ජනප්‍රිය සුරූපී නිලි අංජලී ලියනගේ ආදරණීය සැමියත් එක්ක ඇයගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියලා කියන්නේ. ඒ වගේම බොඳ මීදුම් නව කතාවේ මුල් කවරය නිරෑපණය කරලා කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් නම් අපේ රටේ කවුරුත් දන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කොහොම නමුත් ඇයගේ මුල් කවරය යොවුන් පුවත්පතක පළවෙද්දි ඇය පාසල් ශිෂ්‍යාවක්.

ඒ වගේම වසර ගණනාවක් තිස්සේ දෙරණ නාලිකාවේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මද්‍යයේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ මව, එහෙමත් නැත්නම් අනුෂාගේ චරිතය හරහා ඇය මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒ වගේම පහුගිය දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුනු හදවිල අරණ ටෙලි නාට්‍යයේ නිමාලිගේ චරිතයෙන්ද ඇය ඉතාම ජනප්‍රිය වෙලා හිටියා.

ඒත් එක්කම මේ වනවිට කාටත් ආදර්ශයක් සපයමින් කළා ජීවිතයයි පවුල් ජීවිතයයි දෙකම සමබරව පවත්වාගෙන යන ඇය විවාහ වෙලා ඉන්නේ තරිඳු පෙරේරා සමඟයි. ඔහුත් අපේ කළා ක්ෂේත්‍රය තුලම ඉන්න ජනප්‍රිය වාදන ශිල්පියෙක් වගේම ගායකයෙක්. ඉතින් අපි මේ කතා කරන ජනප්‍රිය නිලි අංජලීගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇයයි ඇයගේ ආදරණීය සැමියයි එකතු වෙලා අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ අපූරු උපන්දින සාදය මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Studio Hiru Dilina Photography කියන ආයතනය විසිනුයි.

ඉතින් මේ විදිහට පහුගිය දවසක උපන්දිනය සැමරූ අංජලීට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
