අනිත් කළා ශිල්පීන් වගේ නවෙයි මම මුලින්ම ජනප්‍රිය වුනේ බොඳ මිදුම් නව කතාවේ මුල් කවරයෙන්-අංජලී ලියනගේ
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියලා කියන්නේ. ඉතින් පුවත්පතක මුල් කවරය නිරෑපණය කරලා කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් නම් අපේ රටේ කවුරුත් දන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඒ වගේම ඇයගේ මුල් කවරය යොවුන් පුවත්පතක පළවෙද්දි ඇය පාසල් ශිෂ්‍යාවක්. ඉතින් තමන්ගේ රෑපය තියෙන පින්තූරයක් මුල් කවරයේ තියෙද්දි ඒකත් මාර සතුටක් නිසා ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය ඉගෙන ගත්තෙ ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ නිසා ඇයගේ මුල්ම ප්‍රවෘත්ති කවරය පළවෙද්දි ඇය දොළහ වසර ඉගෙන ගනිමින් හිටියා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය දවසක් උසස් පෙළ පන්තියේ ඉඳිද්දි ඇයට විදුහල්පතිනිය කතා කළා කියලා පණිවිඩයක් ලැබුණාලු. ඉතින් ඇය පාසලේ දඟ චරිතයක් නොවුණු නිසා ඇය විදුහල්පති කාර්යාලයට ඊට පෙර කැඳවපු ළමයෙක් නෙමෙයි කියලත් ඇය කියනවා. ඒ නිසා බයෙන් කාර්යාලයට යද්දි මැඩම්ගේ මේසේ උඩ ඇයගේ පත්තර කවරය තිබුණාලු. කොහොම නමුත් ඒ ගැන ඇයගෙන් අහද්දි මැඩම්ට බය වුණු පාර ‘ඒ මම නෙමෙයි’ කියලයි ඇය කියලා තියෙන්නේ. හැබැයි ඇය බොරු කියනවා කියලා මැඩම් දැනගත්ත නිසා ඊට පස්සෙ පාසලෙන් අයින් වෙනකම් පත්තර කවරවලට යන්නෙ නැහැ කියලා ඇය මැඩම්ට පොරොන්දු වුණාලු.

ඒ වගේම ඇය මේ වෙද්දි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තිබුණත් ඇය රඟපෑ මුල්ම චරිතය පුංචි තිරයෙන් දකිද්දි ඒක මාරයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ විදිහට මුලින්ම රඟපෑ නිර්මාණය රෑපවාහිනියෙන් දකිද්දි ඒක සප්‍රයිස් එකක් වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම වෙන අයට වැඩිපුරම රසික ප්‍රතිචාර ලැබෙන්නෙ චිත්‍රපටයකට, ටෙලිනාට්‍යයකට, වේදිකා නාට්‍යයකට, එහෙමත් නැත්නම් රෑප රචනාවකට වුනත් ඇයට ලැබුණේ පොත් කවරයකට කියලයි ඇය කියන්නේ. මොකද ඇය තමයි සුජීව ප්‍රසන්නආරච්චිගේ බොඳ මීදුම් පොත් කවරයේ හිටපු සංසලා. ඒ කාලේ බොඳ මීදුම් නවකතාවට රැල්ලක් හැදිලා තිබුන නිසා ඒ දවස්වල ඇය ගෙදර අය එක්ක නුවරඑළියේ විනෝද චාරිකාවක් ගිහින් හිටිය වෙලාවක ගැහැනු ළමයි වගයක් ඇවිත් ‘ඔයා නේද සංසලා’ කියලා ඇහුවාම ඒක මාරම සප්‍රයිස් එකක් වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒක ඇයගේ ජීවිතේ වෙනස්ම අත්දැකීමක් වුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.