Celebrity Gossip

ආසාවෙන් හිටියේ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න​.ඒත් දැන් හිතෙනවා නිළියක් වුන එක හොඳයි කියලා-අවිශ්කා උමයංගි

මේ දවස් වල බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වෙලා ඉන්න නවක රංගන ශිල්පිනියක් තමයි අවිශ්කා උමයංගි කළුබෝවිල කියන්නේ. මේ නමින් බොහෝ දෙනෙක් ඇයව හදුනන්නේ නැති වුනත් සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා එහෙමත් නැත්නම් මල්කඩේ මිස් කිව්වොත් ඇයව කවුරුත් අදුනනවා. කොහොම වුනත් දැන් ඇය සංගීතේ ටෙලිනාට්‍යයේ දකින්න නෑ. නමුත් එම ටෙලිනාට්‍ය නිසා ඇයට ලැබුන ජනප්‍රියත්වය තවමත් ඒ විදියටම තියෙනවා. ඉතිං අවිශ්කා උමයංගි නැවතත් දෙරණ නාළිකාවෙන්ම අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්, ඒ තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන ‘හිතුවක්කාර’ ටෙලි නිර්මාණය තුළින් . ඉතින් ඇය පසුගිය දිනයක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇයගෙ අලුත්ම විස්තර පිළිබදව අදහස් දක්වා තිබුනා.

එහිදී ඇය කලාවට සම්බන්ධ වූ ආකාරය පිලිබදව මුලින්ම අදහස් දක්වා තිබුනේ මේ ආකාරයෙන් , 2018 වසරේ මම දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා. එතැනදී මට වාසනාව ලැබෙනවා දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පලඳින්න. එතැනින් පස්සේ මට ලක්සිරි වික්‍රමගේ සර් තමා සංගීතේ නාට්‍යයට කතා කරන්නේ.පවුලේ එකම ළමයා කලාවට එනවට මුලදී නම් චුට්ටක් තාත්තා අකමැති වුණා. ඒත් යන්න එපා කියලා දැඩි තහංචි දැම්මේ නැහැ. දැන් නම් මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යනවට මට වැඩිය කැමති ඒ දෙන්නා.ඒ වගේම නිළියක් නොවුනා නම් මං ආසාවෙන් හිටියේ එයා හොස්ටර් කෙනෙක් වෙන්න​ . නිළියක් වීම ගැන ඇත්තටම සතුටුයි. මේ වෙද්දී මග තොටේදී වුණත් මාව අඳුරනවා. ඒ මම රංගනයට ආව නිසානේ. ඒ නිසා සතුටක් තියෙනවා. අද හිතෙනවා එයාර් හොස්ටර් කෙනෙක් නොවී නිළියක් වුණු එක හොඳයි කියලා.

මම හිතුවේ නැහැ සංගීතේ තුළින් ඒ තරම් ජනප්‍රියතාවක් ලැබෙයි කියලා. දැනටත් අලුත් ඩ්‍රාමා එකේ ට්‍රේලරයට බොහෝ දෙනා ආ මේ සංගීතේ මල් ගර්ල්නේ කියලා තමා කමෙන්ට් කරන්නේ. මම ඇත්තටම රඟපාන්න දන්නේ නැහැ අඩුපාඩු හදාගෙන කරගෙන ගියේ ඒ චරිතය. නමුත් ඒක මගදී නැවතුණා. දැන් මේ අලුත් නාට්‍යය තුළින් අඩුපාඩු හදාගෙන ඉස්සරහට හොඳට මගේ හැකියාවන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.ගුවනිගේ චරිතය සංගීතේ රන්දිමා වගේ නෙවෙයි ගොඩක් වෙනස් චරිතයක්. ගොඩක් අහිංසක සංවේදී ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. හිතුවක්කාර පෙම්වතෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නේ. ඒ ඔස්සේ තමා චරිතය ඉදිරියට යන්නේ.

විශේෂයෙන්ම කියන්න ඕනේ කේෂාන් අයියා සහ මාලනී ෆොන්සේකා මහත්මිය එක්ක තමා මම මේ චරිතය රඟපාන්නේ. කේෂාන් අයියා මට ගොඩක් උදව් කරා ගුවනි කියන චරිතය සාර්ථක කරගන්න. මම දන්නේ නැති දේවල් සහ දෙබස් උච්චාරණය පවා මට කියල දුන්නා. ඒ වගේම තමා අපේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය. මම ඒ තරම් නිහතමානීකමක් එතුමියගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. එතුමිය නිළි රැජින වෙලත් මම වගේ අලුත් කෙනෙක් එක්ක එතුමිය වැඩ කරන විදිය ගැන හිතුවම හරිම නිහතමානී හොඳ කෙනෙක්. ඒ එක්කම මට අවස්ථාව ලබා දුන්නු ලක්සිරි සර්, චරිත් අයියා සහ ‘හිතුවක්කාර’ අධ්‍යක්ෂණය කරන තිළිණ බොරලැස්ස අයියට වගේම ගයාන් දිනේෂ් අයියටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ.

ගුවනි කියන චරිතය තුළ භරත නැටුමක් ඉදිරිපත් කරන්න තියෙනවා. මම නර්තනය හදාරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා භරත නැටුමක් ඉදිරිපත් කිරීම මට ලොකු අභියෝගයක් වුණා. ඉතා කෙටි කාලයක් තුළ පුරුදු වුණු මගේ පමුළවැනි භරත ඇක්ට් එක හිතුවක්කාර තුළින් දකින්න ලැබෙන්නේ. ඒ නිසා පොඩි පොඩි අතපසුවීම් තියෙයි. ඒ දේ තේරුම් අරන් රසවිඳියි කියලා හිතෙනවා. ඒ වගේම වරදක් තියෙනවා නම් සමාවෙන්න කියලා කියනවා. ඉදිරියට රංගනය වගේම නර්තනය පැත්තත් හදාරන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුනේ.