beauty health latest articles

ඔබේ කොණ්ඩය නිතර සෝදන බව පෙන්වන ලක්ෂණ 6ක්

කොණ්ඩය නිතර සෝදාහැරීම බොහෝ දෙනෙකුගේ පුරුද්දක් වෙලා තියනවා.  නිතර නිතර ඔබේ කොණ්ඩය සේදීමෙන් හිසකෙස් පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබාගත හැකි බව පෙනුනත් එය ඇත්තෙන්ම එසේ නොවෙයි. එසේ හිසකෙස් නිතර සෝදාහැරීමෙන් ඔබේ හිසකෙස්වලට හානි සිදුවෙයි. එමනිසා කෙස්කළඹක් දෙස බලා එය නිතර සෝදාහරිනවා ද නැත් ද යන්න සෙවිය හැකයි. එසේ ඔබේ කොණ්ඩය නිතර සෝදන බවට සළකුණු 07 ක් අද අපි මේ ලිපියෙන් කතා කරමු.

1. වෙනදාට වඩා හිසකෙස් ගැලවීයන බව දැකගත හැක.

ස්නානය කිරීමේදී කෙස් වැටීම සාමාන්‍ය දෙයක් වුනත් නිතර නිතර සේදීම සහ වැඩිපුර ෂැම්පූ භාවිතයෙන් හිසකෙස් වැඩි වශයෙන් හැලීයාම සිදුවනවා. වැඩි වශයෙන් ෂැම්පු භාවිත කිරීම හිස්කබලේ නිපදවන ස්වාභාවික තෙල් ඉවත් කිරීමට හේතු වන නිසා හිස්කබල වියළීමට ලක්වී, එහි පෝෂණය​ අවම වී  හිසකෙස් ගැලවී යාම සිදුවෙනවා. මෙය අවම කර ගැනීමට ෂැම්පූ භාවිතයේදී මෘදු, සල්ෆේට් රහිත ෂැම්පූ භාවිතා කිරීමට වගබලා ගන්න.

2. හිසකෙස් අග පැලීයාම අධික බව දැකගත හැක.

කොණ්ඩය නිතර සෝදාහැරීම , තුවායෙන් වියලීම, හිසකෙස් අග පැලීයාමට ප්‍රධානම​ හේතු වෙනවා. . තෙත කෙස් ඉක්මනින් බිඳෙනසුලු වන අතර කැඩීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. එමනිසා ඔබ වැඩි වැඩියෙන් හිසකෙස් සෝදන තරමට හිසකෙස් අග පැලීයාම සිදුවෙනවා. හිසකෙස් නිතර සෝදාහැරීම අවම කිරීමත් හිසකෙස් සතියකට වතාවක්වත් ට්‍රිම් කිරීමත් මෙයට පිළියම් ලෙස සිදු කරන්න පුළුවන්.

3.හිසකෙස්වල දිදුළන බව අඩුවී ඇති බව පෙනේ.

කොණ්ඩය නිතර සෝදාහැරීමෙන් හිසකෙස්වල දිදුළන බව අඩුවී යයි. හිස්කබලේ නිපදවන ස්වාභාවික තෙල් ඉවත් වීම, තෙතමනය නොමැතිකම මෙයට හේතු වෙනවා. කොණ්ඩය නිතර සෝදාහැරීම අවම කිරීමත් ෂැම්පූ භාවිතයේදී මෘදු, සල්ෆේට් රහිත ෂැම්පූ භාවිතා කිරීමත් මඟින් මෙය අවම කරගත හැකි වෙනවා.

4.හිසකෙස්වල වර්ණය​ ඉක්මනින් මැකී යන බව දැකගත හැක.

ඔබට තිබෙන්නේ වර්ණ ගැන්වූ හිසකෙස් නම් නිතර සෝදාහැරීමෙන් හිසකෙස්වල වර්ණය​ ඉක්මනින් මැකී යනවා. වර්ණය හිසකෙස්වල රඳා පවතින කාලය අවම වෙනවා. හිසකෙස් නිතර සෝදාහැරීම අවම කිරීමත්, වර්ණ ගැන්වූ හිසකෙස් සඳහා විශේෂ වූ ෂැම්පූ වර්ග භාවිතා කිරීමත් මඟින් මෙය අවම කරගත හැකි වෙනවා.

5. හිසකෙස් අපිළිවෙළ ස්වාභාවයක් ගනී.

ඔබේ හිසකෙස් අපිළිවෙළ ස්වාභාවයක් ගනී නම්, ඔබ නිතර කොණ්ඩය සෝදාහරින බවටත් නිතරම ෂැම්පු භාවිත කරන බවටත් එය සළකුණක් වෙනවා. හිසකෙස් නිතර සෝදාහැරීම අවම කිරීමත්, ෂැම්පූ කිරීමෙන් පසු කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කිරීමත් මඟින් මෙය අවම කරගත හැකි වෙනවා.

6. හිසකෙස් පහසුවෙන් ගැටගැසී යන බව දැකගත හැක.

නිතර කොණ්ඩය සේදීමෙන් හිස්කබලේ රෝම කූප විවෘතවී හිස්කබලට සහ හිසකෙස්වලට වියලි ස්වභාවයක් ගෙනඑනවා. එමනිසා හිසකෙස් වල ගැට සහ පැටලීම් ඇති වී හිස පීරන විට පනාව සිරවී ඔබේ කොණ්ඩයට වඩාත් හානි වීම සිදුවෙනවා.