මාව තේරුම් අරගෙන එකට එකතුවෙලා දියුණු වෙන්න පුළුවන් කෙනෙක් තමයි මමනම් හොයන්නේ-අංජලී ජයසිංහ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයේ වත්සලාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම නවක සුරූපී රංගන ශිල්පිනියක් තමයි අංජලී ජයසිංහ කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය IMPAS ආයතනය හරහා තමයි රංගනයට වෙලා තියෙන්නේ. ඒත් එක්කම Model with ruki academy හරහා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය පොඩි කාලේ ඉඳන් මම ආස කළේ නිරූපණ ශිල්පිනියක් වෙන්න කියලයි අංජලී නම් කියන්නේ. හැබැයි නිළියක් වෙන හීනෙත් නොතිබුණාම නෙවෙයි කියලත් ඇය කියනවා.
ඉතින් ඇයගේ පළමු රංගනය වන කෝලම්කුට්ටමේ වත්සලාගේ චරිතය හරිම සුවිශේෂීයි චරිතයක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ නාට්‍යය අනෙකුත් නිර්මාණවලට වඩා වෙනස් නිසා නාට්‍යය ආරම්භයේ ඉඳලම තියෙන්නේ වික්‍රමාන්විත දේවල් තියෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් මේ චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා කියලයි අංජලී කියන්නේ.

කොහොම නමුත් ඇය කැමති අහිංසක චරිතවලට වඩා ටිකක් දඟලලා දුවලා පැනලා හිනාවෙලා ඉන්න විනෝදකාමී චරිත කරන්නලු. ඒ වගේම ඇය රංගන ක්ෂේත්‍රයට වගේම නිරූපණ ක්ෂේත්‍රය කියන දෙකටම එකහා සමානව කැමති නිසාම මේ දිනවල තවදුරටත් හදාරමින් ඉන්නවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇය තවම පෙම්වතියක් නම් නෙවෙයිලු. ඉතින් ඇයව හොඳින් තේරුම් ගත්ත අවංක කෙනෙක් තමයි ඇයගෙ පැතුම. ඒ වගේම එකට එකතුවෙලා දියුණු වෙලා එක ගමනක් යන්න පුළුවන් නිහතමානී කෙනෙක් ලැබෙනවා නම් කැමතියි කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇය මේ වෙද්දී ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව උපාධිය අවසන් කරලා ඉන්න නිසා ඉදිරියේදී එහි Master’s degree දක්වා අධ්‍යපනය ලැබීමට බලාපොරොත්තු වෙනවා කියලයි අංජලී කියන්නේ. ඒත් එක්කම ඇයගේ රංගනය හා නිරූපණ කටයුතුත් එක හා සමානව සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.