Watapita

Just another WordPress site

ජනප්‍රිය සුරූපී නිලි අනර්කලී ආකර්ෂාගේ ආදරණීය සිඟිති දියණියගේ පළමු උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

මීට වසර කිහිපයකට ඉහතදී රිදී තිරය තුලින් අපේ රටේ කොයි කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි අනර්කලී ආකර්ෂා කියලා කියන්නේ. ඒ වගේම හිරිපොද වැස්ස, සිකුරු හතේ, අංජලිකා, වන්ෂොට් වන් වැනි අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට පත් වුනු චිත්‍රපට රාශියකට ඇය ඇයගේ රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා. ඒ වගේම 1995දී පුංචි තිරය ඔස්සේ විකාශය වුනු ඉටි පහන් ටෙලිනාට්‍යය හරහා ළමා නිලියක් විදිහට රංගනයට පිවිසි ඇය ඊට පස්සේ අපේ රටේ අතිශය ජනප්‍රිය වුනු මියුසික් වීඩියෝ වලට මෙන්ම චිත්‍රපට රැසක් සදහාම ඇයගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

ඉතින් ඒ වගේම රටක් ආදරය කරන අනර්කලී පහුගිය දවසක උතුම් මව් පදිවිය ලබපු පුවත අපි ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් ඒ පුංචිම පුංචි රෝසමලක් වගේ ලස්සන සිගිති දියණියක් මෙලොවට බිහි කරමින්. ඒ වගේම මේ සිඟිති දියණිය මෙලොව එලිය දැකලා දැන් වසරකුත් ගත වෙලා හමාරයි. ඉතින් ඒ වෙනුවෙන් පහුගිය දවසක අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් අනර්කලී අපේ කළා ක්ෂේත්‍රය තුල හිටපු රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි නිවේදිකාවක්, නර්තන ශිල්පිණියක් මෙන්ම දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඇය අපේ රටේ හිටපු සුරූපී රූ රැජිනක් බවත් නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් ඇය කාලෙකට කලින් විවාහයෙන් පස්සේ ඇමරිකාවේ පදිංචියට ගිය නිසා රූපවාහිනිය ඔස්සේ නම් දැන් අපට අනර්කලීව දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් කළා ක්ෂේත්‍රයෙන් ඈත් වුනත් අදටත් ඇයට තිබෙන රසික ආදරේනම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.

ඉතින් කාලයක් අපේ රටේ ක්‍රියාකාරී දේශපාලනයට එකතු වෙලා කා අතරත් කතා බහට ලක්වුණු ඇය විවාහ වුනේ දුල්ෂාන් ජයසිංහ කියන ඇමරිකාවේ ජීවත් වන ලාංකික තරුණයෙක් සමඟයි. ඉතින් ඔහු ව්‍යාපාරිකයෙක් වගේම වෘත්තියෙන් වෛද්‍යවරයෙක් විදිහටත් කටයුතු කරනවා. කොහොම නමුත් පහුගිය දවසක පළමු උපන්දිනය සමරපූ අනර්කලීගේ ආදරණීය සිගිති දියණියට අපිත් සුබම සුබ උපන්දිනයක් වගේම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *