latest articles relationship

මේ ගතිගුණ තියෙන සහකරුවෙක් නම් ඔබටත් ඉන්නේ ඔහුව කවදාවත් නැති කරගන්න එපා

මේ වන විටත් ඔබ ප්‍රේම පලහිලව්වක පැටලී ඉන්නවා නම් ඔබ හොඳින්ම දන්නවා එය පවත්වා ගෙන යාම හිතන තරම් ලේසි දෙයක් නොවන බව. ඉතින් මේ විදියට ප්‍රේම සම්බන්ධතාවයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් තමාගේ හැඟීම් සහ ආවේගයන් පාලනය කරගන්නට වගේම අනිත් කෙනාගේ හැඟීම් හා ආවේග වලට ප්‍රතිචාර දක්වන ආකාරය ගැනත් ඔබට මනා අවබෝධයක් තිබීම අවශ්‍යයි. ඔබට ගොඩක් ආදරේ පිරිමි ළමයෙකු ඔබේ ජීවිතයට මුණ ගැහෙනවා නම් එය ඇත්තෙන්ම ඉතා වටිනා දෙයක්. ඉතින් මේ විදියට තමන්ගේ ජීවිතයට ලැබෙන කෙනා ඇත්තෙන්ම ඔබට ආදරෙයිද ඔහු හොඳ කෙනෙක්ද කියලා බොහොම ලේසියෙන්ම දැනගන්න පුළුවන් කාරණා කිහිපයක් ගැන තමයි අප අද ඔබ වෙත ගෙන එන්නට සුදානම් වන්නේ.

1.ඔහු ඔබගේ ජීවිතේ හොඳම රසිකයා වෙනවා

ඔබට හැබෑ කරගන්නට හීන ගොඩක් ඇති. ඉතින් ඔබ ඒ වෙනුවෙන් මහන්සි වෙද්දී ඔබ ලඟින්ම රැඳෙමින් ඔබට සහයක් වෙනවා වගේම ඔබ ජීවිතයේ වැදගත් ජයග්‍රහණ හැම එකකදීම ඔහු වැඩියෙන්ම සතුටු වෙනවා නම්, අවංකවම සතුටකින් ඔබට සුබ පතනවා නම් ඔහු තමයි ඔබේ ජීවිතේ හොඳම රසිකයා වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කෙනෙක්ව කවදාවත් නැති කරගන්න එපා.

2.ඔබේ ජයග්‍රහණ ලඟා කරගන්න සහය වෙනවා

කිසිම කෙනෙක්ට ජීවිතයේ කවදාවත් හැමදාමත් ජයග්‍රහණය විතරක්ම ලබන්නේ නැහැ. ඒත් පරාජයන්ට මුහුණ දුන්නු වෙලාවකදී ඔයාගේ හිතේ දුක තුනී කරලා ධෛර්යමත් කරන්න  ඔහුට පුලුවන්. මොන ගැටලුවලට මුහුණ දුන්නත් ඔබව ඔහුට වටින නිසා ඔබ බය නැතිව අභියෝගයන්ට මුහුණ දීලා ඒවා ජය ගන්නට අවස්ථාව ලබාගන්නවා.

3.කොයි තරම් කාර්යබහුල වුණත් ඔබව අමතක කරන්නේ නැහැ

ඔබට කරදරයක් වෙන්නෙ නැති වෙන්න හැම දවසකම ඔයා ගැන හොයලා බලනවා නම්, Good Morning, Good Night messages වගේම “අද හොඳට කෑම කන්න”, “ මහන්සි නොවී වේලාසන නිදා ගන්න” ඒ වගේම “මං ඔයාට ආදරෙයි” වැනි ආදරණීය වදන් Messages වලින් හරි Call එකක් අරගෙන හරි කියනවා නම් එය ඇත්තෙන්ම ඔහු ඔබට ආදරය කරන බවට ඉඟියක්. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ඔහු රැකියාව නිසා කාර්යබහුල වුණත්, යහළුවන් එක්ක හිටිය  වුණත් එහෙමත් නැත්නම් වෙන වැඩක යෙදිලා  හිටියාත් කොහොම හරි වෙලාවක් වෙන්කරගෙන ඔබට කතා කරන්න අමතක කරන්නේ නැහැ. ඔහු මේ විදියට කරනවා නම් නිතරම ඔහුගේ හිතේ ඔබ ඉන්න බවට සැකයක් නැහැ.

4.ඔබව අගයමින් ඔබ  ගැන අවංකවම සතුටු වෙනවා  

ඔහු ඔබේ ලස්සන දකින නිසා ඔබ ගැන ආඩම්බර හිතෙනවා. ඔබේ ලස්සන ගැන, ඔබේ හුරුබුහුටිකම ගැන ඔහු නිතරම ඔබට කියනවා. ඔබ අලුත් විලාසිතාවක් කළොත් ඒකෙන් ලැබෙන ලස්සන ගැන  ඔහු අවංකවම සතුටු වෙලා ඒ ගැන ඔබට කියනවා. ඔහුට ඔබව දැනෙන හැම වෙලාවෙම ඔබව අගය කරන නිසා ඔහුට හිතෙන්නේ ඔබ ලෝකේ ලස්සනම ගෑනු ළමයා කියලා. ඉතින් ඒ විදියට ඔබට වටිනාකමක් දෙන කෙනෙක් එක්ක ඔබට හැමදාම ඉන්න ලැබෙනවා නම් ඔබට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවි.

5.ඔහු ඔබව තේරුම්ගන්නවා

ඔබේ වැඩ කටයුතු පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තියෙනවා නම්, ඔබේ වැඩත් එක්ක ඔහු සමඟ ගත කරන්න ලැබෙන කාලය අඩු වෙන එක ගැන අනවශ්‍ය  විදියට තරහ ගන්නේ එකක් නැහැ. මහන්සි වෙලා, එපා වෙලා ඉන්න වෙලාවට ඔබේ හිත හදලා, හිනස්සවලා, සතුටු කරන්න තමයි ඔහු නිතරම උත්සාහ ගන්නේ. කොහොම හරි  පුළුවන් හැම වෙලාවකම ඔබට උදව්වක් කරලා ඔබට කරගන්න අමාරු වැඩ කටයුතු පහසු කරල දෙන්න ඔහු උත්සාහ කරනවා නම් ඔහු ඔබේ ජීවන සහකරු කරගන්න හොඳ සුදුස්සෙක් වෙනවා.