Watapita

Just another WordPress site

මන් තාමත් ආදරවන්තියක් නෙවෙයි, මොකද හැමෝටම හිතෙන්නේ මම මල ඇණයක් කියලා-හිත ළඟ හිනැහුණා හී චානකී

මේ දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් විකාශයන වන හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ චානකීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි අගසි දෙව්නි කියලා කියන්නේ. ඒ වගේම විටෙක ආදරණීය වෙමින්, විටෙක නපුරු වෙමින් මිනිස් සිතේ සැබෑ ස්වරූපය විදහා පාන චානකී එහි වඩාත් ප්‍රේක්ෂක අවධානයට ලක්වී ඇත්තේ ඇගේ නපුරුකම නිසා. ඒත් එක්කම ඇය රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ නර්ථන ශිල්පිනිය මෙන්ම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාර්ග සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ ඇයගේ වැඩිදුර අධ්‍යාපන කටයුතුත් එක්ක කියලයි ඇය කියන්නේ. මොකද ඇය IT උපාධිය කරන ගමන් ඊට අමතරව නිවේදන කටයුතු, රංගන කටයුතු වගේම නර්තන කටයුතුත් කරගෙන යන නිසා. ඒ වගේම ඇය මුලින්ම කලාව කියලා පිවිසෙන්නේ හිරු ඩාන්සින් ස්ටාර් වැඩසටහනට. ඉතින් ඇය හිරු ඩාන්සින් ස්ටාර් සීසන් 2 ඒකේ දෙවැනි ස්ථානය ලබා ගත්තා කවිඳු මධුෂාන් එක්ක. ඉතින් ඒ ලැබුණු ප්‍රේක්ෂක ආදරය කවදාවත් අමතක වෙන්නෙ නෑ කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇයට වෙළෙඳ දැන්වීම් සඳහා තමයි ආරාධනා ලැබුණේ. ඒ 2017 අවුරුද්දේ. ඊට පස්සේ ටෙලි චිත්‍රපට රැසකට සම්බන්ධ වුණා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඇය රංගනයෙන් දායක වුන නර්ථනා කියන ටෙලි චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණා. එහි නර්ථනා කියන චරිතයට තමයි ඇය රංගන දායකත්වය ලබා දුන්නේ. ඒ වගේම ඇය ඇත්ත ජීවිතේ නපුරු චරිතයක් නොවුනත් ඉක්මනින් ජෙලස් වෙනවා කියලයි ඇය කියන්නේ. මොකද ඇය නිතර ඇටෙන්ෂන් හොයන නිසා. ඉතින් ඇටෙන්ෂන් නැති වුණ ගමන් තමයිලු ඇය නපුරු වෙන්නේ.

ඉතින් ඇය ගොඩක් කැමති නර්තනයට. නර්තනය තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. ඒ වගේම ආදරය කියන්නෙ ලස්සන දෙයක් කියලයි ඇය කියන්නේ. ඒක දුක සතුට ඔක්කොම එකට මිශ්‍ර වුණු හැඟීමක් වුනත් තාමත් ආදරවන්තියක් නොවෙයි කියලත් ඇය කියනවා. මොකද ඇය ඇටෙන්ෂන් ගොඩක් හොයන කෙනෙක් නිසා පාට්නර්ට හිතෙනවා ඇතිලු අයියෝ මෙයා මල ඇණයක්නෙ කියලා. ඉතින් ඒ නිසාම ඇයට සාමාන්‍යයෙන් එහෙම දෙයක් හරියන්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *