latest articles life relationship

රණ්ඩුවකට පසු නැවත යාලුවෙන්න ලේසිම ක්‍රම 5ක්

ගොඩක් වෙලාවට ආදරේ කරන අය අතර වගේම විවාහ වුණු අය අතරෙත් එකඟතාවයක් නොමැතිකම නිසා වාද විවාද ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නගෙ අදහස් නොගැලපීම නිසා රණ්ඩු ඇතිවෙනවා කියන එකයි. නමුත් රණ්ඩු කරන්නෙ නැතුව ඉන්න ක්‍රම ගොඩක් වෙලාවට නෑ. ඒත් රණ්ඩුවක් දුරදිග ගෙනියන්නෙ නැතුව එහෙමත් නැත්නම් බරපතල කර නොගෙන ආයෙත් යාලුවෙන්න පුලුවන් සරලම ක්‍රම 5ක් ගැන කියලා දෙන්න තමයි අද අපි මේ ලිපියෙන් සුදානම් වෙන්නේ.

1.වැළඳ ගන්න

වරදවා වටහා ගැනීමක් හෝ එකඟ නොවීමක් වගේ වෙකාවකදි කරන්න ඕන දෙයක් තමයි ඔයා ඉස්සරහ ඉන්න කෙනාව වැළඳ ගැනීම​. මේ වගේ දේකින් ඔයා ඒ පුද්ගලයාට ආදරය කරන බවත්, ඔහු හෝ ඇය එක්ක එකට ඉන්න කැමති බවත් ඔයාට මතක් කරලා දෙනවා. ඒ නිසා වැළඳ ගන්න කියලා ඉල්ලන්න බය වෙන්නෙපා. මේ වගේ පොඩි දෙයකින් ලොකු රණ්ඩුවක් නවත්තගන්න පුලුවන්.

2.හිතන ආකාරය වෙනස් කරන්න​

ඔයාගෙ සහකරුට ඔයාගෙ උපන්දිනේ අමතක වුණොත් ඔයා හිතන්නෙ එයාට ඔයා ආදරේ නෑ කියලා නේද​?  ඒත් ඒක එහෙම නොවෙන්න පුලුවන්. මොකද ඔහු හෝ ඇය කාර්‍යබහුල වීම නිසා දවස අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඔයා රණ්ඩු කරලා තේරුමක් නෑ. ඒ නිසා එයාගෙ පැත්තෙනුත් හිතන්න පුරුදු වෙන්න. එතකොට ගොඩාක් රණ්ඩු අඩු කරගන්න පුලුවන්.

3.සතුටු හිතෙන දේවල් කරන්න

ඔයාලා දෙන්නා වටා තියන පරිසරය ඔයාලගෙ සම්බන්ධතාවයට බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ  ඔයාට බඩගිනි නම් හෝ ඔයාලා ඉන්න තැන ඝෝෂාකාරී තැනක් නම් එතන කතා කරන්න සුදුසු තැනක් නෙවෙයි.  එවැනි වටපිටාවකදි ඔයාගෙ ආතතියත් වැඩියි. ඒ නිසා රසවත් කෑමක් බීමක්, ක්‍රීඩාවක් වගේ ඔයාලා දෙන්නම කැමති විනෝදජනක දෙයක් ගැන හිතන්න උත්සාහ කරන්න. එතකොට මේක රණ්ඩු කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි කියලා ඔයාලා දෙන්නටම තේරෙනවා.

4.එකේ ඉඳන් දහය දක්වා ගණන් කරන්න

මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඔයා අකමැති හෝ එකඟ නොවන දෙයක් ඔයාට ඇහෙනකොට ගැඹුරු හුස්මක් අරගෙන එකේ ඉඳන් දහය දක්වා ගණන් කරන්න. ඔයා ඔයාගෙ සහකරුට රිදවන්න කැමති නැත්නම් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න.

5.දිනන්නම උත්සාහ කරන්න එපා

රණ්ඩුවකදි දෙන්නම බලන්නේ අනිත් කෙනාව පරද්දලා දිනන්නයි. නමුත් ඒකෙන් වෙන්නේ තව තවත් ගැටුම් වැඩි වෙන එකයි. ඒ නිසා  දිනන්නම උත්සාහ කරන්න එපා. ඔයාගෙ සහකරු සමඟ ඇති වන බහින්බස්වීමකදී හරි හෝ වැරදි කියලා දෙයක් නෑ. ඒ නිසා හැමවිටම තමන් හරි කියලා හිතලා රණ්ඩු වෙන්න එපා.