Celebrity Gossip

මගේ අළුත් පෙම්වතා මට වඩා අවුරුදු තුන හතරක් බාලයි තමයි.සමාජය ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ-මේධා ජයරත්න

මේධා ජයරත්න කියන නම ඒ රූපය නොදන්න කෙනෙක් නැහැ. කටහඬ ඇහුනත් ඒ කවුද මොනවාද කරන්නේ කියලා කවුරුත් දන්නවා. නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබෙන මේධා පසුගිය කාලේ හිරු මෙගාස්ටාර් වැඩසටහන තුළිනුත් දැකගන්න ලැබුනා. තනිකඩ ජිවිතයක් ගත කරන මේධා දැන් පෙම්වතියක් කියලයි කියන්නේ. ඒ ගැන වගේම මේධාගේ අලුත් තොරතුරු ගැන ඇය පසුගිය දිනයක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අදහස් ප්‍රකාශ කරලා තිබුණා.එහිදී ඇය මේ දිනවල කරන කලා කටයුතු පිලිබදව මුලින්ම කියා තිබුණේ මේ ආකාරයෙන්.

මම රඟපාන ‘මෙට්‍රෝ හීන’ සහ ‘ඉන්ටර්නැෂනල්’ යන ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල විකාශය වෙනවා. ඒ හැරුණම පහුගිය කාලයේ තවත් ටෙලි නාට්‍ය දෙකක රඟපෑවා.උපාධිධාරිණියක් ලෙස රජයේ සේවයට බැඳුණා නම් මාසෙ පුරාම වැඩ කරලා වැඩිම වුණොත් රුපියල් හැට හැත්තෑදාහක වැටුපක් ලබයි. නමුත් ඒ ගාණ අපි කලාකරුවන් විදිහට දවස් කිහිපයක් වැඩ කරලා හොයනවා. වැඩසටහනක නිවේදන කටයුතු මෙහෙයුවොත් එක දවසට රුපියල් හතළිස්දාහක් පනස් දාහක් ගන්නවා. එහෙම බැලුවාම රජයේ සේවකයෙක් මාසෙම වැඩ කරලා හොයන මුදල් අපි එක දවසකින් හොයන අවස්ථාත් තියෙනවා.

පුතාට දැන් අවුරුදු 18යි. දුවට අවුරුදු 8යි. ඒ දෙන්නම පාසල් අධ්‍යාපන කටයුතුවල යෙදිලා ඉන්නවා.දැන් දරුවන් ගෙන් මන් ඈත් වෙලා ඉන්නේ. ඇත්තටම​ ඒ ගැන නම් කතා කරන්නත් කනගාටුයි. මොකද ඒ ගැන කතා කරද්දි තැළෙන්නේ දරුවො නිසා. දරුවන් හා අම්මා කෙනෙක් අතර තියෙන බැඳීම මොනම හේතුවකින්වත් කාටවත් වෙනස් කරන්න බැහැ. නමුත් මිනිස්සු තමන්ගේ හිත්වල තියෙන තරහා දරුවන් හරහා පිරිමහන්න හදනවා. මම සති දෙකකට වරක් දරුවන්ව බලනවා.මම කවදාවත් කැමති වුණේ නැහැ වැඩිහිටියන්ගේ ප්‍රශ්න ඉදිරියේ මොනම හේතුවක් නිසාවත් දරුවන් අතරමැදියන් කරගෙන එයාලව පීඩාවට පත්කරන්න. ඒ නිසා ඒ අවස්ථාවේ මම යම් තීරණයක් ගත්තා. නමුත් මම අදටත් කියන්නේ දරුවෝ දෙන්න භාරගන්න මම කැමතියි. මට කිසිම නඩත්තු මුදලක් හෝ වන්දියක් වුවමනා නැහැ.

ඒවගේම ඇයගේ අලුත් පෙම්වත ගැන ඇය මෙහිදී කියා තිබුනා.මට පෙම්වතෙක් ඉන්නවා. නමුත් විවාහයක් ගැන නම් මම තවම දින වකවානු යොදාගෙන නැහැ. පෙම්වතෙක් ඉන්නවා කියලා මම ප්‍රකාශ කරන්න බලපෑ හේතු තිබෙනවා. ගැහැනියක් තනියම ඉන්නකොට ඇතැමුන් හිතනවා අපිට කිසිම හව්හරණක් නැහැ, අපි අසරණයි, ඔවුන්ගේ මුදල්වලට අපේ ජීවිත ගන්න හැකියි කියලා. සමහරු එක එක කතා හදනවා. විවිධ යෝජනා කරනවා. මගේ ජීවිතයට ආදරයක් රැකවරණයක් තියෙනවා. මම වැඩ කරන්නේ මගේ කාලය නිකරුණේ ගත වෙන නිසා.

මට ජීවත් වෙන්න පුළුවන්. ආර්ථික පැත්තෙන් මම වැටිලා නැහැ. කාගෙවත් දේවල් අරන් ජීවත් වෙන්නවත් කාගෙවත් යෝජනාවලට අවනත වෙන්නවත්, කාගෙවත් පිළිසරණ පතන්නවත් මට ඕන නැහැ.මගේ පෙම්වතා මට වඩා වසර තුන හතරකින් බාලයි. ඒක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මටත් ප්‍රශ්නයක් නෙවෙයි. අපි දෙන්නට ප්‍රශ්නයක් නොවේ නම් ඒක සමාජය ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුණේ.