ටීවී එකේ ලොකුවට පෙනුනට ඇත්තටම මම පෙනුමෙන් හරි පුංචියි, ඉස්සර ඉදන්ම මම ආසම චිත්‍ර අඳින්න-අංජලී මෙත්සරා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි අංජලී මෙත්සරා කියලා කියන්නේ. ඒ වගේම ඇය මුලින්ම රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණු ඉන්දික ෆර්ඩිනැන්ඩෝගේ හෝ ගානා පොකුණ චිත්‍රපටයේ අන්ධ දැරිවියකට රංගනයෙන් දායක වෙමින්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වල ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය පසුගිය දිනවල නිමාවට පත්වුණු ලිට්ල් ටයිට්න් වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා. ඉතින් දැන් ටෙලි නාට්‍ය පසුබිම් ගායනයත් කරගෙන යනවා කියලත් ඇය කියනවා. ඒ හැරුණු විට චිත්‍රපටයකට වගේම ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබුන නිසා ඒවාට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි අංජලී කියන්නේ.

ඒ වගේම ඇය ගායනය, රංගනය, නිවේදනය කියන තුනම සමබරව කරගෙන ගියත් වැඩි කැමැත්තක් තියෙන්නේ චිත්‍ර අඳින්න කියලත් ඇය කියනවා. කොහොම නමුත් මුලින්ම ඇය සම්බන්ධ වුණේ දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනට. ඒ 2011 වර්ෂයේ. ඉතින් වයස අවුරුදු 8න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරුව බවට පත්වුණාට පස්සේ ඇයගේ ගීත කිහිපයක්ම 2018 රාජ්‍ය සංගීත සම්මාන උළෙලට නිර්දේශ වුණා ප්‍රශස්තතම ළමා ගායිකාව විදිහට. ඉතින් ඊට පස්සේ තමයි 2015 වසරේදී ප්‍රදර්ශනය වුණු ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයට ඇය රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ චරිතය වෙනුවෙන් ඇයට හිරු ගෝල්ඩන්, සිග්නීස් වගේම ජනාධිපති සම්මානත් හිමි වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ටී.වී එකේ ඇයව ලොකුවට පෙනුණට ඇත්තටම ඇය පෙනුමෙන් හරි පුංචියි කියලත් අංජලී කියනවා. ඒ නිසා ඇයව ඇත්තටම දකින ගොඩක් දෙනකුට ඇයව අඳුනගන්න බැරි වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් දෙතුන් පාරක් බලලා ටිකක් වෙලා ගිහින් තමයිලු ආහ් මේ අංජලී නේද කියලා ඇයව අඳුනගන්නේ. ඒ වගේම ඇය මේ වෙද්දී ළමා ගීත නම් 6ක් විතර කරලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඊට අමතරව ඩ්‍රීම් ස්ටාර් අවසන් කිහිප දෙනා යොදාගෙන එෆ්. එම්. දෙරණින් ගීත කිහිපයක් කළා කියලත් ඇය කියනවා. ඉතින් දැන් ඇයගේම සින්දුවක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.