එයාගේ ලස්සනට වඩා අහිංසකකමටයි ගතිගුණවලටයි මගේ හිතගියා, අපේ ශ්‍රී ශූට් එක දැක්කම මට ඇඩුණා-හිරුෂි පෙරේරා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ අනගිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියලා කියන්නේ. ඉතින් පහුගිය දා ඇයගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුනා. ඉතින් ඒ තමයි ඇය අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න කඩවසම් අධ්‍යක්ෂකවරයෙකු වන තීක්ෂණ මනරම් බණ්ඩාර සමඟ යුග දිවියට එලබීම. ඒ වගේම තීක්ෂණ කියලා කියන්නේ මේ දවස් වල දෙරණ නාලිකාවේ විකාශනය වන සංගීතේ සහ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යවල සම අධ්‍යක්ෂවරයා. ඉතින් හිරුෂි වගේම ඔහුගේ ආදරණීය සැමියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔවුන්ගේ ආදරය ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ගිය අවුරුද්දේ දෙසැම්බර්වල තමයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ විවාහ වෙන්න ඕන කියලා. ඒක හදිසියේම ගත්ත තීරණයක් නිසා ගොඩක් අය දැනන් හිටියෙ නෑ කියලයි හිරුෂි කියන්නේ. ඒ වගේම මීට අවුරුදු 3කට කලින් තමයි ඔවුන් දෙන්නා හමුවෙලා තියෙන්නේ. ඒ දෙවෙනි ඉනිම නාට්‍ය රූගත කිරීම්වලදී. ඉතින් ඊට පස්සේ තමයි ඔවුන්ගේ ආදර කතාවට මුල පිරෙන්නේ. කොහොම නමුත් ඇය කවද හරි අම්මයි තාත්තයි කැමති කෙනෙක් එක්ක විවාහ වෙනවා කියන තීරණයේ හිටියා වුනත් ඔහු ඇයගේ දේවල්වලට ඉඩ දෙන, ඇයව තේරුම් ගත්ත කෙනෙක් නිසා ඔවුන් අවුරුදු එකහමාරක් විතර ආශ්‍රය කළා කියලත් හිරුෂි කියනවා.

ඉතින් ඊට පස්සේ ඔවුන්ට තේරුණාලු දෙන්නගේ අදහස් ගැළපෙනවා කියලා. ඒ වගේම සමහර තැන් ගැළපුණේ නැතත් ඒවා ගළපා ගෙන ඔවුන් දෙන්නා තීරණය කළාලු ඔවුන්ට එකට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ තමයිලු තීරණය කළේ විවාහ වෙන්න. කොහොම නමුත් ඔවුන් දෙන්නගේ වෙලාවල් බැලුවම මේ අවුරුද්දට තිබුණේ නැකැත් දෙකයි කියලයි හිරුෂි නම් කියන්නේ. එකක් ජනවාරි අනික පෙබරවාරි. ඉතින් මේ දෙන්නම කතා වෙලා පෙබරවාරි ගන්න තීරණය කරළා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ ෆී ෂූට් එක දැක්ක හරිම ලස්සන නිසා ඒක දැකලා ඇයට ඇඬුණා කියලත් හිරුෂි කියනවා. මොකද ඒ තරම් ඒක ලස්සනට තිබුන නිසා.

ඒ වගේම තීක්ෂණ කියන විදිහට ලස්සනටත් වඩා හිරුෂිගේ අහිංසකකමට වගේම ගතිගුණවලට තමයිලු ඔහුගේ හිත ගියේ. ඉතින් ඒ වගේ කෙනෙක් ලැබීම ගැන ගොඩක් සතුටුයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඇය ඔහුව හොදින්ම තේරුම් ගත්ත කෙනෙක් නිසා ඔහුගේ වැඩවලටත් පහසුයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුත් කාලයක් තිස්සේ කළා ක්ෂේත්‍රය තුල තමයි ඉන්නේ. ඉතින් හිරුෂි දක්ෂ කෙනෙක් නිසා ඔහු කැමතියිලු හොඳ නිර්මාණවලින් ඇයගෙ දක්ෂතාව පෙන්නලා ඉදිරියට යනවට. ඒ වගේම ඔහු හිරුෂිව ගොඩක් විශ්වාස කරන නිසා එයා ඒ විශ්වාසය රකීවි කියලා හිතනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.