latest articles relationship

සැමියා තම බිරිඳගෙන් දකින්න අකමැතිම පුරුදු 5ක්

ජීවිතය කියන්නේ මොහොතකින් වරදින්න පුළුවන් දෙයක්. වරද්ද ගන්න ලේසි උනාට නැවත ඒ වැරැද්ද හදාගන්න එක නම් ලේසි වැඩක් නෙවෙයි. විවාහ ජීවිතයේදී නිතරම ප්‍රශ්න ඇතිකරගන්න එක දැන් කාලයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න දුරදිග ගියොත් නම් ඔබ දෙදෙනාගේම ජීවිතය නිකරුණේ විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඔබට මේ පුරුදු පහ අදම නවත්වා ගන්න පුලුවන්නම් ඔබගේ විවාහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වේවි. 

1.සැමියාගේ පුංචි පුංචි වැරදි මතක තියාගෙන ඉන්න එක

සමාව දීම වගේම අමතක කිරීමත් විවාහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය දෙයක්. එහෙම නැතිව සැමියා අතින් වෙන පුංචි පුංචි වැරදි මතක තියාගෙන ඉඳලා ඒ දේවල් මතක් කරලා සැමියා සමග ප්‍රශ්න ඇති කර ගන්නවා නම් ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා කියන එක හීනයක් විතරයි. 

2.සැමියාව සැක කිරීම

ඔබ හිතෙනවනම් බිරිඳ ලෙස ඔබට අයිතියක් තියනවා කියලා ඔබගේ සැමියා ගැන සැක කරමින් ඔහුගේ හැම පෞද්ගලික දෙයක් ගැනම සොයා බලන්න, ඔබට කිසිම දවසක ඔහු සමඟ සතුටින් ඉන්න ලැබෙන එකක් නම් නැහැ. ඕනෑම කෙනකුට පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන. ඔහු ඔබගේ සැමියා වුණා කියලා ඔබට බැහැ අනවශ්‍ය විදිහට ඔහුගේ පෞද්ගලිකත්වය නැති කරලා දාන්න. ඒ නිසා ඔබේ සීමාවන් දැනගෙන කටයුතු කරන්න.

3.ඔහුගේ පවුලේ අයට ගරු නොකිරීම 

සමහර කාන්තාවන් ඉන්නවා ඔවුන් කිසිම අවස්ථාවක සැමියාගේ පවුලේ අයගේ හොඳක් දකින්න කැමති නැහැ. නිතරම ඔවුන්ගේ වැරදි කියමින් සැමියාට කරදර කරනවා. මේ වගේ කාන්තාවන් මතක තබා ගත යුතු දෙයක් තමයි අපි කවුරුවත් කැමති නැහැ අපේ පවුලේ අයට වෙන කෙනෙක් වැරදි කියනවට. ඉතින් ඒ වගේ තමයි ඔබේ සැමියාත් කිසිම දවසක ඔබ ඔහුගේ පවුලේ අයට දොස් කියනවාට කැමති වෙන්නේ නැහැ. 

4.තැනක් නොතැනක් නොබලා ඔහුත් සමඟ ප්‍රශ්න ඇති කර ගැනීම

පවුල් ජීවිත ඇතුලේ මොන තරම් ප්‍රශ්න තිබුණත් ඒ දේවල් දැනගන්න ඕන ඔබත් ඔබේ සැමියාත් පමණයි. එහෙම නැතුව ඔබ හැමෝම ඉස්සරහ රණ්ඩු වෙලා ප්‍රශ්නය විසදගන්න උත්සහ කරන කාන්තාවක් නම් ඔබට ප්‍රශ්නය විසඳගන්න එක කෙසේ වෙතත් විවාහ ජීවිතයත් කෙළවර කරගෙන ප්‍රශ්න ගොඩක පැටලෙන්නටයි සිදුවෙන්නේ. 

5.ඔහු කරන දේවල් වල හොඳක් නොදැකීම

ඔබ ඔබගේ සැමියා කරන සියලු දේකම​ අඩුපාඩු දකිනවානම්, ඒ ගැන ඔහුට නිතරම දොස් කියනවානම් ඔහුට ඉක්මනින්ම ඔබව එපා වේවි. ඔහුට ඔබව එපා වෙනවා කියන්නේ ඔබේ විවාහ ජීවිතය අතරමග නවතින්න එය හේතුවක් වෙනවා.