latest articles relationship

ඔබටත් බිරිඳක් ඉන්නවානම් නිසැකවම ඇයගෙන් දකින්න ලැබෙන අමුතු ස්වභාවයන් 5ක්

පිරිමි ඔයාට පිස්සුවක් වගේ දැනෙන සමහරක් වෙලාවට wife ලා ගාව තියෙන අමුතු අමුතු දේවල් ඔයා දැනටමත් අත්විඳලා ඇතියි. ඉතින් අපි අද ඔබ වෙත ගෙන එන්නේ මේ විදියට ඔබට නිසැකවම අසන්නට ලැබෙනු වයිෆ්ලා ගාව තියෙන අමුතු ස්වභාවයක් ගැනයි. ඔයාගේ girlfriend වුණත් දැනටමත් මේ වගේ නම් එයා හිතින්  ඔයාගේ wife වෙලා ඉවරයි කියන එක තමයි එකෙන් කියවෙන්නේ.

1.ඔයා නිදාගෙන ඉන්න වෙලාවට ඔයා ළඟට ඇවිත් නිදිද බලලා ලාවට පොඩි තට්ටුවක් දාලා කතා කරනවා. ඊළඟට හොල්ලලා ඇහැරවලා හයියෙන් නිදිද කියලා අහනවා. එයා එහෙම කරන්නේ ඔයාගේ කටින්ම එක දැනගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා. “දැන් ඔය ඇහැරිච්ච එකේ ආයෙමත් නිදාගන්නේ නැතිව මට මොනාහරි උදව්වක් කරන්නකෝ” කියලා. හරියට නිකං බලෙන් ඇහැරුණා වගේ.

2.තමන්ගේ ඇඟ මහත් වෙලා කියලා දුක් වෙන එක තමයි  වයිෆ්ලාට තියෙන අනිත් ප්‍රධානම ගැටලුව. කෑම දැක්කම හොඳට කාල බීලා  කාලා බීලා ඉවර වුනාට පස්සේ “ආයෙ නං මේ විදියට කන්න ගේන්න එපා. මට මහත් වෙනවා ” කියලා කියනවා. හරියට ඒක නිකන් කෑම බලෙන් කන්න දුන්නා වගේ තමයි අහන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙලාවට පිරිමි අන්දුන් කුන්දුන් වෙන එක අහන්නත් දෙයක්ද.

3.තරහ වුණු දවසට අත්විදින්න වෙන සුපුරුදු දෙයක් තමයි තේ එකේ  සීනි ප්‍රමාණය සහ කෑම වල ලුණු ප්‍රමාණය වෙනස් වගේ දේවල්. ඒත් ඒක හිතලා කරේ නැති විදිහට තමයි act කරන්නේ. මොකද එතකොට එතකොට “ඇයි තේ එකේ  අද සීනි වැඩි” කියලා  ඇහුවම  “සීනි  ගානට දාලා තේකක් හදා ගන්න කියලා”  කියලා පිළිතුරක් තමයි ලැබෙන්නේ. එතකොට ඔයා තේරුම්ගන්න ඕන බිරිඳ ඉන්නේ තරහින් කියලා.

4.කාන්තාවන් ගොඩක් වෙලාවට එයාලා කැමති දේම කරලා ඒ වුණත් සමහර වෙලාවට බොරුවට husband කැමති දේවල් අහලා  වද දෙනවා. “මේ ඇඳුම අද මම ඇන්දාට කමක් නැද්ද?” ,  “අද දවල්ට අපි රයිස් එකක් කමුද?” එහෙමත් නැත්නම්“අද අපි යාළුවගේ ගෙදර යනකොට මොනවද අරගෙන යන්නේ?” වගේ දේවල් අහන්න ඉඩ තියෙනවා. විශේෂත්වය තමයි ඒ වගේ දේවල් අහන්නේ ඒ හැමදේම එයා තීරණේ කරාට පස්සේ වීම.

5.තවත් දෙයක් තමයි එයා කැමැති දෙයක් තිබුණොත් යන මඟ දිගට කඩවල් වල ඒ දේවල් පෙන්න පෙන්න යනවා. ඉතිං ඒකෙන් කියවෙන්නේ එයා ඒවාට කැමති කියන එකනේ. ඒ නිසා පඩි ගත්ත දවසට ඒ දේවල් අරගෙන ආවහම ඒ වෙලාවට බබා වගේ අහනවා “ඔයා කොහොමද දන්නෙ මම මේකට කැමැත්තෙන් ඉදියා කියලා?”, “ඇයි මෙච්චර ගානක් වියදම් කළේ?” වගේ දේවල් අහන්න වෙනවමයි.