බුද්ධිකගේ විවාහ යෝජනාවට මම ඇත්තටම සප්‍රයිස් වුණා, මේ අවුරුද්දේ අපි විවාහ වෙලා ඔස්ට්‍රේලියාවට යනවා-කාවින්ද්‍යා දුල්ශානි
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කෝළංකුට්ටම ටෙලිනාට්‍යයේ සුද්දිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියලා කියන්නේ. කොහොම නමුත් ඇය ගැන දැන් අතිශයින් කතා බහට ලක්වෙන්නේ පහුගිය දවසක ඇයගේ ආදරණීය පෙම්වතා විසින් ඇයවත් පුදුම කරමින් ඇයට කළ අපූරු විවාහ යෝජනාව නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වල කෝළංකුට්ටමේ සුද්දිට මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මගතොටදි කෙනෙක් අඳුනගෙන කතාකළත් කාවින්ද්‍යා කියල නොකියා සුද්දි කියන තරමට ඒ චරිතය දැන් ජනප්‍රිය වෙලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන පළමු සිනමා නිර්මාණය වන ‘උතුරු සුළඟ’ සිනමා නිර්මාණය මේ මාසයේ 24 වැනිදා ඉඳන් ලංකාව පුරා තරගත වීමට නියමිතව තියෙනවා.
කොහොම නමුත් ඇය පහුගිය කාලයේ මාසයක පමණ කාලයක් ඔස්‌ට්‍රේලියාවේ සංචාරයකට සහභාගි වුණා. ඉතින් එහිදී තමයි ඇයගේ ආදරණීය පෙම්වතා ඇයට විවාහ යෝජනාවක් ගේන්නේ. ඒ වගේම ඒ ගැන ඇය කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ වගේම මේ තරම් ඉක්මනට එහෙම දෙයක් ඇය බලාපොරොත්තු වුනෙත් නැහැ කියලයි කාවින්ද්‍යා නම් කියන්නේ.

ඉතින් ඒ දවස්වල ඔස්‌ට්‍රේලියාවේ තියෙන ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ආයතනයක් තුළ ඔවුන් දෙන්නගෙ ෆොටෝ ෂූට් එකක් කරළා තියෙනවා. ඉතින් ඒක ඉවරවෙලා ඔහුම ඇයව හෙලිකොප්ටරයකින් ඒ රටේ අනුව විවාහ යෝජනාව කරන විදිහ අනුව මැරී මී කියලා තැනක් නිර්මාණය කරලා එතැනට එක්කගෙන ගියා කියලත් ඇය කියනවා. ඉතින් එතනට යනකොට ඔහුගෙ පවුලේ අයයි, නෑදෑයොයි වටවෙලා සතුටින් කෑගහන්න පටන්ගත්තලු. ඒ වෙලාවෙ තමයි ඇයට විවාහ යෝජනාව ගේන්නෙ. ඉතින් ඇත්තටම බුද්ධිම ඇයව සර්ප්‍රයිස් කළා වගේම ඇය ගොඩක් පුදුම වුණා කියලයි ඇය කියන්නේ.
ඉතින් අන්තිමට ඇයගේ ජීවිතයට සුදුසුම කෙනා ලැබුණා කියලත් ඇය විශ්වාස කරනවාලු. ඒ වගේම අවුරුදු විසි හතක ඇයගේ ජීවිතයේ මේ ගෙවෙන්නෙ සතුටින්ම ඉන්න කාලෙ වගේම වාසනාවන්ත කාලෙ කියලත් ඇය කියනවා. කොහොම නමුත් මේ අප්‍රේල් මාසයේ නම් ඔවුන් කසාද බදින්නේ නැහැලු. නමුත් මේ අවුරුද්දේ ඔවුන් දෙන්න විවාහ වෙනවා කියලයි ඇය කියන්නේ. හැබැයි ඇයගේ ආදරණීය පෙම්වතා මේ මාසයේ නැවත ඔහු ලංකාවට එනවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඔහු ජීවත් වෙන්නෙ වෙන රටක නිසා ඇයටත් විවාහයෙන් පස්සේ ඒ රටට යන්න වෙයි කියලයි කාවින්ද්‍යා නම් කියන්නේ. ඒ වගේම මේ දෙන්නගෙ ආදර කතාව ඇතුළත් මියුසික් වීඩියෝ එක ළඟදීම එළිදකිනවා කියලත් ඇය කියනවා. ඉතින් මේ ගීතය රචනා කළේ බුද්ධික වගේම ගායනා කරන්නෙ තීක්‍ෂණ අනුරාධ. ඉතින් ඒ වගේම බුද්ධිකගෙ කලා හැකියාව අති විශිෂ්ටයි කියලත් ඇය කියනවා. ඒ වගේම හිටපු ගමන් හිතට එන අදහස් වලින් බිහිවෙන ඔහුගේ නිර්මාණවලට හරිම කැමතියි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.