මම තවම පෙම්වතියක් නෙවෙයි, මගේ තාත්තා වගේ මට ආදරය කරන මාව රැකබලාගන්න කෙනෙක් තමයි හොයන්නේ-අනුරාධා එදිරිසිංහ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කෝලම්කුට්ටම සහ අක්ෂි කියන ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියලා කියන්නේ. ඉතින් එකිනෙකට වෙනස් වූ චරිත හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මෙතෙක් කළ චරිත අතරින් ඇයගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදියට දකින්නේ තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂවරයා කළ රාවණ නිර්මාණයේ මම කළ පුෂ්පෝත්කතා කියන චරිතය කියලයි ඇය කියන්නේ. ඒ නිසා අදටත් ඇය කැමතිම චරිතය පුෂ්පෝත්කතා චරිතයලු. ඒ වගේම ඇය අද ඉන්න තැන ගැන ඇයට තෘප්තියක් තියෙනවා කියලත් අනුරාධා කියනවා. ඒත් එක්කම ඇය මේ වෙනකම් විවිධ අධ්‍යක්ෂවරු යටතේ කළ නිර්මාණ ඇතුළේ ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සකර්ම හි ඇයගේ චරිතය වෙනුවෙන් 2021 වසරේ රයිගම් සම්මාන උෙලළේ දී විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නිළියට හිමි සම්මානය ඇයට හිමිවුණා. ඉතින් ඇයට ලැබුණු හැම අත්දැකීමක්ම ඇයගේ ගමනට ශක්තියක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම තව යන්න බොහෝ දුරක් තියෙන නිසා හොඳ නිර්මාණ එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය තවම අදරවන්තියක් නම් නෙවෙයිලු. ඉතින් අදටත් ඇයව ගොඩක් වටිනවා කියන දේ දැනුණු පිරිමි චරිතය තමයිලු ඇයගේ තාත්තා. ඉතින් පුංචි කාලේ ඉඳලා තාත්තාගේ සෙවණේ හැදිලා වැඩිලා, තාත්තාගේ ආදරේ දැකලා, තාත්තගේ ගති ගුණ දැකලා, තාත්තා අම්මට ආදරේ කරපු විදිය සලකපු විදිය මේ හැමදෙයක්ම දැකලා ඇයගේ හිතෙත් වැඩිපුරම තියෙන්නේ ඒ ගතිගුණවලට සමාන කෙනෙක් කියලයි ඇය කියන්නේ.

ඉතින් ඇය හොයන්නේ තාත්තා වගේ ගතිගුණ තියෙන කෙනෙක් කියලත් අනුරාධා කියනවා. ඒ වගේම තාත්තට ඇයව සැහෙන්න වටිනවා වගේම මොන දේ වුණත් ඇයගේ ළඟින්ම ඉන්නවාලු. ඉතින් ඒ වගේ ආදරයක්, ඒ වගේ වටිනාකමක් දැනෙනවා නම් ඒක තමයි ආදරය කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.