Watapita

Just another WordPress site

දැන් ලියවෙන ගොඩක් ගීත වල කිසිම තේරුමක් නැහැ, ඒ නිසාම මල් ගීත වලට වැඩි ආයුෂ නැහැ-අනූෂා එම් මනතුංග

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන අපේ රටේ ඉතාම ජනප්‍රිය වුනු ගීත රැසක් රචනා කල දක්ෂ ජනප්‍රිය ගී පද රචනා ශිල්පිනියක් තමයි අනූෂා එම් මනතුංග කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය රචනා කල අලුත් සින්දුවක් ළඟදීම එන්න තියෙන නිසා මේ දවස්වල ඒ වැඩකටයුතුත් එක්ක රැඳිලා ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ ගීත නිර්මාණ ගැන කතා කරද්දී ඇයගේ පළමුවෙනි ගීතය වෙන්නෙ විශාරද සුභානි හර්ෂනී ගායනා කරන නෙත් මානෙන් කියන ගීතය. ඉතින් එම ගීතය ඇයගේ ආදර සම්බන්ධයක් බිද වැටීමත් එක්ක ඇයගේ මානසික සුවය බලාපොරොත්තුවෙන් කරපු නිර්මාණයක් කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය එතනින් එහාට නිර්මාණ කරන්න හිතුවෙ නැති වුනත් පළමු ගීතයට ලැබුන ප්‍රතිචාර එක්ක තව නිර්මාණ කරන්නට ආසාවක් ඇති වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ විදියට ඇයගේ අතින් ලියවුණු ගීත තමයි ගායන ශිල්පිණී මංජුලා දිල්රුක්ෂි ගයන පාරමී දම් පුරා සහ ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණ ගායනා කරන පාට පාටින් වගේ ගීත.

කොහොම නමුත් සමකාලීන පද රචනය ගැන නම් ඇයට තියෙන්නේ හරිම කණගාටුවක් කියලයි ඇය කියන්නේ. මොකද එම ගීත වල කියන්නේ මොනවද තියෙන්නේ මොනවද කියලවත් ඇත්තටම කිසිම තේරුමක් නෑ කියලත් ඇය කියනවා. ඉතින් නව පරපුරේ බොහෝ දෙනෙක් ඇලුම් කරන්නෙ මල් ගීතවලට වුනත් ඒවට ආයුෂ නෑ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය කියන්නෙ මේ මල් සිංදු කලාවෙන් මිදිලා සමාජයට යහපතක් වෙන නිර්මාණ කරනවනම් ඇත්තටම ඒක ලොකු දෙයක් කියලයි.

ඒ වගේම ඇය දැන් වෙනත් ගීතත් ලියලා තියෙන නිසා ඒවත් එක්ක ඉස්සරහට වෙනසක් වෙයි කියලත් ඇය කියනවා. ඉතින් පද රචකයෙක් වෙන්න හැකියාව විතරක් නෙමෙයි දැනුම වගේම කැපවීමත් අවශ්‍යයයි කියලයි අනූෂා කියන්නනේ. ඒ වගේම ඇය දැනට පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙන නිසා ඒ වැඩකටයුතුත් කරන ගමන් පදරචනයෙන් සමාජයට උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *