Celebrity Gossip

ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ඉතින් මට ආඩම්බරයි මං ගැන​ – යුරේනි නොෂිකා

ලංකාවේ සිටින සරාගීම රංගන ශිල්පිනියන් ගැන කතා කරන විට අපිට පළමුවෙන්ම මතක් වෙන කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. ඇය රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්ද වෙනවා. සෑමවිටම ඉතාමත්ම සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්න ඇය නිතරම කෙළිලොල් චරිතයකි. ඒ විතරක් නෙවෙයි ඇය විලාසිතා කරන්නද ගොඩාක් කැමති කෙනෙක්.විශේසයෙන්ම ඇයගේ විලාසිතා පිලිබදව සමාජ මාධ්‍ය වල පවා නිරන්තරයෙන් කතා බහට ලක් වෙනවා. ඉතින් යුරේනි පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඇයගේ අලුත්ම විස්තර ගැන වගේම පෞද්ගලික ජීවිතයේ විස්තර පිළිබදව අදහස් ප්‍රකාශ කර තිබුනා.

මෙහිදී ඇය මේ දිනවල කරන වැඩ කටයුතු ගැන මුලින්ම අදහස් දක්වා තිබුනේ මේ ආකාරයෙන් , මේ දවස් හොඳින් ගෙවෙනවා. ලොක්ඩවුන් එකෙන් පස්සේ ටිකක් කාර්යබහුලයි. තිසර ඉඹුලානගේ, සාලින්ද රත්නායකගේ නාට්‍යයන් කිහිපයක්. ගොඩ කාලෙකින් නාට්‍ය තුනකට එකපාර සම්බන්ධ වෙන්නේ.පහුගිය කාලෙනම් හොඳ ඇඩ්වෙන්චර්ස් බොහෝමයක නිරත වුණා. හොඳට ඇවිද්දා. එක එක වැඩ නිසා මගේ ජීවිතේ මම ආස කරපු ගොඩක් දේවල් මගහැරුණා. දැන් මේ නාට්‍යවල වැඩකටයුතු ඉවර වුණාම ජනවාරි මාසේ හිතන් ඉන්නවා කන්දක් නගින්න යන්න. මම හරිම කැමැතියි ඇඩ්වෙන්චර්ස්වලට. හැබැයි ඒ වගේ දේවල් තනියම කරන්න කම්මැළියි. ඒ නිසා තමයි වැඩියෙන්ම මට ඔය කැමැති දේවල් කරන්න පරක්කු වුණේ. නමුත් මම හිතුවා කවුරුත් ඕනේ නෑ මමම මං කැමැති දේවල් කල් දාන්නේ නැතුව​ තනියම හරි කරනවා කියලා. ජීවිතේ හැම මොහොතම මම විඳිනවා.

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළවක්. ඒ අවුරුදු පහළවේම මම විවිධ විලාසිතා කළා. ඒ අතරේ ඔසරියේ ඉඳන් කොට ගවුම වෙනකල්ම ඇඳලා තියෙනවා. මමනම් ඔය කියන කතා කිසිම දෙයක් ගණන් ගන්නෑ. මාව ළඟින් ආශ්‍රේ කරන මිනිස්සු දන්නවා මම විලාසිතා කරන විදිහ ගැන. ඒවා හරිම වෙනස්. ඉතින් සමහරු ඒ විලාසිතාවලට එකඟ වෙනවා. සමහරු එකඟ වෙන්නෙ නෑ. එකඟ නොවුණා කියලා මම ආස කරන ඇඳුම් මම නොඇඳ ඉන්නෙත් නෑ. විලාසිතා කරන එක නවත්තන්නෙත් නෑ. අවුරුදු අසූව පැන්නත් මම විලාසිතා කරනවා .ගෑනු ළමයෙක්ගේ කකුලක් පේන එක ලොකු පවක් විදිහට සලකන කට්ටිය ඔවුන්ගේ ජීවිතේ ඊට වඩා පවු රැස් කරගන්නවා තව මනුස්සයෙක්ට හිනාවෙලා.

කියමනක් තියෙනවනේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. ඉතින් මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළවක් ගිහිල්ලත් මිනිස්සු මට එක එක දේවල් කියනකොට මම තවමත් ඵල දරන හොඳ රුකක් කියලා. ඉතින් මට ආඩම්බරයි. සතුටුයි.මේ වෘත්තිය මම හීනෙන්වත් නොහිතපු වෘත්තියක්. හීනෙන්වත් හිතුවෙ නෑ නිළියක් වෙන්න ලැබෙයි කියලා. මම හැදුණ හොස්ටල් එකේ අවුරුදු දොළහක් යනකල් ටීවී බලන්න දුන්නෙත් නෑ. මම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ නීතිඥවරියක් වෙන්න. අහම්බෙන් තමයි කලාවට සම්බන්ධ වෙන්නේ.

යුරෙනි ගේ විවාහය ගැන අවසාන වශයෙන් ඇය කියා සිටියේ මේ ආකාරයෙන් ,  විවාහයක් වෙනවනම් වෙයි. මම ලොකුවට ඒක පස්සෙ පන්නන්නෙ නෑ. මැරෙනකල් මට හිතේ සතුටින් ඉන්න තිබ්බනම් ඇති. අතීතයේ හිත ගියපු අය ඉන්නවා. නමුත් ඒවා හරිගියෙත් නෑ. අනික මම කවුරුත් එනකල් බලන් ඉන්නෙත් නෑ. මගේ ජීවිතේ ගැන සතුටු වෙන්න මට පුළුවන්. කවුරුහරි කෙනෙක් ඒ සතුට දෙගුණ කරන්න ආවොත් එහෙමයි. නාවොත් එහෙමයි. ඒත් මම සතුටින් ඉන්නවා. කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුනේ.