Watapita

Just another WordPress site

ලොවක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග සුරූපී තරුණියක් සමඟින් සුබ නැකතින් යුග දිවියට එලබෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන් නම කියූ සැනින් කවුරුත් හදුනන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි වනිදු හසරංග කියලා කියන්නේ. ඒ වගේම ඔහුට හැමෝම ආදරේට කතා කරන්නේ වනියා කියලයි. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනන ලෙස දක්ෂතා දැක්වූ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම අද වන විට ඔහු සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය දිනාගත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නෙක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු ලොව පළමු තැනටද පැමිණයේ ඉතාම කෙටි කාලයකින්. එමෙන්ම 2021 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වූ ඔහු ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ පැවති ටී10 ලීග් තරගාවලියට එක්වී එම තරගාවලියේ ද වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා.

ඉතින් අද වනිදුගේ ජීවිතේ සුවිශේෂී දවසක් වෙලා. ඒ තමයි මීට සුළු මොහොතකට පෙර ඔහු සුරූපී සුන්දර තරුණියක් සමඟින් යුග දිවියට එලබුනා. ඉතින් මේ විදිහට වනිදුගේ අතගත් සුරූපී තරුණිය තමයි වින්ද්‍යා. ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූපයක් ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා වන දනුෂ්ක සේනාදීර සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් දෙදෙනාටම සුබ පැතුම් එකතු කරලා තියෙනවාත් අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ විදිහට අද දිනයේදී විවාහ දිවියට එලබුනු මේ වනිදු හසරංගට වගේම ඔහුගේ ආදරණීය බිරිඳ වින්ද්‍යාටත් අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරන ගමන් මේ ආදරණීය යුවලගේ ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *