මගේ කට්ට කළා දාගත්ත කෙල්ල අදටත් ජනප්‍රියයි, මම වෘත්තියෙන් රසායන විද්‍යා ආචාර්යවරයෙක්-සංජීව් ලොන්ලියෙස්
අපේ රටේ වයස් භේදයකින් තොරව කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි සංජීව් ලොන්ලියෙස් කියලා කියන්නේ. ඒ වගේම කෘත්‍රිම හඬක් මුසු නොකර, කිසිදු වෙනසක් ද නොකර සජීවී ලෙස ප්‍රේක්ෂකයාට ගීත තිලින කරන ඔහු වෘත්තියෙන් රසායන විද්‍යා ආචාර්යවරයෙක්. ඉතින් උගත් විද්‍යා දැනුම ද කලාව හා මුසු කරමින් අමු මියුසික් කල්චර් ලෙසින් ඔහුගේම ගීත නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට ගේන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකක ගීතයක් පටිගත කළාම ඒක ප්‍රේක්ෂකයාට අහන්න ලැබෙන්නේ එඩිට් කරලා. හැබැයි අමු සින්දු කියන්නේ එහෙම එඩිට් කිරීමක් නොකර සජීවී ලෙසම ඒ ගීත ප්‍රේක්ෂකයාට සමීප කරන එක. ඉතින් පසුගියදා රිලීස් වුණ ඔහුගේ නිල් මැණික කියන අමු සින්දුවට මේ දවස්වල බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම දැන් ඔහුටත් ප්‍රේක්ෂකාගාරයක් සැකසෙමින් තියෙනවා කියලත් ඔහු කියනවා.

ඒ වගේම අමු මියුසික්වලදී යොදා ගන්නේ සීමිත සංගීත භාණ්ඩ ප්‍රමාණයක් නිසා උපරිම ගිටාර් එකයි තව එකක් හෝ දෙකක් විතරයිලු යොදා ගන්නේ. ඉතින් ගිටාර් නාදයයි, සජීවි කටහඬයි ඇරුණම කිසිම කෘත්‍රිම හඬක් මුසු නොකර කිසිම වෙනස්කමකට භාජනය නොකර ඒ විදිහටම අහන්න දෙන එක තමයිලු අමු මියුසික්වලින් කරන්නේ. ඒ වගේම ස්වාභාවික මිනිස් ස්වර තන්ත්‍ර සහ ස්වාභාවික තන්තු පටල කම්පනයෙන් එන සංඛ්‍යාත කිසිම වෙනස් කිරීමකින් හෝ තාක්ෂණික විපර්යාසයකින් තොරව ප්‍රේක්ෂකයා වෙත මුදාහැරීම තමයිලු අමු මියුසික් කල්චර් එකෙන් කෙරෙන්නේ. කොහොම නමුත් මෙතෙක් කල් මේ වගේ දෙයක් කවුරුත් කරලා තිබුණෙ නෑ කියලත් සංජීව් කියනවා.

ඉතින් ඔහු මේක පොඩි රිසර්ච් එකක් විදිහටලු පටන් ගත්තේ. ඒ වගේම මේකෙ පොඩි සයන්ස් පැත්තකුත් තියෙනවා කියලයි ඔහු නම් කියන්නේ. මොකද අපේ හදවතට දැනෙනව කියන ශබ්දවල විවිධ සංඛ්‍යාත වර්ග තියෙන නිසා වගේම ඒක ගිටාර් එකේ ශබ්දයේ හෝ වචනයක හරි වෙන්න පුළුවන් නිසා ඒවා ජීවීන්ට දැනෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම සමහර සංඛ්‍යාත තියෙනවාලු මිනිසුන්ගේ මොළේ සෛල උද්දීපනය කරලා හෝමෝන ස්‍රාවය වෙනස් කරලා කෙමිකල් චේන්ජ් එකක් කරන්න පුළුවන්. ඉතින් අමු සිංදු මනසට තෙරපියක් කියලයි සංජීව් නම් කියන්නේ.

ඒ වගේම ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යා විශේෂ උපාධිය කරලා දරිද්‍රතා මැද බොහොම හෙමින් ආව ගමනක් මේක. ඉතින් ඔහු මුලින්ම ගායණා කළ ‘කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු’ සින්දුව අදටත් ජනප්‍රියයි කියලත් ඔහු කියනවා. කොහොම නමුත් බැඳීම්වලින් ජීවිතේ කොටුකර ගත්තොත් නිදහසේ නිර්මාණයක් බිහිකිරිමේ ගැටලුවක් මතුවෙනවා කියලයි ඔහු නම් කියන්නේ. ඒ නිසා මහා ලොකු බැඳීම්වලින් හිරවෙන්නෙ නැතුව යාළුකම, ආදරය එක්ක ජීවිතේ හැම දෙයක්ම විඳිමින් නිදහසේ ජීවිතේ ගෙවනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.