latest articles

ශ්‍රී ලංකාවේ අනාගත නායකත්වය ජෝතිශ්‍ය ඇසින්.

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ…ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ…අප සම බිමක රඳවන සොහොයුරාණෝ…


රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ… සිරගතව සිටි කුංකුණාවේ හාමුදුරුවෝ එදා ඈත අතීතයේ දවසක ලියූ මේ පද හතර අදටත් කොතරම් වලංගුද? රජෙක් වන් නායකයෙක් නොමැතිව ලතැවෙනා මිනිසුන් බවට ශ්‍රී ලංකාවේ මිනිසුන් පත් වූයේ කාගේ වරදින්ද? අදටත් අපි සියලු දෙනාම බලාපොරොත්තුවෙන් පසු වන්නේ අපේ රට මේ වැටී ඇති ආගාධයෙන් ගොඩ ගෙන දිනෙන් දින දියුණු කිරීමට සමත්කම් දක්වන දක්ශ නායකයෙකුගෙ සපැමිණීමයි. වසර දහස් ගණනක් පැරණි ජෝතිෂ්‍යය එදත් අදත් හෙටත් ශ්‍රී ලාංකික මිනිසුන්ගේ ජිවීතයට බද්ධ වී තිබෙන නිසාම ජෝතිශ්‍යවේදීන්ගේ සමහරක් අනාවැකි පහසුවෙන් බැහැර කර දැමීමේ හැකියාවක් අපිට ඇත්තේ නැහැ. අපිට නොපෙනෙන නොදැනෙන සියල්ලම අසත්‍යයයි බැහැර කල නොහැකි නිසාම ශ්‍රී ලංකාවේ අනගතය ජෝතිශ්‍ය ඇසින් විමසා බලන්නට අපි අද තීරණය කලා. ශ්‍රී ලංකාව සුරපුරයක් බවට පත් කොට නැවතත් සශ්‍රීක දේශයක් බවට පත් කල හැකි නිපුන් නායකයෙක් පිලිබදව ජෝතිශ්‍යවේදයේ සදහන් වී තිබෙන බව ඔබ දන්නවාද?දෙස් විදෙස් ප්‍රබල ජෝතිශවේදීන් සහ ආගමික නායකයින් විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට සිදු කෙරෙන මේ හෙලිදරව්වේ සාක්ශි කාරයෙක් වෙන්නට අව්ශ්‍ය නම් මේ විනාඩි කිහ්පය අවසන් වන තුරුම අප සමග රැදෙන්නට අමතක කරන්නට එපා.

මේඝපන්නී සෘෂිවරිය

අතීත හෙලයේ වාසය කල සෘශිවරුන් අතරින් ශ්‍රී ලංකාව ගැන අනාවැකි කියූ මේඝපන්නී සෘෂිවරිය පිලිබදව ඔබ සමහරවිට අසා ඇති. අනිවාර්‍යෙන්ම එසේත් නැතිනම් ඉත්තේරුවෙන්ම සිදුවන අනාවැකි යන තේරුම සහිතව මෙම අනාවැකි සහිත පුස්තකය ඉන්තේරු නිමිති මාලය හෙවත් අසිගුපත් ඉරුව නමින් නම් කර තිබෙනවා. ඉතා ඈත අතීතයේ යක්ශ ගෝත්‍රික භාෂාවෙන් රචනා කර තිබෙන මෙම පුස්තක වර්තමානයේ මින්සුන්ට තේරුම් ගත හැකි ලෙස පරිවර්තනය කිරීමේ ගෞරවය හිමි වන්නේ අති පූජ්‍ය මානෑවේ විමලරතන ස්වාමීන් වහන්සේටයි. එම අතීත අනාවැකි වල සදහන් වන්නේ කරුණාව මෛත්‍රීය අතුරුදහන් වී සිදුවන අධර්මිෂ්ට පාලනයකින් පසු නැවතත් ශ්‍රී ලංකාව ලෝකයේම වැජඹෙන සුඛිත මුදිත දේශයක් බවට පත් වන බවයි. එසේම ඒ සදහා ධාර්මික රජෙකු බිහි වන බවත් එම පුරා ලේඛන වල සදහන් වෙනවා.

ආන්නද මෛත්‍රීය මහා නාහිමි

ශ්‍රී ලංකාවේ විසූ ශ්‍රේෂ්ඨ පඩිරුවනක් වන ආන්නද මෛත්‍රීය මහා නාහිමියන් විසින්ද ශ්‍රී ලංකාවේ අනාගත නායකත්වය පිලිබදව අනාවැකි කිහිපයක්ම පල කර තිබුනා. නාඩි වාක්‍යය පිලිබදව විශ්වාසය තැබූ උන්වහන්සේ එක්තරා අවස්තාවකදි ප්‍රකාශ කලේ 1993 වස්‍රෙන් පසු ශ්‍රී ලංකාවේ නායකත්වය සදහා තරුන කාන්තාවක් පත් වන බවයි. එම වැකිය සත්‍ය කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකාවේ නායකත්වයට පත් වූ අතර ඇය වසර 11 ක් ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබුවා. එසේම ඉන්පසුව ශ්‍රී ලංකාව පාලනය කරන්නේ දකුණු පලාතෙන් බිහිවන නායකයෙකු බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුනා. ඒ අනුව ඉන්ප්සුව රාජ්‍යත්වයට පත් වූයේ මහින්ද රාජපක්ශ හිටපු ජනාධිපතිවරයායි. කෙසේ වෙතත් උන්වහන්සේගේ දේශනා අලලා මෛත්‍රී රත්නායක මහතා විසින් රචනා කල “ඉසිවරුන් දුටු මගේ බව ගමන” කෘතියේ ශ්‍රී ලංකාවේ අනාගත නායකත්වය ගැන ලියැවී තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂය ගත වීමෙන් පසු එනම් 2025 වර්ෂය සහ 2030 වර්ෂය අතර ලංකාවේ ලෝක පූජිත නායකයෙකු බිහි වන බව උන්වහන්සේ සදහන් කර තිබෙනවා. එසේම 2050 වර්ෂය වන විට ශ්‍රීලංකාවේ තේරවාදි බුදු දහම ලෝකය පුරා ප්‍රචාරය වන බවත් බුදු දහම ලෝකයේම විශ්වීය ආගම බවට පත් වන බවටත් උන්වහන්සේ අනාවැකි පල කර තිබුනා. එතැන් පටන් ශ්‍රී ලංකාව ලෝකයේම බල කේන්ද්‍රය බවට පත් වී බලවත් රාජ්‍යයක් ලෙස නැගී සිටින බවත් උන්වහන්සේගේ කෘතියේ සදහන් වෙනවා. 2025 සහ 2030 වර්ෂ අතර කාලය තුල මෙරට පහලවන බලවත් ආධ්‍යාත්මික නායකයාගේ ආගමනය ශ්‍රී ලංකාව බලවත් රාජ්‍යයක් වෙත ගෙන යනු ඇති බව අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානාහිමියන්ගේ අනාවැකියයි.

මියෝ අයි තෙරණිය

දකුණු කොරියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක්ව සිට පසුව සියල්ල අත් හැර දමා මහනදම් පුරන ආධ්‍යාත්මික් තලයේ ඉතා ඉහල ඉසව්වක වැජබෙන මියෝ අයි තෙරණිය ශ්‍රී ලංකාව පිලිබදව අනාවැකි පල කර තිබුනේ මිට බොහෝ කලකට පෙරයි. විශ්ව ආකර්ශනය ඉතා වැඩි රටක් ලෙස තෙරණිය ශ්‍රී ලංකාව නම් කර තිබූ අතර ක්‍රි.ව 1250 ආසන්න වර්ෂයකදී ශ්‍රී ලංකාවට හිමි වී තිබූ විශ්ව ශක්තියෙන් අඩකට වඩා අප රටට අහිමි වූ බවත් ඇයගේ අනාවැකි වල සදහන් වුනා. එසේ විශ්ව ශක්තිය අපට අහිමි වූයේ ප්ර සතුරු කුමන්ත්‍රණ සහ විදේශ ආක්‍රමණ හේතු කරගෙනයි. කෙසේ වෙතත් මෙසේ අහිමි වූ ශක්තිය දෙගුණයකින් වර්ධනය කල හැකි ආධ්‍යාත්මික නායකයෙක් ශ්‍රී ලංකා දේශයේ පහල වන බවත් එතුමිය සදහන් කර තිබුනා. එසේම එතුමිය පවසන අන්දමට තවත් වසර සියයකින් හෝ බිහිවන නායකයා නැවතත් ශ්‍රී ලංකා දේශය ලෝකයේ උසස්ම රාජ්‍යයක් බවට ප්ත් කරනු ඇති බවටත් නිශ්චිත අනාවැකියක් පල කර තිබෙනවා.

රන්ජන් බුලත්සිංහල

අංක ගණිතය කියන්නේ ජෝතිශ්‍යය තරමටම ගුප්ත විද්‍යාත්මක කටයුතු වලදී වැදගත් වන ක්ශේත්‍රයක්. පසුගිය දින කිහිපය පුරාම රටේ සිදුවූ සියලුම ආන්දෝලනාත්මක අවස්ථා නිවරදිවම ප්‍රකාශ කිරීමට සමත් වූ අංක විද්‍යා විශේෂඥ රන්ජන් බුලත්සිංහල මහතා ශ්‍රී ලංකාවේ නුදුරු අනාගතය පිලිබදවත් අනාවැකි කිහිපයක් පල කර තිබුනා. ඔනෑම පුද්ගලයෙක්, අංක බවට පත් කිරීමේ අපූරු තාක්ශණික දැනුමකින් සමන්විත එතුමා, රටේ අනාගත නායකයා පිලිබදව පැහැදිලි ප්‍රකාශයක් මේ වන විටත් සිදු කර අවසන්. ශ්‍රී ලංකාවේ අතීත නායකත්වයන් පිලිබදව එතුමා සතුව තිබෙන්නේ පැහැදිලි දැක්මක්. ඒ තුලින් එතුමා ප්‍රකාශ කර තිබෙන්නේ වර්තමානයේ සිටින නායකයන්ගෙන් මෙරට අවසන් සෙන්පතියා වන සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය නායකත්වයට පත් වන බවයි.

මොලගොඩ ගෝතමී මෙහෙණියන් වහන්සේ

එසේම ප්‍රධාන කම්මට්ඨානාචාරිනි මොලගොඩ ගෝතමී මෙහෙණියන් වහන්සේ මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවී යන බවට නිවරදි අනාවැකියක් පල කර තිබුනා. එසේම මෙතෙක් පටන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයෙකුට හෝ මින්පසුව නායකත්වයක් දැරීමට අවස්තාවක් හිමි නොවන බවත් මෙහෙණින් වහනසේ පසුගියදා ප්‍රකාශ කර තිබුනා. එසේම මහා ගුණවත්, ස්වාභාව ධර්මයාට ආදරය කරන, තම දරුවන්ට මෙන් ශ්‍රී ලංකා වැසියන්ට ආදරය කරන බලවත් නායකයෙකු අනිවාර්යෙන්ම ඉදිරියේදී පහල වන බවට අනාවැකියක් මෙහෙනින් වහන්සේ පල කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා වාසීන්ට එම පණිවිඩය කියමින් සාගරයත්, මහා පොළවත් යම් යම් සලකුණු මෙම වර්ෂය තුලදී පෙන්වා දෙන බවත් සොබාදහම එවැනි සත් පුරුෂයන්ට හඩ ගසන බවත් එතුමිය ප්‍රකාශ කර තිබුනා. ඒ අනුව පින්වත් සත් පුරුෂයෙක් මෙම රජයේ ඇවෑමෙන් බිහි වේවී යන බලාපොරොත්තුව එතුමිය ශ්‍රී ලංකා පුරවැසියන්ට මේ වන විට ලබා දී අවසන්.

කාංචනා පෙතියාගොඩ

එසේම පසුගිය දිනයකදී ප්‍රවීණ ජෝතිශ්‍යවේදි කාංචනා පෙතියාගොඩ මහත්මිය ශ්‍රී ලංකා වාසීන්ට බලාපොරොත්තුවක් තබා ගත හැකි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුනා. කිස්දු දේශපාලන පක්ශකයට සම්බන්ධක්ම් නොදක්වන, තරුණ සැබෑ බෞද්ධ නායකයෙක් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නායකත්වයට පත් වන බව ඇය ප්‍රකාශ කර තිබුනා.එසේම මෙම නායකයාට රට බාර ගැනීමට නොහැකි නීතිමය අභියෝග කිහිපයක් තිබුනත් ඒවා සාර්ථකව මැඩ පවත්වා ගැනීමට ඔහුට හැකියාවක් ලැබෙන බවත් කාංච නා මහත්මිය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනා. ශ්‍රී ලංකා කේන්ද්‍රයට අනුව මේ ව්නා විට අපගේ රටට තිබූ අපල තත්වය අඩු වෙමින් සෙනසුරු ග්‍රහයා තමන්ගේ රාශියට ගමන් කරමින් සීට්න නිසා උදාවන කාලය ශ්‍රී ලංකාවට යහපත උදාවෙන සශ්‍රීක කාලයක් වනු ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

ජේ සිල්වා

මේ සියල්ලටමත් වඩා අතිශ්‍යින් බැරෑරුම් අනාවැකි කිහිපයක් ජේ සිල්වා නැමැති තමන්ගේ අනන්‍යතාවය ඉදිරිපත් නොකල පුද්ගලයෙක් ජනප්‍රිය යූ ටියුබ් චැනලයක සම්මුඛ සාකච්ජාවකට සහබාගී වෙමින් ප්‍රකශ කර තිබුනා. ඔහු අපේ රටේ මෙම කාල වකවනුව තුල උග්‍ර තෙල් හිගයක් ඇති වන බව ප්‍රකාශ කර තිබුනේ පසුගිය වසරේදී වීම සුවිශේෂී කාරණයක් වුනා. ඔහු සදහන් කරන අන්දමට ඉදිරි කාලය තුලදී රජය අතිශයින් දරුණු ලෙස ක්‍ර්‍යාකරමින් මිනිසුන්ට දුරකථන ඇමතුම් ගැනීමේ හැකියාව පවා අත් හිටුවන අතර මෙම දරුණු ක්‍රියාකලාපය සමග ම්නිසුන් සමූල ඝාතනය වීමක් සිදු විය හැකි බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 2026 වසර වන විට ශ්‍රී ලංකාව තුල ඉතිරි වන්නේ මිනිසුන් 26,000 ක් බවත් ඔහු වගකීමක් සහිතව ප්‍රකාශ කර තිබෙන පසුබිමක දැඩි ආහාර අර්බුදයක් ඇති වන බවද ඔහු පෙන්වා දුන්නා. එසේම මේ නොවැම්බර් මාසය වන විට යුරෝපය ප්‍රමුඛ රටවල් වලටත් අතිශයින් දරුණු අර්බුද ඇති වන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එසේම මෙම දූෂිත රජය විනාශ වි යන බවත් පාර්ලිමේන්තුවේ 225 ක් වූ මැති ඇමතිවරුන්ගෙන් 200 කට අධික ප්‍රමාණයක් මෙම අර්බුද හමුවේ මිය යන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

නිශාන්ත සාමි තුමා

එසේම කාලයක සිට අනාවැකි ප්‍රකාශ කරමින් අසරණ වූ මිනිසුන්ට පිහිට වෙමින් කටයුතු කරන නිශාන්ත සාමි තුමාත් රටේ ඉදිරි අනාගතය පිලිබදව තමන්ගේ අදහස් ප්‍රකශ කර තිබුනා. ඔහු ප්‍රකාශ කරන්නේ ඉදිරි අනාගතයේ රට පාලනය කිරීම සදහා ව්‍යාපාරිකයෙක් ශ්‍රී ලංකාව තුලින්ම බිහි වෙන බවයි. ඒ අනුව සියලුම පුරවැසියන් ඔහුගේ නායකත්වය වටා එක්රොක් වන බවත් සාමිතුමාට විශ්වයෙන් ලැබෙන පණිවිඩ වලට අනුව ශ්‍රී ලංකාවේ විශාල වෙනසක් සිදු වෙන බවත් සාමිතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා භූමියට ඉතා සුබ කාලයක් උදා වන බවත් සාමිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා