Watapita

Just another WordPress site

මගේ අන්තිම හුස්ම තෙක් ඇස්දෙක වගේ මම ඔයාව බලාගන්නවා, අදටත් පොළොවේ පය ගහල ජීවත් වෙන්නේ ඔයා නිසයි-කාවින්ද්‍යා අධිකාරී

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනිය, රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා අධිකාරී කියලා කියන්නේ. ඒ වගේම රටක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පීන් යුවලක් වන සමිතා මුදුන්කොටුව වගේම අතුල අධිකාරී කියලා කියන්නේ ඇයගේ ආදරණීය මව් පියන් බවත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් දෙමව්පියන්ගේ අඩි පාරේ යමින් මේ වනවිට නව පරපුර නියෝජනය කරන කළා තරුවක් බවට ඇය මේ වනවිටත් පත්වී හමාරයි.

ඒ වගේම ඇය මුලින්ම රංගනයට දායක වුනේ ඝරසරප සිනමා නිර්මාණයටයි. ඉන් පස්සේ පුංචි තිරය හරහාත් ඇය ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඒත් එක්කම ඇය විලාසිතා වලට ගොඩක් ප්‍රිය කරන කෙනෙක් විදිහටත් සමාජ මාධ්‍ය තුල ඉතාම ජනප්‍රියයි. මොකද ඇය කාලෙන් කාලෙට විවිද විලාසිතා කරනවා වගේම ඇයගේ ඇඟේ ටැටූ ගොඩක් තිබෙන නිසාත්. කොහොම නමුත් ඇයගේ ආදරණීය තාත්තා වන අතුල අධිකාරිගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් කාවින්ද්‍යා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ආදරණීය සටහනක් එකතු කරමින් ඇයගේ තාත්තට සුබ පතලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

සුබ උපන්දිනයක් මගේ තාත්තා, පුදුම ලස්සනට, මිනිස්සුන්ට වෛර නොකර, පොළොවෙ පය ගහලා, පුදුම ඉවසීමකින්, සමබරව ජීවිතය ගත කරගෙන යන්නේ කොහොමද යන්න දවසින් දවස මට කියලා දෙනවට, පුරුදු කරවනවට පිං. මගෙ අන්තිම හුස්ම තියෙනකල් මගෙ ඇස් දෙක වගෙ ඔයාව බලාගන්නවා, ඒ වගේම ආදරේ දෙනවා කිසිම මහන්සියක් හිතන්නේ නැතුව. තව ද, රූපෙන් වගේම හිතත් ලස්සන ඔයාගෙ දුව ‘මම’ වීම ගැන මම පුදුම ආඩම්බරයි කියලයි ඇය ඒ විදිහට ඡායාරූපයක්ද එකතු කරමින් පවසලා තිබුනේ.

ඉතින් මේ විදිහට ඊයේ දින උපන්දිනය සැමරූ රටක් ආදරය කරන ප්‍රවීණ ගායන අතුල අධිකාරිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුම් එකතු කරන ගමන් නිදුක් නිරෝගී දීර්ගායුෂ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *