මම රඟපාපු මම අදටත් ආසම චරිතය පුශ්පොත්කතා චරිතය, මම ටිකක් දඩබ්බර වුනාට එකෙන් කාටවත් හානියක් නැහැ-අනුරාධා එදිරිසිංහ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කෝලම් කුට්ටම සහ නන්නත්තාර ටෙලිනාට්‍ය දෙක හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියලා කියන්නේ. ඒ වගේම ඇය කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වල කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදු කෙරෙනවා වුනත් නන්නත්තාර ටෙලි නාට්‍යයේ නම් රූගතකිරීම් මේ වන විට අවසන් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මෙතෙක් රඟපෑ චරිතවලින් වඩාත්ම හිතට දැනුණු නිර්මාණ කිහිපයක්ම තිබුනත් ඒ අතරින් රාවණා නිර්මාණයේ ‘පුශ්පෝත්කතා’ කියන චරිතය ඇයට හුඟක්ම දැනුණු චරිතයක් කියලත් අනුරාධා කියනවා. මොකද ඒක තමයිලු රූපවාහිනියේ විකාශනය වුණු ඇයගේ පළමුවැනි වගේම ප්‍රධාන චරිතය. ඉතින් ඊට පස්සේ ගිරිදේවි ටෙලි නාට්‍යයේ රූපිකා, ගරුඩ මුහුර්තයේ පුසුඹි, මැටි කඩුලු නිර්මාණයේ හීන් මැණිකා කියන චරිතත් ඇය බොහොම කැමැත්තෙන් බාර ගත් හිතට දැනුණු චරිත කිහිපයක් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ වෙළඳ දැන්වීමක් හරහා. කොහොම නමුත් ඒ අවස්ථාව ඇයට ලැබුණේ අහම්බෙන් කියලත් අනුරාධා කියනවා. ඉතින් එතැනින් ආරම්භ කරපු ගමන තමයිලු ඇය තමවත් මේ යන්නේ. ඒ වගේම කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ හිරුණි ටීචර් කියන්නේ ටිකක් දඩබ්බර චරිතයක්. නමුත් ඇය සැබෑ ජීවිතේ එහෙම නැහැලු. හැබැයි අසාධාරණයක් දැක්කොත් ඒකට කතා කරනවා කියලත් ඇය කියනවා. මොකද කවුරුහරි බොරු කිව්වොත් නම් ඇයට හුඟක් තරහ එනවාලු.

ඒ වගේම හිරුණි කියන චරිතය තමන්ගේ රැකියාව රැකගන්න කරන්න පුඵවන් හැමදේම කරන කෙනෙක් වුනත් ඇය සැබෑ ජීවිතේ ඇය එහෙම චරිතයක් නෙවෙයි කියලයි අනුරාධා නම් කියන්නේ. හැබැයි දඩබ්බරකම නැත්තෙම නැහැ කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇයගේ දඩබ්බරකමෙන් කිසිම කෙනෙක්ට හානියක් නැහැලු. ඉතින් ඇයට ලැබෙන නිර්මාණය කුමක් වුවත් ඒ නිර්මාණය වෙනුවෙන් උපරිමය කිරීමට වෙහෙසෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය හිතන්නේ හැම දෙයක්ම වෙන්නේ වෙන්න තියන හොඳම විදියට කියලයි.