Celebrity Gossip

මේ දවස් වල ගොඩාක් දෙනෙක් මං ගැන කතා කරන්නේ වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක මං රඟපාපු නිසා-චූලාක්ෂි රණතුංග

චූලාක්ෂි රණතුංග කියන්නෙ අපි කවුරුත් හදුනන රිදී තිරයේ ජනප්‍රිය නිළියක්.දේදුනු ආකාසේ සින්හල සිනමා පටය සමග කලඑලි බැසූ ඈ සැබැවින්ම නිළියක් පමණක් නොව බාස්කට් බෝල් ශූරියක් ද වෙනවා.රංජන් රාමනායකගේ හඩපට සමග කතන්දර මවන්නියක් වූ චූලාක්ෂි 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ ජයග්‍රහණය කිරීමට ද හැකියාව ලැබුණා.වගේම තමයි 2017 වසරේදී හොදම නිරූපිකාව ලෙසින් කිරුළ දිනාගැනීමට දිනාගැනීමට ද ඇයට හැකියාව ලැබෙනවා.දේදුනු ආකාසේ සිනමාපටය තුලින් ජනතා ආකර්ෂණය දිනාගත් ඇය විජයබා කොල්ලය ඇසුරෙන් ද ප්‍රේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය දිනා ගැනීමට පුළුවන් වුණා.

මේ දිනවල දී ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහකට ලක් වන්නේ වැඩිහිටියන්ට පමණයි ගණයේ සිනමාපටයක් වූ ගිනි මල් පොකුරු චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස රංගන දායකත්වය දැක්වීමත් සමඟයි.ඉතින් ඇයගේ අළුත්ම කළා කටයුතු ගැන වගේම පෞද්ගලික තොරතුරු ගැන ඇය විස්තර කියා සිටියේ මේ ආකාරයෙන්.

මේ වන විට චිත්‍රපට හතකට විතර මම සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ සියල්ලම දැකබලා ගන්නට පුළුවන්. මේ දවස්වල උදයකාන්ත වර්ණකුලසූරිය අධ්‍යක්‍ෂණය කරන ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටය තමයි තිරගතවෙන්නෙ.ඇත්තටම ඉතාමත්ම කෙටි කාලයක් තුළ සිනමාවේ දැවැන්තයන් සමඟ වැඩකටයුතු කිරීමට මට වාසනාව ලැබුණා.මම කොහොමත් විවිධාකාරයේ චරිත නිරූපණය කිරීමට කැමති කෙනෙක්.නමුත් ජනප්‍රියත්වය රදාගන්න මම එහෙම වැඩ බදාගෙන කරන්නේ නැහැ. එක නිර්මාණයක් වෙනුවෙන් උපරිම කැප වෙනවා. මොකද එහෙම එකදිගට වැඩ කරන්න ගියාම ගොඩාක් අපහසුයි. කරන වැඩේවත් හරියට කරන්න බැරි වෙනවා.

මේ දවස්වල ගොඩක් දෙනෙක් මං ගැන කතා කරන්නේ වැඩිහිටියන්ට පමණයි කියන සිනමා ගණයට අයත්වන චිත්‍රපටයක් වන ගිනි මල් පොකුරු සම්බන්ධව.මොකද ගොඩක් සිරුරේ නිරාවරණය දර්ශන වලින් මෙම චිත්‍රපටය සමන්විත වෙනවා.නමුත් මේක චරිතයක් විතරයි.මම කොහොමත් විවිධාකාරයේ චරිත කරන්න කැමැති කෙනෙක්.ඒ පිළිබඳව එක එක්කෙනාට තියෙනෙ එකේක මත.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.