Watapita

Just another WordPress site

ප්‍රේමයේ ලස්සනම තැන් උපදින්නේ ඒක අන්සතු වෙන තාක්කල්, මගේ ජීවිතෙත් එහෙමයි-අකිල විමංග සෙනෙවිරත්න

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ප්‍රවීණ උසස් පෙළ සිංහල උපදේශක සහ සාහිත්‍ය විචාරකයෙක් තමයි අකිල විමංග සෙනෙවිරත්න කියලා කියන්නේ. කොහොම නමුත් ඔහු ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඔහු අතින් ලියවුනු ‘හැමරෑම මං එක්ක’ කියන ගීතය නිසයි. ඒ වගේම මෙම පදවලට රස මිහිර මුසු කරන්නේ උදාර සමරවීර නම් තරුණ සංගීත නිර්මාණ අධ්‍යක්ෂකවරයාගේ සංගීත සත්සර රටා තුළින්. එලෙස මෙම පද පෙළට ජීවය ලබා දෙන්නේ රටක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවයි. ඉතින් මෙම ගීත ගැන වගේම එවැනි ගීතයක් ලියන්නට හේතුවුණු කරණය ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් අකිලව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ප්‍රේමයේ ලස්සනම තැන් උපදින්නේ ඒක අන්සතු වෙන තාක්කල් කියලයි ඔහු කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ කරගන්න බැරි තාක්කල්. ඒ වගේම සාමාන්‍යයෙන් පෙරදිග රටවල්වල ආදරේ කරන්නේ අයිතිවාසිකම් එක්ක නිසා ආදරේ හා සමානවම අයිතිවාසිකමක් ඉල්ලනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් එතකොට වෙන්නේ සමහර තැන්වලදී අයිතිවාසිකම්වලින් එළියේ ආදරේ උපදින්න පුළුවන් වෙන එකලු. ඒ වගේම ආදරේ තිබුනට කවදාවත් එයාව අයිතිකරගන්න බැහැ කියලත් ඔහු කියනවා. නමුත් එතැන ප්‍රේමය නැහැ කියන්නත් බැහැලු. ඉතින් එහෙම වුණාම ඒ ප්‍රේමය දැනෙන්නේ සියුම් වේදනාවක් මුසුවුණු එකක් විදියට කියලයි ඔහු කියන්නේ. ඒ වගේම එදා ඉඳලම සාහිත්‍ය තුළත් මෙවැනි ප්‍රේම කතා තියෙනවා වගේම ඇත්ත ජීවිතවලත් එහෙමයි කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඔහුගේ පුද්ගලික ජීවිතෙත් එහෙමයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඒ දේ කොහොමද ගැහැණියකට දැනෙන්නේ කියන තැනින් තමයිලු ඔහු මේ ගීතය ලියන්නේ. ඉතින් ගැහැනිය සංස්කෘතික වශයෙන් සාමාන්‍යයෙන් කොටුවෙලා ඉන්න නිසා එහෙම සංස්කෘතික වශයෙන් කොටුවෙලා ඉන්න ගැහැනියකට ඒක දැනෙන්නේ කොහොමද කියන එක ගැන මෙයින් කියවෙනවා කියලයි අකිල කියන්නේ. ඒ වගේම චාරුක දුෂ්මන්ත තමයි මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔහු තමයි මෑත කාලයේ ජනප්‍රිය වුණු ගීත බොහොමයක රූප රචනාව කළේ. ඒ නිසා නවීන්, චාරුක සහ අපි මේ කතා කරන අකිල තුන්දෙනාම එකතු වෙලා තමයි ඉසුරු සහ තරින්දිව රූප රචනාවට ගමු කියලා තීරණය කළේ. හැබැයි එතැනදී ඔවුන්ට ඕනේ වුණේ නැහැලු ඔවුන්ගේ පුද්ගලිකත්වය සම්බන්ධව මාර්කට් කරන්න.

ඉතින් චාරුක මෙහි ස්ක්‍රිප්ට් එක හැදුවම ඇස්වලින් කතා කරන ෂොට් තිබුන නිසා ඇස්වලින් රඟපාන්න පුළුවන් ලංකාවේ ඉන්න දක්ෂම නිළියක් වන තරින්දි. තෝරා ගත්තා කියලත් ඔහු කියනවා. මොකද කාමය, රාගය, ඇයට දැනෙන තනිකම තරින්දි ඇස්වලින් රඟපාන නිසා. ඒ වගේම ඉසුරුව තෝරා ගත්තේ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කිව්වම ඕනෙම චරිතයක් රඟපාන්න පුළුවන් සහ ඉසුරු ඉඳීම තුළ වීඩියෝ එකට බර ගතියක් දැනෙන නිසා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *