Watapita

Just another WordPress site

මම මේ අවුරුදු 10යට උපයාගත්ත වටිනාම දේ ප්‍රේක්ෂක ආදරය, මම හැමදාම කලේ මගේ හිතට දැනෙන දේවල්-අභිෂේකා විමලවීර

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක් තමයි අභිෂේකා විමලවීර කියලා කියන්නේ. ඒ වගේම ඇය මේ වනවිට රියැලිටි වැඩසටහන් වල විනිසුරුවරියක් විදිහටත් කටයුතු කරනවා. ඒත් එක්කම ඇය ලඟදි කරන්න යන අලුත්ම වැඩක් ගැන අපිට අහන්න ලැබුණා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් කොළඹ පැවැත්වුණ ඇයගේ ප්‍රසංගයෙන් පස්සෙ ඇය ෆේස් බුක් සටහනක් දැම්මම ඒකට වැඩිම ප්‍රතිචාර තිබුණෙ නුවරින් කියලයි ඇය කියන්නේ. ඒ නිසා මෙවර ප්‍රසංගය සඳහා ඇය නුවර තෝරා ගෙන තියෙනවා.

ඉතින් ඊට පස්සේ ඇය නුවර ප්‍රසංගයක් කරන්න හොඳ තැනක් බලන්න ගියත් හිතට හරියන තැනක් ලැබුණෙ නැති නිසා බෝගම්බර පැත්තට ගිහින් ඒ මිනිස්සුත් එක්ක කතාකරද්දි ගොඩක් තොරතුරු දැනගන්න ලැබුණා කියලත් ඇය කියනවා. ඒ ඇහැළේපොල කුමාරිහාමි ගැන වගේම බෝගම්බර හිරගෙදර ගැන. ඒ වගේම ඇය සිරකරුවන් බිත්තිවල ලියල තිබුණ දේවල් දැක්කලු. ඉතින් ඒවා හරිම නිර්මාණශීලි නිසා ඇයට කියන්න ඕන හිරගෙයක් ඇතුළෙ මිනිස්සුන්ගෙ කලාත්මක දේවල් හිර කරන්න බැහැ කියන දේ වගේම ආදරේ නම් නිදහස දෙන්න කියලයි. ඒ වගේම බෝගම්බර සිර ගෙදර තුළ ලංකාවේ පළමු වතාවටයි මේ වගේ ප්‍රසංගයක් පවත්වන්නෙ.

ඒ වගේම ඇයගේ ගීත දහ අටක් එදිනට ගායනා කරනවා කියලත් ඇය කියනවා. ඉතින් කලාකාරයකුට තියෙන ලොකුම ශක්තිය වෙන්නෙ වියදම් කරන ප්‍රමාණයවත්, එයා වටා ඉන්න යහළුවො ප්‍රමාණයවත් නෙමෙයි, කලාකරුවෙක් උපයාගන්න ඕන මිනිස්සුන්ව කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මේ අවුරුදු දහයක් තුළ ඒ දේ කරගෙන තියෙනවා කියලත් අභිෂේකා කියනවා. ඉතින් ඒ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය දන්නෙ නැහැලු ඇය කරන හැම දෙයක්ම ප්‍රේක්‍ෂකයා වැළඳ ගන්නෙ ඇයි කියලා. ඉතින් සරලව කිව්වොත් ඇය කරන්නෙ ඇයගේ ජීවිතයට දැනෙන දේවල් කියලත් අභිෂේකා කියනවා. ඒ වගේම මූලිකම දේ විදිහට කලාකාරයකුට තව කෙනකුගේ අත්දැකීමක් තමන්ගේ කරගන්න පුළුවන් තරම් සංවේදි හදවතක් තියෙන්න ඕන කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *