මම මුලින්ම රඟපෑවේ අවුරුදු එකොළහේදී, අකමැත්තන් රඟපෑවට ටීවී එකේ දකිද්දී පුදුම සතුටක් දැනුනේ-ආශා එදිරිසිංහ
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියාලා කියන්නේ. ඉතින් ඇය දැන් ගායන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය ගායන කල අලුත්ම ගීතය තමයි ‘ආදරේ මගේ වුණා’ කියන ගීතය. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ‘ආදරේ මගේ වුණා’ ගීතය ඇත්තටම ඇයට සප්‍රයිස් එකක් වුණා කියලයි ආශා නම් කියන්නේ. මොකද මුලින්ම 2010 අවුරුද්දෙ සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායමත් එක්ක ‘කිචිබිචියට ගී ගයන්න’ ගීතය ගායනා කළාට පස්සෙ ඇය ගීත කිහිපයක්ම ගායනා කළත් ඇය තනිවම ගායන කල පළමු ගීතය මෙය නිසා. ඉතින් 2022 අවුරුද්දෙ ඔක්තෝබර් මාසේ තිබුණු ඇයගේ උපන් දිනයට තෑග්ග විදිහට තමයිලු ඇයට මේ ගීතය තෑගි ලැබුනේ. ඉතින් ගිය අවුරුද්දේ ඇයගේ අම්මා ඇයට දුන්න තෑග්ග තමයිලු මේ.

ඒ වගේම මුලින්ම සම්මානයක් විදිහට 2013 අවුරුද්දෙ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය ඇයට හිමි වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ‘අළු බඳුන’ ටෙලිනාට්‍ය විකාශය වෙච්ච කාලෙදි තමයිලු ඇයට ඒ සම්මානය ලැබුණෙ. ඉතින් ඒ මොහොතෙදි ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය වෙනුවෙන් සම්මානය හිමිවෙද්දි ඇයට ලොකු සතුටක් දැනුණා කියලත් ආශා කියනවා. මොකද ඒ ඇයට ජීවිතේ ලැබුණු මුල්ම සම්මානය නිසා.

ඉතින් අද වෙද්දි ආශා එදිරිසිංහ සම්මානයට පාත්‍ර වුණු දක්ෂ වගේම ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය අවුරුදු එකොළහේදි රඟපාපු ‘ගිරිකුල අන්දරය’ ටෙලිනාට්‍ය තමයි ඇයගේ මුල්ම රංගනය වුණේ. කොහොම නමුත් ඇය ඒකෙ හරිම අකමැත්තෙන් කියලත් ආශා කියනවා. හැබැයි අඬ අඬා රඟපෑවට මේ ටෙලිනාට්‍ය විකාශය වෙද්දි ඇයට පුදුම සතුටක්ලු දැනුනේ. ඉතින් ඉස්සර ඒක බදාදා දවස්වල රූපවාහිනියෙන් විකාශය වුණ නිසා බදාදා වෙනතුරු ඇය ඒ කාලෙ හැමදාම බලාගෙන හිටියා කියලයි ආශා කියන්නේ. ඒ වගේම ඇයට ඉස්සර ටිකක් ලොකු රූපවාහිනියක් තිබුන නිසා ඇයව ඒකෙන් ලොකුවට දකිද්දි ඇයට පුදුම සතුටක් දැනුනා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.