මට ලැබෙන ඕනෑම චරිතයක් මම පුළුවන් උපරිමයෙන් කරනවා, මගේ සැමියා නර්ථන ශිල්පියෙක්-ආලෝකා ධනංජනී
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ආලෝකා ධනංජනී කියලා කියන්නේ. ඉතින් පහුගිය කාලයේ යුග දිවියට එලබුනු ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ කළා කටයුතු ගැන වගේම පවුල් ජීවිතේ ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ තාක් දායක වෙලා තියෙන චරිත එකිනෙකට වෙනස් නිසා ලැබෙන ප්‍රතිචාරත් චරිතයෙන් චරිතයට වෙනස් කියලයි ඇය කියන්නේ. ඒ වගේම කොළඹ ඉතාලිය නාට්‍යයේ ඊෂාගේ චරිතයට නම් ගොඩක්ම ලැබෙන්නේ බැණුම් කියලත් ඇය කියනවා. ඒ වගේම පුංචි කාලේ ඉඳලාම ඇය රඟපාන්න හරිම ආසයිලු. හැබැයි ඇයට ඕනැ වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයට නිළියක් වෙන්න මග පෑදුන නිසා එතන ඉඳලා ඒ හීනය දිගේ තමයිලු ඇය ඉදිරියටම යන්නේ. ඉතින් ඇය මේ ගමන පටන් ගත්තේ පුංචි තැනකින් නිසා ඇයට ලැබෙන පොඩි චරිතයක් වුනත් ඒක උපරිමයෙන්ම කිරනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ දක්ෂතා දැකලා විවිධ නිර්මාණකරුවෝ ඔවුන්ගේ නිර්මාණ සඳහා ඇයව තෝරගනිද්දි කිසිම වෙලාවක ඒකාකාරී චරිත ඇයට දීලා නැහැලු. ඉතින් නවකයෙක් විදිහට ආවට බොහෝ සුවිශේෂී අවස්ථා ඇයට චරිත ඇතුළෙ ලැබිලා තියෙනවා. ඒ අතර මාණික්කාවත, ගරුඩ මුහුර්තය ඒ වගේ සුවිශේෂී අවස්ථා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම සිරස නාලිකාවේ ෆිල්ම් ස්ටාර් කියන කියන රියැලිටි තරගය හරහා තමයි ඇය කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉතින් නැටුම්වලට සහ රංගනයට ආස නිසා ඒකට ඇප්ලිකේෂන් දැම්මා කියලත් ඇය කියනවා. ඒ වගේන ඒකෙන් පස්සේ මුලින්ම සිරස නාළිකාවෙම වෙළඳ දැන්වීමකට පෙනී ඉන්න ඇයට අවස්ථාව ලැබුණා. ඉතින් ඇයට මහා ලොකු චරිත එකපාරට හම්බවුණේ නැති වුනත් ඇයට ලැබෙන පොඩි චරිත වුණත් වුවමනාවෙන් කරපු නිසා ගොඩක් අධ්‍යක්ෂවරු ඇයට හොඳ චරිතවලට අවස්ථා දීලා තියෙනවා කියලයි ආලෝකා කියන්නේ. ඒ වගේම ඇය ඇත්තටම කැමති නැහැලු ගොඩක් මේකප් දාගෙන ඉන්න චරිතවලට. කොහොම නමුත් ඇය පහුගිය දවසක විවාහ ගිවිස ගත්තා. ඉතින් ඇයගේ ආදරණිය සැමියා නාමල් කියලා කියන්නෙත් කලා ක්ෂේත්‍රයටම සම්බන්ධ නැටුම් ශිල්පියෙක්.