latest articles life relationship

විවාහ වෙන්න හදිස්සි වෙන්න එපා කියන්නේ මෙන්න මේ හේතු නිසයි

ගොඩක් පෙම්වතුන් යාළුවෙලා කෙටි කාලෙකින් විවාහ වෙන්න තමයි හිතන්නේ. හැබැයි ඉතින් විවාහ වුනාට පස්සේ තියෙන වගකීම් වැඩියි. පාටියකට ගියත් වේලාසන ගෙදර එන්න ඕන​. යාළුවෝ එක්ක ට්‍රිප් එකක්වත් යන්න බැහැ. අනෙක් පාර්ශවයෙන් එක එක නීති. කෙල්ල ‘අනේ අපි බඳිමුකෝ’ කියපු ගමන් ‘හා’ නොකිය අපි අද මේ ලිපියෙන් කියන්න යන දේවල් කල්පනා කරලා බලන්න.

1.හොඳට එකිනෙකාට අඳුරගන්න කල් ගන්න

ටිකක් පරක්කු වෙලා හමුවුණ දෙන්නෙක් නම් වයස යනවාට බයේ හරි ගෙදර අය කියන නිසා හරි ඉක්මණටම කසාද බඳින්න හිතනවා නම් ඒක මෝඩ වැඩක්. ටික කාලයක් ගියත් කමක් නෑ මුලින්ම හොඳට එකිනෙකාව අඳුරගන්න. ඒකට හේතුව තමයි ගෙවල් වලින් කතා කරලා පොරොන්දම් බලලා ඉක්මනට බන් දලා දුන්නට බැන්දට පස්සෙ තමයි දෙන්නගේ නොගැලපෙන තැන් පේන්න් ගන්නේ. එතකොට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් එකිනෙකාව තේරුම් ගෙන නොබිඳෙන ආදරයක් ඇති කර ගන්න නම් ටික කාලයක් දෙන්නා ආශ්‍රය කරන්න ඕන​.

2.වගකීම් වැඩි වෙනවා

වෙනදා දවල් වෙනකම් නිදා ගත්තු කොල්ලන්ට කෙල්ලන්ට බැන්දයින් පස්සේ ඒවා කරන්න හම්බෙන්නේ නෑ. වෙනදා අම්මා කරලා දීපු වැඩ ටික එහෙම් පිටින්ම තනියම කරන්න වෙනවා. ඒ කිව්වේ උදේම නැගිටලා දෙන්නාටම කෑම උයන්න​, රෙදි හෝදගන්න, ගේ අතු ගාලා අස්පස් කරන්න, ගෙදර අඩුපාඩු හොයලා බලලා එළවළු, සීනි, තේ කොළ ගේන්න වගේ එකී මෙකී නොකී හැම එකම කරන්න සිද්ද වෙනවා.

3.දෙන්නගේ නොගැලපීම් ගැටෙන්න ගන්නවා

එකිනෙකා පිළිබඳ හරියට අවබෝධයක් නැති නිසා තමන්ගේ ඕනෑ එපාකම් එක්ක අනිත් කෙනාගේ ඒවා නොගැලපීමත් එක්ක ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඔය ටීවී වල පෙන්නන ටෙලිනාට්‍ය, පොත්පත්, අම්මලා අපිට මවලා දෙන ලස්සන ලෝක මොනවත් බැන්දාට පස්සේ වලංගු වෙන්නේ නැහැ. කොච්චර ලෝකයාට ලස්සනට ආදරෙන් ඉන්නවා වගේ පේන විවාහක යුවළවල් අතර පවා හිත් නොහොඳකම් ඇති වෙනවා.

4.වියදම් වැඩි වෙනවා

බඳින්න කලින් එකම ඇඳුම ඇඳලා, පොඩි දෙයක් කඩෙන් කාලා ලැබෙන සොච්චම් පඩිය ඉතුරු කරගත්තාට බැන්දාට පස්සේ එහෙම ශේප් වෙන්න බැහැ. මොකද ගෙදර වගකීම්වලට පඩියම වියදම් වෙලා යන නිසා. ඒ වගේම තමයි වයිෆ්ටත් මොනවා හරි අරන් දෙන්න වෙනවානේ. ඒ නිසා ඔක්කෝටම කලින් තමන්ගේ පඩියෙන් පවුලක් නඩත්තු කරගෙන යන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න ඕන. එහෙම නැත්නම් දෙන්නාම සකසුරුවමට ජීවත් වෙන්න හුරු වෙන්න ඕන.

5.නිදහස සීමා වෙනවා

විවාහ වුනාට පස්සේ වයිෆ්ට තනියෙන් ගෙදර ඉන්න බැරි නිසා හවස හය වෙද්දි ගෙදර යන්න වෙනවා. එහෙම ආවේ නැත්නම් දාහක් දේවල් කියලා කෝල්ස් එන්න පටන් ගන්නවා. ඒ නිසා වෙනදා වගේ යාළුවො එක්ක චුට්ටක් සෙට් වෙන්න තියෙන අවස්ථා නැතිවෙනවා. කෙල්ලෙක්ට වුණත් යාළුවොත් එක්ක වෙනදා වගේ ෂොපිං කරන්න​, ෆිල්ම් එකක් එහෙම බලලා එන්න හම්බෙන්නේ නැහැ.