health latest articles life

ඔබට සමීප කෙනෙකු සමගවත් බෙදාගෙන භාවිතා කිරීමට නුසුදුසු දේවල් 5ක්

අපේ යට ඇඳුම්, දත් බුරුසුව වගේ දේවල් තවත් කෙනෙක් එක්ක බෙදාගෙන පාවිච්චි කරන්න හොඳ නෑ කියලා අපි දන්නවා. ඒත් ඒ වගේම බෙදාගෙන එකට පාවිච්චි කරන්න හොඳ නැති තවත් දේවල් තියෙනවා. නමුත් අපේ නොදැනුවත්කම නිසා ඒවත් එකට පාවිච්චි කරන අවස්ථා ගොඩක් තියනවා. ඒවගෙන් අපේ සෞඛ්‍යයට වෙන්න පුලුවන් අහිතකර බලපෑම ගැන අපි දැනුවත් නැති නිසා අපිට ඒක ප්‍රශ්නයක් නැති වෙන්න පුලුවන්. ඒත් තමන්ගෙ පවුලේ කෙනෙක් එක්කවත් බෙදාගදා ගෙන පාවිච්චි කරන්න හොඳ නැති දේවල් මොනවද කියලයි අපි අද මේ ලිපියෙන් කියන්නේ.

1.හෑන්ඩ්ස් ෆ්‍රී

හැම කෙනෙක්ගෙම කනේ තියෙන කන් කළාඳුරුවල කෙනාගෙන් කෙනාට ආවේණික සමතුලිත බැක්ටීරියා ප්‍රමාණයක් තියනවා. තවත් කෙනෙක්ගෙ හෑන්ඩ්ස් ෆ්‍රී එකක් හරි හෙඩ් ෆෝන් එකක් හරි පාවිච්චි කරනකොට ඒ බැක්ටීරියා ඔයාගෙ කන ඇතුළට ගිහින් කනේ හැදිලා තියන බැක්ටීරියා සමතුලිතය බිඳ වැටිලා කන ආශ්‍රිත රෝග හෝ ආසාධිත තත්ත්වයන් ඇති වෙනවා. ඔයා වෙන කෙනෙක්ගෙ හෑන්ඩ්ස් ෆ්‍රී එකක් පාවිච්චි කරනවා නම් අනිවාරෙන්ම ඒක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පිරිසිදු කරලා ගන්න.

2.ලිප්ස්ටික්

යාලුවෙක් හරි ගෙදරම ඉන්න ඔයාගේ සහෝදරියක් හරි ඔයාගෙ ලිප්ස්ටික් එක ඉල්ලුවම ඔයා දෙපාරක් හිතන්නෙ නැතිව ඒක එයාට දුන්නට ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒකට හේතුව තමයි හර්පීස් කියන සමේ රෝගය ලිප්ස්ටික් මගින් බෝ වෙන්න පුලුවන්. මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි මේ රෝගය තියන සමහර අයගේ රෝගය තියන බවක් දද විදියට එලියට පේන්නෙ නෑ. ඒත් එයාලගෙ කෙළ හා ශ්ලේෂ්මල වල වෛරස් එක තියෙන්න පුලුවන්.

3.ඩියෝඩ්‍රන්ට්

අපි ඩියෝඩ්‍රන්ට් ආලේප කරන්නෙ දහඩිය මගින් ඇතිවන බැක්ටීරියා නිසා ඇති වෙන දුගඳ නැති කිරීමටනේ. අත් යට ආලේප කරනකොට ඒ බැක්ටීරියා ඩියෝඩ්‍රන්ට් එකේ ගෑවෙනවා. ඉතින් අපි වෙන කෙනෙක්ගෙ ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කලොත් ඒ බැක්ටීරියා අපේ ඇඟටත් එනවා. ඒක හොඳ දෙයක් නම් නෙවෙයි.

4.තුවාය

සාමාන්‍යයෙන් තුවායකින් කරන්නෙ ශරීරය මතුපිට තියන ජලය උරාගන්න එකයි. ඔයා හොඳ සෞඛ්‍ය සම්පන්නව ඉන්න කෙනෙක් වුනත් නාන කාමරය ඇතුලේ තියන ජල වාශ්ප නිසා ඔයාගෙ තෙත තුවායට බැක්ටීරියා හා දිලීර ගොඩක් එකතු වෙනවා. ඒ නිසා ඔයාගෙ තුවාය වුණත් පාවිච්චි කලාට පසු හොඳින් වේලාගන්න. ඒ  වගේම වෙන අය එක්ක බෙදාගන්න එපා.

5.පාවහන්

සපත්තු, සෙරෙප්පු කියන්නෙත් හවුලේ පාවිච්චි කරන්න හොඳ දෙයක් නෙවෙයි. ඔයා සපත්තු හෝ සෙරෙප්පු දාගෙන ඉන්නකොට යටිපතුල් වලට දාඩිය දානවා. ඒ මගින් බැක්ටීරියා ආසාදන ඇති වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.