මම අලුත්ම ගීතයක් ගායනා කලාට රංගනයෙන් ඉවත් වෙලා නැහැ, මේ ගීතය මට අම්මගෙන් ලැබුණු තෑග්ගක්-ආශා එදිරිසිංහ
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් මෙන්ම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියලා කියන්නේ. ඉතින් ඇය හීන හතක්, ස්ටුඩියෝ වන් වගේ වැඩසටහන් නිවේදනය කළා. ඒ වගේම අළු බඳුන, වර්ණ, සුළඟ වැනි ටෙලිනාට්‍ය ඔස්සේද ඇය අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්තා. ඒත් එක්කම ඇයගේ අලුත්ම ගීතය වන ‘ආදරේ මගේ වුණා’ ගීතය මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියයි. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් පසුගිය දිනවල ඇයගේ අලුත් ගීතයේ වැඩකටයුතු සමඟ කාලය ගත කළා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ ගීතය හදිසියේ නිර්මාණය වුණු ගීතයක් වගේම ඇයගේ උපන්දිනයට ඇයගේ අම්මාගෙන් ලැබුණු තෑග්ගක් කියලත් ආශා කියනවා. කොහොම නමුත් හදිසියේ නිර්මාණය කරපු ගීතයක් නිසාම ඇය ලොකු ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ කියලයි ඇය කියන්නේ. නමුත් ඉතා හොඳ ප්‍රතිචාර ගීතයට ලැබුණාලු.
ඒ වගේම ගොඩක් ඇය හිතාගෙන හිටියට ඇත්තටම ඇය රංගනයෙන් ඉවත්වෙලා හිටියේ නැහැ කියලත් ඇය කියනවා. ඇය රංගනයෙන් දායක වුණු නිර්මාණ පහක් විතර තිබෙනවා වුනත් ඒවා තවම ටෙලිකාස්ට් වුණේ නැහැලු. ඉතින් එම නාට්‍ය මිනිසුන්ට දකින්නට නොලැබෙන නිසා ගොඩාක් අය හිතන්නේ ඇය රංගනයෙන් ඈත් වෙලා ඉන්නවා කියලාලු.

ඒ වගේම ඇය මෙතෙක් ආපු ගමන ගැන ඇයට හරි සතුටුයි කියලත් ආශා කියනවා. ඉතින් පුංචිම කාලේ ළමා නිළියක් විධියට ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා ගොඩක් නිර්මාණවලට දායක වෙන්න හැකි වුණා වගේම අධ්‍යාපන කටයුතුත් හොඳින් අවසන් කරන්න හැකි වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධියත් හැදෑරුවා. ඉතින් ඒ දේවල් එක්ක රංගනය, නිවේදනය වගේම ප්‍රඩක්ෂන් හවුස් එකකුත් නිර්මාණය කරගන්නත් මේ වනවිට ඇයට හැකිවෙලා තියෙනවා.

ඒත් එක්කම ඇය මිනිස්සු අදටත් ආදරය කරන ටෙලි නිර්මාණවලට රංගනයෙන් දායක වුණා වගේම වසරේ ජනප්‍රියම නිළිය විධියට එක පිට වසර දෙකක් ඇය සම්මානයටත් පාත්‍ර වුණා. ඒ වගේම රාජ්‍ය සම්මාන පවා ඇයට මේ වනවිට ලැබිලා තියෙනවා. ඉතින් ආපස්සට හැරිලා බලනකොට ඇය ආපු ගමන ගැන ඇයට අහිංසක සතුටක් තිබෙනවා කියලයි ආශා කියන්නේ. නමුත් චිත්‍රපට මඟහැරුනත් ඒ ගැන දුක්වෙන්නේ නෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.