Watapita

Just another WordPress site

ජනප්‍රිය කඩවසම් නළු ධනංජය සිරිවර්ධනගේ ආදරණීය සුරූපී බිරිඳ ශෂිනිගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ආදරණීය ආදර්ශවත් කලා ශිල්පීන් යුවලක් තමයි ධනංජය සිරිවර්ධන වගේම ශෂිනි සිරිවර්ධන කියලා කියන්නේ. ඒ වගේම අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් විදිහටත් ධනංජය සිරිවර්ධන හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් සමාජ මාධ්‍ය තුල කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ඔහු මේ වනවිට ආදරණීය සැමියෙක් වගේම පියෙක්ද වන බව නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් මේ සොදුරු කලාකරුවන් දෙදෙනා පහුගිය කාලයේ හා හා පුරා කියලා උතුම් මව් පිය පදවිය ලැබුවේ පුංචිම පුංචි හුරතල් දෝණියක් මෙලොවට බිහි කරමින්. ඉතින් පුංචි මෞර්යා දෝනිගේ කිරි සිනහවෙන් හැඩවුණු ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පුංචි කැදැල්ල ගැන අපි නිරන්තරයෙන්ම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති.

කොහොම නමුත් රටක් ආදරය කරන කඩවසම් නළු ධනංජය සිරිවර්ධනගේ ආදරණීය සුන්දර බිරිඳ ශෂිනිගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඒත් එක්කම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ විදිහට පහුගිය දවසක උපන්දිනය සැමරූ ධනංජය සිරිවර්ධනගේ ආදරණීය බිරිඳ ශෂිනිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් පුංචි මෞර්යා දෝනිගෙන් හැඩවුණු ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *