හොඳයි. ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරේ කියන දේ හිතට දැනෙන්න තරම් මට ඒ ගැන අවබෝධයක් තිබුණෙ නැහැ. නමුත් ආදරේ කියන දේ ගැන මට හොඳ අවබෝධයක් දැනෙන්න ගත්තෙ මීට අවුරුදු හතරකට පහකට විතර කලින්. ඒ ඒක කෙනෙක් නිසා. ඒත් ඒ ආදරේ මට අහිමි වුණා. 

සමාජයේ අනියම් සම්බන්ධතා කියන්නේ අද සමාජයේ බොහෝ දකින්න ලැබෙන මාතෘකාවක්. ඉතින් සමාජයේ නිතර ගැවසෙන කාන්තාවක් විදියට ඇය ඒ ගැන දැක්වූයේ මෙවැනි අදහසක්.ඉටි රූපයක් වගේ ගැහැණියක් ගෙදර හිටියත් පිට යන පිරිමියා යනවමයි. හැබැයි නොයන පිරිමියා ඉටි රූප වගේ ගැහැණියක් පස්සේ යන්නේ නෑ. අපිට ගෙදර ඉන්න කෙනා මග හැරලා ඇයි වෙන කෙනෙක් හොයගන්නේ. මම වුනත් මගේ හස්බන්ඩ් මැසෙජ් කරපු කෙල්ලෝ දැක්කා. අද සමාජය එහෙමයි. හැබැයි අපි දැන ගන්න ඕනි අපිට අදාල නැති අය එක්ක අදාල නැති මාතෘකා කතා නොකර ඉන්න.

ඒ වගේම පියුමි කියන්නේ විවාහ වුනු කාන්තාවක්. දැන් තනිකඩ ජීවිතයක් ගත කරන ඇය ඇයගේ පලමු විවාහය ගැන කිවූයේ මේ ආකාරයේ කතාවක්.මම විවාහ වෙද්දි මගෙ වයස අවුරුදු 18යි. හැබැයි විවාහ තිබුනේ අවුරුදු තුනක් වගේ. මොකද අපි අතරේ ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. අපි දෙන්නම කතා වෙලා තමා අපි දික්කසාද වෙන්නේ. මට එයා ගැන වෛරයක් නෑ. මොකද ඒ තමා මගේ පුතාගේ තාත්තා. මගේ පුතාට ඉන්නේ එක තාත්තායි එයාට ඉන්නේ එක පුතයි.

ඒ නිසා එයාලා එයාලාට ගොඩක් ආදරෙයි. එයා නිතරම පුතාට කතා කරනවා විඩියෝ කෝල්ගන්නවා. ඉතින් ඒ වෙලාවට මමත් කතා කරනවා, කොහොම වුනත් දැන් මම තනිකඩයි. හැමෝටම ආදරයක් ඕන ඉතින් මම ආයේ විවාහ වෙනකන් තනිකම පාළුව කවුරු හරි තියාගන්නවාමට ඕන අවංකව ආදරේ කරන කෙනෙක්. සල්ලි යාන වාහන තිබුනට වැඩක් නෑ ආදරෙ නැත්නම්. මම පුංචි කාලේ ඉදන් ජිවිතේ විදවපු කෙනෙක්. ඉතින් මම කවදා හරි ආයේ කසාද බදින්නේ ගැහැණියකට ගරු කරන්න දන්න පිරිමියෙක්ව. ගොඩක් දුරට මම කැමති විදේශිකයෙක් එක්ක විවාහ වෙන්න.කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුනේ